March, 30, 2016
‘දිය සිත්තම්’ පාසැල් චිත‍්‍ර තරගය පවත්වමින් 2016 ලෝක ජල දිනය සමරයි
ජලය සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පාසැල් දරුවන්ගේ අදහස් චිත‍්‍ර මගින් ප‍්‍රදර්ශනය කිරීමේ නව වැඩසටහනක් 2016 ලෝක ජල දිනය සැමරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් පාසැල් 37 ක් සම්බන්ධ කරගනිමින් ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.
‘දිය සිත්තම්’ නමින් නම්කළ මෙම වැඩසටහන බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාරක අංශය වන ‘බින්දු’ පදනම විසින් සංවිධානය කළ අතර මෙම පාසැල් අතුරින් තේමාවන්ට අනුව පාසල තුළ බිතු සිතුවම් නිර්මාණය කළ පාසැල් නමයක් සඳහා මෙරට ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය විසින් මුදල් ආධාර ප‍්‍රදානය කරන ලදී.
ශ‍්‍රී ලංකාව පුරා විහිදුණු බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් කර්මාන්ත ශාලා ආශ‍්‍රිතව සංවිධානය කළ මෙම වැඩසටහන මගින් භූගෝලීය සහ සමාජීය වශයෙන් එකිනෙකට වෙනස් මඩකළපුව, පොලොන්නරුව, ගිරිතලේ, කොග්ගල, නිවිතිගල, රිදීගම, සීදුව, රත්මලාන සහ අවිස්සාවේල්ල ඇතුළු තවත් බොහෝ පළාත්වල පාසැල් දරුවන් සම්බන්ධ කරගත් අතර මෙරට බොහෝ ප‍්‍රජාවක් මුහුණ දෙන ජල ගැටලූ පිළිබඳව සිය චිත‍්‍ර මගින් ප‍්‍රදර්ශනය කිරීමට මෙම දරුවන් සමත්වීම කැපී පෙනේ.
‘‘මෙම චිත‍්‍ර තරඟය සඳහා දරුවන් සිය ගණනකගෙන් ලැබුණු ඉහළ ප‍්‍රතිචාරය අපිව දිරිමත් කරන සුළුයි.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාරක සහ ආයතනික සන්නිවේදන ප‍්‍රධානී අනුෂා අලස් මහත්මිය පැවසුවාය. ‘‘අපගේ අනාගත පරපුරෙන් කොටසක් ජලය සුරැකීම සහ භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට මෙය හොඳ අවස්ථාවක් වුණා. මෙහිදී කැපී පෙනෙන්නේ ඔවුන්ගේ කලා කුසලතා දියුණු කරන අතරම ඔවුන්ට විනෝදය සපයමින් මෙම දැනුවත් කිරීම සිදුකිරීමට හැකිවීමයි.’’
මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා විසින් තම ප‍්‍රදේශවල පාසැල් වලට මෙම චිත‍්‍ර තරගය සඳහා ආරාධනා කර තිබුණි. ‘රැකෙන්නට අප - රකිමු දියවර’ යන තේමාවන්ගෙන් යුතුව මෙම චිත‍්‍ර අදාළ පාසැල්වල තාප්පවල නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තීන්ත, පින්සල් ඇතුළු සියළුම උපකරණ බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් සම්පාදනය කර තිබුණි. මෙම තරඟය සියළුම වයස් මට්ටම්වල පාසැල් දරුවන් සඳහා විවෘත විය.
මෙම බිතු සිතුවම් අගයමින් ඒවා තෝරාගැනීම සඳහා විනිසුරු මඩුල්ලක් දිවයින පුරාම සංචාරය කළ අතර අවසානයේදී ගිරිතලේ මැදිරිගිරිය මධ්‍යම මහා විද්‍යාලය, රත්මලාන ශ‍්‍රී රාහුල මහා විද්‍යාලය, කොග්ගල හල්පාතොට රෝමානු කතෝලික විද්‍යාලය, රත්මලාන කඩවල නවෝද්‍යා මධ්‍යම මහා විද්‍යාලය සහ කටුනායක පීල්ලවත්ත ඩේවිඩ් ද සිල්වා කණිෂ්ඨ විද්‍යාලය යන පාසැල් පහ හොඳම නිර්මාණ සිදුකළ පාසැල් බවට තේරී පත්විය. මෙම සෑම පාසැලක් වෙනුවෙන්ම බ‍්‍රැන්ඩික්ස් විසින් රුපියල් 200,000 ක් බැගින් ප‍්‍රදානය කළ අතර තරඟය සඳහා සහභාගී වූ ප‍්‍රාථමික විදුහල් හතර වෙනුවෙන් රුපියල් 375,000 ක සමස්ත මුදල් ත්‍යාගය සමූහය විසින් පිරිනැමීය.
ජල සම්පත් කළමනාකරණය මෙන්ම ප‍්‍රවේශය සහ සංරක්ෂණය වර්ධනය කිරීම පිළිබඳව සිය සේවකයින් සහ ප‍්‍රජාව දැනුවත් කිරීම, මෙවැනි ක‍්‍රියාකාරකම් සඳහා ත්‍යාග ලබාදෙමින් දිරිමත් කිරීම සෑම වසරකම මාර්තු 22 වනදාට යෙදෙන ලෝක ජල දිනය සැමරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය විසින් සිදු කරයි.
බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් මෙරට විශාලතම තනි ඇඟලූම් අපනයන කරුවා වන බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මානලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී. බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන සමාජ සත්කාරක ක‍්‍රියාකාරකම් වලට මූලික තේමාව වන්නේ ‘ජලය’ වන අතර ජල සම්පත වැඩිකර ගැනීමට දිගු කාලීනව කැපවීම මෙන්ම අත්‍යවශ්‍යම පිරිස් වලට සුරක්ෂිත පානීය ජලය සැපයීමද එහි අරමුණු අතර වේ.
බ‍්‍රැන්ඩික්ස් ‘දිය සිත්තම්’ තරඟය සඳහා සහභාගී වූ පාසල් කිහිපයක තාප්ප වල ඇදි සිතුවම්.
Video Story