කෙටි කාලයකින් ආරෝපනය කරගත හැකි බැටරියක් සහිත දිගුකල් පවතින Huawei Y6Pro වෙළඳපොළට

    May, 3, 2016

    දින දෙකකට වඩා වැඩි බැටරි ආයු කාලයකින් යුත් රළු භාවිතාව සඳහා සුදුසු එකම ජංගම දුරකථනය

    දින ගණනාවක බැටරි ආයු කාලයක් සහිත, රළු භාවිතාවට සුදුසු ජංගම දුරකථනයක් ලෙස Huawei Y6Pro වෙළඳ පොළට හඳුන්වා දෙයි. Huawei පාරිභෝගික ව්‍යාපාර සමුහය විසින් මෙම නවතම ජංගම දුරකථනය වෙළඳපොලට හඳුන්වා දුන්නේය. මෙම ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සුපිරි බලයකින් යුත් බැටරියයි. මෙම බැටරිය 0% සිට විනාඩි 10 ක් ආරෝපනය කිරීමෙන් පැය 3ක පමණ කථා කාලයක් ලබාගත හැකිය.එය ප්‍රමාණවත් නොවේ නම් මෙම දුරකථනය අතේ ගෙනයා හැකි චාර්ජරයක් ලෙසින් අනිකුත් දුරකථන සහ උපාංග ආරෝපනය කිරීම සඳහා ද යොදාගත හැකිය.

    Huawei සමාගම පසුගිය දශකය තුළ සමීක්ෂණ සහ සංවර්ධන කාර්යය සඳහා පමණක් ඩොලර් බිලියන 30කට වඩාවැඩි මුදලක් ආයෝජනය කර තිබේ. මේ අනුව වෙළඳපොළට නිකුත් කරන සෑම Huawei නිෂ්පාදනයක්ම ආරක්ෂාව සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන පරීක්ෂණ 50 කට වඩා වැඩි සංඛ්‍යාකට භාජනය කරයි. මේ අනුව වඩාත් තත්වයෙන් උසස් නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට Huawei කටයුතු කරයි. මෙලෙස සිදුකරන පර්යේෂණ වලදී හෙළිවී ඇත්තේ වසර 3ක පමණ භාවිතාකින් පසුව ඕනෑම ජංගම දුරකථනයක බැටරියේ ශක්‍යතාව 80% ක් දක්වා පහළ යන බවයි.

    මෙම තත්වය පිළිබඳව අවබෝධකරගනිමින් නිපදවු Huawei Y6Pro දුරකථනය මූලික මට්ටමේ ජංගම දුරකථනයක් වන අතර 5"HD තිරයකින් යුක්ත වෙයි. කැමරාව සහ විනෝදාස්වාද අංග රැසකින් සමන්විත මෙම ජංගම දුරකථනය භාවිත කරන්නා ලොව කුමන ස්ථානයක සිටිය ද සෑම විටකදීම ඉක්මනින් සම්බන්ධ කරගත හැකි වන්නේ වැඩි කාලයක් දුරකථනය සක්‍රියව තබාගැනීමට ඇති හැකියාව නිසාය.