April, 1, 2016
“යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමය“ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ යන සම්මාන ද හිමිවෙයි.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති 2016 ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ දී අඛණ්ඩව දසවැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාමය ලෙස සිංගර් ජනතා සම්මානයට පාත්‍ර විය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය “ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ ලෙසින් සිංගර් ආයතනය පිදුම් ලැබීය.
ස්ලිම් නීල්සන් සම්මාන උළෙල මෙරට පාරිභෝගිකයින් අතර වඩා ජනප්‍රිය මෙන්ම පාරිභෝගික ආකර්ශනය දිනාගත් වෙළඳ නාම සහ පුද්ගල නාම සඳහා සම්මාන පිරිනමන දැවැන්ත වාර්ෂික උළෙලකි. මෙම සම්මාන උළෙල Sri Lanka Institute of Marketing (SLIM ) ආයතනය මඟින් සංවිධානය කරයි.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ මෙම සම්මාන උළෙල සුවිශේෂි සම්මාන උළෙලක් ලෙස සටහන් වන්නේ නාම යෝජනා සහ ජයග්‍රාහකයින් යන දෙපාර්ශවයම ජනතාව විසින් තෝරා ගැනීම හේතුවෙනි. ලොව විශාලතම වෙළඳ සමීක්ෂණ ආයතනය වන නීල්සන් හි ශ්‍රී ලංකා ශාඛාව මගින් දිවයින පුරා පවත්වන වෙළඳ සමීක්ෂණ පදනම් කර ගනිමින් මෙම සම්මාන සඳහා වෙළඳ නාම යෝජනා කිරීම සහ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදුකෙරේ. මේ නිසා මෙම සම්මාන උළෙලේ දී නිරූපණය වන්නේ සැබෑ පාරිභෝගික ජනතා මතයයි.
අඛණ්ඩව දස වසරක් පුරා ජනතා සම්මානයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පිළිබඳව අදහස් දක්වන සිංගර් ශ්‍රී ලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ “මෙම ජයග්‍රහණය සිංගර් පවුලේ සැම ලද සුවිශේෂි ගෞරවයක් බවයි. ශ්‍රී ලංකාවේ සියලුම පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් අතුරින් ජනතාව විසින් සිංගර් විශිෂ්ටතම වෙළඳ නාමය ලෙස ඔසවා තැබීමෙන් සිංගර් සමාගම ජනතා හදවත් වලට සමීප වී ඇති ආකාරය පැහැදිලි වන බවද හෙතෙම අවධාරණය කළේය. සිංගර් සතු පාරිභෝගික සත්කාරයේ සුවිශේෂි භාවය සහ සිංගර් වෙළඳ නාමය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය මෙම සම්මානය හිමිවීම තුළින් තහවුරු වන බවද අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේය. සමාජ සේවා වැඩසටහන් වලදී සිංගර් දක්වා ඇති දායකත්වය පාරිභෝගිකයින් සමඟ ස්ථිර බැඳීමක් ගොඩනංවා ගැනීම දක්වා පුළුල් වී ඇති බවත්, ක්‍රීඩා, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන් තුළ විවිධ අවස්ථාවන් වලදී අනුග්‍රාහක දායකත්වය දැක්වීම ආදී කරුණු මඟින් එම බැඳීම තවදුරටත් ශක්තිමත් වී ඇති බවද අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේය.
සිංගර් යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය බවට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දුන්නේ දිගු ඉතිහාසයකට හිමිකම් කියන සමාගමක් වුව ද, අති සාර්ථක අන්දමින් යෞවනය හා නව තාක්ෂණය සම්බන්ධ කිරීම තුළින් වර්තමාන යොවුන් පරපුරේ හදවත් දිනාගැනීමට ද අප ආයතනය සමත් වී ඇති බවයි. යෞවනයින් අතර ඉතා ජනප්‍රිය පරිගණක සහ ස්මාර්ට් ෆෝන් ආදී නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව තිළිණ කිරීම මඟින් සහ යොවුන් ක්‍රීඩා ඇතුළු විවිධ අවස්ථා රාශියකට අනුග්‍රහය දැක්වීම මඟින් සිංගර් යොවුන් සිත් සතන් ජයගෙන ඇති බව ද අශෝක පීරිස් මහතා අවධාරණය කළේය.
ලොව ප්රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට පාරිභෝගිකයින්ට තිළිණ කරන සිංගර් ශ්‍රී ලංකා අයතනය Singer, SISIL, Samsung, Hitachi, TCL, Beko, Sony, Huawei, Dell, Sharp සහ Mitsubishi යන නිෂ්පාදන මෙරට පාරිභෝගිකයින්ට සමීප කරයි. දිවයින පුරා විහිදුන 400 කට අධික ශාඛා ජාලය ඔස්සේ සිංගර් මෙම නිෂ්පාදන අලෙවි කරයි. මීට සමගාමීව අලෙවියෙන් පසු සේවා සැපයීමේ ක්රියාන්විතයක්ද ක්‍රියාත්මක නිසා තවදුරටත් සිංගර් වෙළඳ නාමය පිළිබඳව පාරිභෝගික විශ්වාසය තහවුරු වී තිබේ. එමෙන් ම මෙම භාණ්ඩ මිලදී ගැනීමේ දී සිංගර් ආයතනය ඉතා නම්‍යශීලි සේවාවක් සපයනු ලබයි. ආකර්ශණීය පහසු ගෙවීමේ ක්‍රම, සහ විශේෂ වට්ටම් ආදී සහන රැසක් පාරිභෝගිකයාට හිමිවෙයි.
සිංගර් ශ්‍රී ලංකා සමාගම කෙරෙහි ඇති ජනතාව විශ්වාසය තහවුරු වීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සමාජ මෙහෙවරෙහි කැපී පෙනෙන සේවාවක් ඉටු කිරීමයි.
විවිධ ක්ෂේත්‍ර වල විවිධ ව්‍යාපෘතින් සඳහා සිංගර් සිය දායකත්වය දක්වා තිබේ. අධ්‍යාපන ක්ෂේත්රය සලකා බැලීමේ දී දුෂ්කර පාසල් සඳහා පානීය ජලය, ගෘහභාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, සහ අනිකුත් පහසුකම් සැපයීම සිංගර් විසින් සිදුකර තිබේ. තවද ශාඛා 64ක් පුරා විහිදුනු ෆැෂන් ඇකඩමි ආයතනය මඟින් ඇඳුම් මැසීම, එම්බ්‍රොයිඩර්, ආදී අංශ සඳහා දහස් ගණනක් සිසුන් පුහුණු කර තිබේ. මෙමගින් ඇඟළුම් ක්ෂේත්රයේ රැකියා සඳහා සහ ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ කාර්යය ට ද සිංගර් දායකත්වය දක්වා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව සවිධානය කරන සිංගර් සුප ශාස්ත්‍ර වැඩමුළුව මඟින් දිවයින පුරා පාසැල් වල ගෘහ විද්‍යාව හදාරන සිසු සිසුවියන් අතර සෞඛ්‍ය ආරක්ෂිතව ඉවුම් පිහුම් කටයුතු කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව අවබෝධය වර්ධනය කර තිබේ. සෞඛ්‍ය ක්ෂේත්රය සලකා බැලීමේදී මේ වනවිට බරපතල සෞඛ්‍ය ගැටළුවක්ව පවතින වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා වන “Thirst for Life” ව්‍යාපෘතිය සඳහා සිංගර් සිය දායකත්වය දක්වා තිබේ.
Video Story