March, 30, 2016
සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 2.9 ක දැවැන්ත බෝනස් මුදලක් ප‍්‍රදානය කිරීමට දේශීය ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ගෙන ඇති තීරණය හේතුවෙන් මේ අපේ‍්‍රල් මාසයේදී ඔවුනට සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දට අමතරව සැමරීම සඳහා තවත් සුවිශේෂී අවස්ථාවක් උදාවනු ඇත.
සමාගම විසින් මේ සතියේදී නිවේදනය කළ මෙම වාර්ෂික බෝනස් සහ ‘අවුරුදු කෑෂ්’ බෝනස් මුදල් මගින් රක්ෂණ ඔප්පු හිමියන් 300,000 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රතිලාභ ලබයි.
සමාගම විසින් මේ වසරේදී ප‍්‍රදානය කරන වාර්ෂික බෝනස් මුදල සෙලින්කෝ ලයිෆ් ඉතිහාසයේ ලබාදෙන දැවැන්තම බෝනස් මුදල වන අතර සමාගමේ ජීවිත අරමුදල විසින් 2015 මූල්‍ය වසරේදී ජනිත කළ අතිරික්තයට අනුව මෙම බෝනස් මුදල ගෙවීම සිදුකරයි. සෙලින්කෝ ලයිෆ් රක්‍ෂණ ඔප්පුවක් නිකුත් කරන පළමු වසරේ සිටම ඒ සඳහා බෝනස් ලබාදෙන සමාගමේ ප‍්‍රතිපත්තිය යටතේ පෙර වසර වලදී මෙන්ම, 2015 දෙසැම්බර් මාසයේදී රක්ෂණ ඔප්පු මිලදීගත් ඔප්පු හිමියන් පවා බෝනස් මුදලක් ලැබීමට මෙවරත් සුදුසුකම් ලබයි.
සුදුසුකම් ලැබූ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 2.9 ක් වටිනා වාර්ෂික බෝනස් සහතික තැපැල් මාර්ගයෙන් අපේ‍්‍රල් සහ මැයි මාස තුළදී සමාගම විසින් එවනු ලබයි. මෙහිදී, සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් සමහරකට සිංගප්පූරුව වෙත සංචාරයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් දිනාගැනීමට සුදුසුකම් ලැබීම සඳහා සිය ජීවිත රක්ෂණ ආවරණය වැඩිකර ගැනීම හෝ විශ‍්‍රාම සැලසුමක් ලබාගැනීම සඳහා ආරාධනාවක්ද යොමු කරනු ඇත.
මේ අතර, සමාගම සඳහන් කරන්නේ සෙලින්කෝ ලයිෆ් වෙත තිබෙන පක්ෂපාතීත්වය අගය කරමින් ලබාදෙන ප‍්‍රතිලාභයක් ලෙස රක්ෂණ ඔප්පු හිමියන් 16,000 දෙනෙකුට ඉතාමත් ඉක්මනින් මුදල් කළ හැකි රුපියල් මිලියන 66.2 ක් වටිනා චෙක්පත් මේ අපේ‍්‍රල් මාසය මුලදී ‘අවුරුදු කෑෂ්’ බෝනස් ලෙස ප‍්‍රදානය කරන බවයි. මෙම බෝනස් චෙක්පත් සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ නිවෙස් වෙතට තැපැල් කරනු ලබයි.
2015 දෙසැම්බර් 31 වනදා වනවිට ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ ඔප්පුවේ කාලය අවුරුදු 10, 15, 20 සහ 25 ක් සම්පූර්ණ කර තිබෙන විට මෙම කෑෂ් බෝනස් මුදල් ලබා ගැනීමට සුදුසුකම් ලබයි. දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රය තුල මෙවැනි කෑෂ් බෝනස් මුදලක් ප‍්‍රදානය කරන එකම රක්ෂණ සමාගම වන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමයි.
මේ අනුව, 25 වන වසර සම්පූර්ණ කරන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහාම රුපියල් 100 ක කෑෂ් බෝනස් මුදලක් හිමිවන අතර අවුරුදු 20 ක් සපුරන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහා රුපියල් 75 ක කෑෂ් බෝනස් මුදලක් හිමිවේ. මීට අමතරව, වසර 15 ක් සපුරන ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහා රුපියල් 50 ක කෑෂ් බෝනස් මුදලක්ද, වසර 10 ක් සපුරන ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂිත මුදලෙන් සෑම රුපියල් 1000 ක් සඳහා රුපියල් 25 ක කෑෂ් බෝනස් මුදලක් පිරිනමයි.
මෙම පදනමට අනුව රුපියල් මිලියනයක ප‍්‍රාණවත් ඔප්පුවකට වසර 10 ක් අවසානයේ දී රුපියල් 25ල000ක, වසර 15 ක් අවසානයේ දී රුපියල් 50ල000ක, වසර 20 ක් අවසානයේදී රුපියල් 75ල000ක සහ වසර 25 ක් අවසානයේදී රුපියල් 100,000ක කෑෂ් බෝනස් ප‍්‍රතිලාභයක් හිමිවෙයි.
මේ වසරේ ගෙවන කෑෂ් බෝනස් මුදල්ද සමග සෙලින්කෝ ලයිෆ් විසින් ගෙවූ සමස්ත කෑෂ් බෝනස් මුදල්වල වටිනාකම රුපියල් මිලියන 410 ක් ඉක්මවා යයි.
ශ්‍රී ලංකාවේ වටිනාම වෙළෙඳ නාමයක් ලෙස ස්වාධීන ඇගයීමට ලක්වූ සෙලින්කෝ ලයිෆ් 2004 සිට මේ දක්වා දීර්ඝ කාලීන රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට කළ නායකත්වය එලෙසම රඳවා ගැනීමට සමත්ව තිබෙන අතර සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.
Video Story