April, 26, 2016
මෙරට ප‍්‍රමුඛ පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT එළඹෙන ජූනි මසදී ආරම්භ කිරීමට නියමිත තොරතුරු තාක්ෂණ (Information Technology) හා ව්‍යාපාර පරිපාලන (Business Administration) උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත.
SLIIT, IET පිළිගැනීම හිමිවී තිබෙන තොරතුරු තාක්ෂණ (Information Technology) විද්‍යාවේදී (BSc) විශේෂ උපාධි කිහිපයක් මෙරට සිසුන් වෙත පිරිනමයි. එම පාඨමාලාවන් තොරතුරු තාක්ෂණ (Information Technology), තොරතුරු පද්ධති ඉංජිනේරුවිද්‍යාව (Information Systems Engineering), මෘදුකාංග ඉංජිනේරුවිද්‍යාව (Software Engineering), අන්තර් ක‍්‍රියාකාරීත්ව මාධ්‍යය (Interactive Media) හා සයිබර් ආරක්ෂණය (Cyber Security) යන විෂය ක්ෂේත‍්‍ර වලට විශේෂීකරණය වී ඇත.
තොරතුරු තාක්ෂණ (Information Technology) විද්‍යාවේදී (BSc) උපාධිය තොරතුරු තාක්ෂණ (Information Technology) හා අන්තර් ක‍්‍රියාකාරීත්ව බහුමාධ්‍යය (Interactive Multimedia) යන විෂය ක්ෂේත‍්‍ර වලට විශේෂීකරණය වී ඇත. SLIIT මගින් පිරිනමන ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිය (BBA), මානව ප‍්‍රාග්ධන කළමනාකරණය (Human Capital Management), ගිණුම්කරණය සහ මුල්‍ය (Accounting & Finance), අලෙවි ප‍්‍රවර්ධන කළමනාකරණය (Marketing Management) , තත්ත්ව කළමනාකරණය (Quality Management) සහ තොරතුරු පද්ධති කළමනාකරණය (Management Information Systems) යන ක්ෂේත‍්‍ර වලට විශේෂීකරණය වී ඇත.
SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලා හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මැයි මස 6 වැනි දිනට පෙර අයදුම්පත් යොමුකළ හැකිය. මෙම උපාධි පාඨමාලා අතරින් විශේෂ පාඨමාලා කිහිපයක් සඳහා වුණු අභියෝග්‍යතා පරීක්ෂණය එළඹෙන මැයි 15 වැනිදා පැවැත්වෙනු ඇත. SLIIT විශ්විද්‍යාල පරිශ‍්‍ර හා මධ්‍යස්ථාන වලදී මෙම සියලූම පාඨමාලාවන් පැවැත්වීමට නියමිතය.
''SLIIT මගින් ඉගෙනුම ලබන සිසුන් හට ලබාදිය හැකි දැනුම උපරිමයෙන් ලබාදීමට අප දැඩි විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා. SLIIT උසස් අධ්‍යාපන ආයතනය එළඹෙන ජූනි මස සිසුන් බඳවාගැනීම නිවේදනය කිරීමත් සමග අප හා අලූතින් එක්වන සිසුන්ට ඉගැන්වීම් කටයුතු කඩිනමින් සිදුකිරීම අප සැලසුම වී තිබෙනවා.'' SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය.
SLIIT සිසුවියක වන රුවිනි කන්නග්ගර පසුගියදා ඉන්දියාවේදී පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ටේබල් ටෙනිස් ක‍්‍රීඩාවෙන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත්වීම SLIIT සිසුන් විශිෂ්ටයින් බව මෑතකදී පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවකි. SLIIT සිසුවෙකු වන ගනිඳු නානායක්කාර 'Verizon - Poweful Answers Award' තරගාවලියේදී තරගකරුවන් 1,400 ක් සමග තරගවැදී ඔහු ඉදිරිපත් කළ 'iHelmet' ව්‍යාපෘතියට ඇමරිකන් ඩොලර් 500,000 ක මුදලක් ත්‍යාග වශයෙන් හිමිකරගැනීමට සමත්වූවේය.
SLIIT උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය අයදුම්පත් අන්තර්ජාලය හරහා www.sliit.lk/apply මගින් හෝ www.sliit.lk මගින් බාගත හැක. එමෙන්ම දිවයින පුරා විසිරී තිබෙන ඕනෑම SLIIT විශ්විද්‍යාල පරිශ‍්‍ර හෝ මධ්‍යස්ථාන වලින් මෙම අයදුම්පත් ලබාගත හැකිය. බාගත කර සම්පූර්ණ කළ අයදුම්පත් ශිෂ්‍ය කටයුතු කළමණාකාර, SLIIT, BOC වෙළඳ කුළුණ, සාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ලිපිනයට යොමුකළ යුතුය. 011 754 4801/ 011 230 1904 යන දුරකථන අංකයන්ට අමතා මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැක.
සේයා රූ සටහන - SLIIT මගින් උපාධිය හිමිකරගත් ඉරෝෂා ජයසිංහ හා සචිනි ප‍්‍රනාන්දු වමේ සිට දකුණට
Video Story