April, 6, 2016
ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු, වෘත්තිකයෙකු මෙන්ම ජනාදරය දිනූ විශිෂ්ඨ ලාංකිකයෙකු වන කුමාර් සංගක්කාර මහතා පුද්ගල සංවර්ධනය වෙනුවෙන් නායකත්වය පිළිබඳව සිදුකරන සුවිශේෂී අන්තර්ජාල පාඩම් මාලාවක් අන්තර් ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් ආරම්භ කිරීමට සූදානම් වේ.
ලෝක ක‍්‍රිකට් වංශ කතාව තුළ ‘සංගා’ යන නාමය බැබලවීම සඳහා ඔහුගේ අවුරුදු 15 ක ක‍්‍රිකට් ජීවිත කතාවේ කැපී පෙණුනු කරුණු කාරණා, සිද්ධීන් සහ වෘත්තාන්ත ආකාරයෙන් විස්තර කෙරෙන පාඩම් 20 කින් යුතු මෙම අන්තර්ජාල පාඨමාලාව තුළින් නායකයෙකු ලෙස අභියෝගයන්ට මුහුණදීම සහ තීරණ ගැනීම පිළිබඳ ප‍්‍රායෝගික උපදෙස් ලබාදෙනු ඇත. මෙම පාඨමාලාවට සාමාන්‍ය පරිගණකයක්, ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් මාර්ගයෙන් www.guru.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය.
‘නායකයෙකු වීම-ක‍්‍රිකට් වෙතින් පාඩම්’ යන අරුතින් යුතුව මෙම පාඨමාලාව නම්කර තිබෙන්නේ Being a Leader- Lessons from Cricket යනුවෙනි. කුමාර් සංගක්කාර මහතාගේ පුද්ගලික අත්දැකීම් ඔස්සේ සකස් කර තිබෙන මෙම පාඨමාලාව මගින් ලැබෙන ආදර්ශ තමන්ගේ පුද්ගලික, වෘත්තීය සහ සමාජ ජීවිතය කෙරෙහි අදාළ කර ගැනීමේ හැකියාව මේ තුළින් ප‍්‍රජාවට හිමිවේ. මෙම පාඨමාලාව දිනකට රුපියල් 10 ක ගාස්තුවක් යටතේ දේශීය පුද්ගලයින්ට හැදෑරිය හැකි අතර විදේශීය පුද්ගලයින්ට ණයපත් මගින් හෝ පේපෑල් සේවාව මගින් එක් වරකදී මුදල් ගෙවා පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව තිබේ.
“Guru.lk සම්පත් දායකයින්ගේ මඬුල්ලට කුමාර් සංගක්කාර මහතා සම්බන්ධ කර ගැනීමට හැකිවීම අපට ගෞරවයක්.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම වෙබ් අඩවියේ හිමිකාරීත්වය දරමින් එය කළමනාකරණය කරන හෙඩ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, හසිත දෑල මහතා පැවසීය. ‘‘ක‍්‍රිකට් පිටියේදී මෙන්ම පිටතදීත් නායකත්වය ලබාදීම වෙනුවෙන් ඔහු සියළුම වයස් කාණ්ඩවල මිලියන ගණනක ජනතාවගේ නොමද ආදරයට සහ බුහුමනට පාත‍්‍රවී තිබෙනවා. එසේම, ක‍්‍රීඩාවේ තවත් බොහෝ උසස් පුද්ගලයින් සමග ඔහු ක‍්‍රීඩාකර තිබෙන අතර තවත් බොහෝ පිරිසක් සමග සම්බන්ධතා පවත්වනවා. මේ නිසා, වෘත්තීය ජීවිතයේදී හෝ පුද්ගලික ජීවිතයේදී සාර්ථකත්වයට පත්වීමට ඔහුගේ දැනුම මෙන්ම සහයෝගයද ඉතාමත් ප‍්‍රයෝජනවත් වනු ඇති.’’
නායකත්වය පිළිබඳව කියාදීමේදී උදාහරණ වලට වඩා න්‍යායන් වෙත වැඩිපුර යොමුවන ශ‍්‍රී ලාංකේය සන්දර්භය තුළදී මෙම පාඨමාලාව සුවිශේෂී වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ‘‘නායකයෙකු ලෙස තමන් අභියෝගයන්ට ලක්වූ අවස්ථාවන් මෙහිදී සංගා බෙදා හදාගන්නවා. තමන් උගත් ආදර්ශ පෙන්වාදීම සඳහා මුරලි මෙන්ම වර්තමාන සුපිරි ක‍්‍රීඩක ලසිත් මාලිංග වැනි ක‍්‍රිකට් තරු පිළිබඳ උදාහරණ මෙහිදී සපයනවා. මේ නිසා, මෙම පාඨමාලාව ඉතාමත් හරබර එකක් වනවා.’’ යනුවෙන් දෑල මහතා පැවසීය.
එක් පාඩමකදී සංගක්කාර පැහැදිලි කරන්නේ ක‍්‍රිකට් වීරයෙකු වන මුත්තයියා මුරලිදරන් පැහැදිලි අරමුණක් සිතේ දරාගෙන පුහුණුවීම් කළ ආකාරයයි. මේ තුළින් වෙනත් අයෙකු අනුගමනය නොකර තමන්ගේම අරමුණක් ගොඩනගා ගන්නේ කෙසේද යන්නත් අරමුණ ඉටුකර ගැනීම දක්වා තිබෙන නොසංසිඳෙන ආශාව පිළිබඳවත් සංගක්කාර හුවාදක්වයි. තවත් පාඩමකදී ඔහු සඳහන් කරන්නේ කණ්ඩායම් පරිසරයකදී විවිධත්වය සඳහා දිරිදෙන්නේ කෙසේද කියායි. මේ සඳහා කණ්ඩාමේ ඉතාමත් වටිනා සාමාජිකයෙකු වූ ලසිත් මාලිංග උදාහරණයට ගෙන තිබේ.
මෙම පාඨමාලාව ඩයලොග් හෝ මොබිටෙල් පෙර හෝ පසු ගෙවුම් සම්බන්ධතාවයකින් මිලට ගත හැකි අතර ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ක‍්‍රියාත්මක වේ. මෙම පාඨමාලාව තම E Learning වැඩසටහන් සඳහා එක්කර ගැනීමට කැමති සමාගම් වලට ඒ සඳහා අවස්ථාව තිබෙන බව හෙඞ්ස්ටාර්ට් ආයතනය පවසයි.
කුමාර් සංගක්කාර ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට 2000 වසරේදී තෝරාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22 ක් විය. මේ වනවිට, ජාතික තේරීම්කරුවෙකු වන හෙතෙම ටෙස්ට් තරඟ 134 කට ක‍්‍රීඩාකර ලකුණු 12,400 ක් රැස්කරගෙන තිබෙන අතර එය 57.4% සාමාන්‍ය ලකුණු තත්ත්වයකි. මේ අතර, ඔහු සහභාගී වූ ජාත්‍යන්තර එක්දින තරඟ 404 තුළදී ලකුණු 14,234 ක් රැස්කරගෙන තිබෙන අතර එය 41.98% ක ලකුණු සාමාන්‍යයක් වේ. සංගක්කාර රට වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි-විස්ස තරග 56 කට ක‍්‍රීඩාකර ඇත. 2012 වසරේදී විස්ඩන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබූ ඔහු 2012 සහ 2015 වසර වලදී විස්ඩන් ප‍්‍රමුඛතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙසින් පිදුම් ලැබීය. 2011 වසරේදී කුමාර් සංගක්කාර ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ එක්දින ක‍්‍රීඩකයා ලෙසින්ද, 2012 වසරේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ක‍්‍රීඩකයා ලෙසින්ද, 2012 වසරේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ වසරේ ක‍්‍රීඩකයා ලෙසින්ද, 2013 වසරේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ එක්දින ක‍්‍රීඩකයා ලෙසින්ද බුහුමනට පත්විය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන වෙබ් අඩවිය වන www.guru.lk විසින් අන්තර්ජාල අධ්‍යාපන පාඨමාලාවන් 100 කට වැඩි ප‍්‍රමාණයක් ලබාදෙන අතර ඒවා පාසැල් විෂය මාලාවේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වාත්, තොරතුරු තාක්ෂණික, රූපලාවන්‍ය සහ ආහාරපාන සැකසීම, ගායනය යන දක්වාත් පුළුල් පරාසයක විහිදේ. මෙම වෙබ් අඩවිය අයත්වන හෙඞ්ස්ටාර්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් විදුලි සංදේශ සමාගම්, පුද්ගලික අංශය සහ පාසැල්වල තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සඳහා නොමිලේ දැනුම ලබාදෙන ‘ගුරු’ පාසැල් වැඩසටහන ඇතුළු අන්තර්ජාල ඊ-අධ්‍යාපන වැඩසටහන් සඳහා සවිබලය ලබාදෙයි.
Video Story