සදාහරිත සමාගම සුවිශේෂී හවුල්කාරීත්වයන් තුළින් ආයෝජනයේ ස්ථිර ප‍්‍රතිලාභ සහතික කරයි

    May, 4, 2016

    සදාහරිත වැවිලි සමාගම තිරසාර වාණිජ වනවගා ක්ෂේත‍්‍රයේ නිරත ප‍්‍රමුඛතම හා විශ්වාසදායී නාමයකි. පාරිභෝගිකයින්ගේ ආයෝජනයේ ස්ථිර ප‍්‍රතිලාභ සහතික කිරීමට සදාහරිත සමාගම නිරතුරු කැපවී සිටින අතර 2002 වසරේදී සිටම ඒ වෙනුවෙන් පර්යේෂණ වල නිරත වන නොයෙක් විෂය ක්ෂේත‍්‍ර වල දැනුමින් සන්නද්ධ දේශීය විදේශීය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් ද සමන්විතය.

    වල්ලපට්ට හා ඇක්විලාරියා ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ජාතික පර්යේෂණ සභාවේ දායකත්වය ඔස්සේ මෙරට රජයේ සහය හිමිවන මෙරට එකම වැවිලි සමාගම වන්නේ ද සදාහරිත සමාගමයි.

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා අංශයේ විශේඥයින්ගේ සුවිශේෂී දායකත්වයෙන් මෙම පර්යේෂණ සිදුකෙරෙන අතර මෙරට තුළ මහා පරිමාණ හා මධ්‍යම පරිමාණයෙන් වල්ලපට්ට වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වන වගාව ආශ‍්‍රිත දැනුම, රසායනික හා තාක්ෂණික තොරතුරු ආදිය ලබාදෙයි.

    මීට අමතරව, මෙම පර්යේෂණ වලින් ලබාගන්නා තොරතුරු ද ඇතුළුව වල්ලපට්ට ශාක වගා කරන ක‍්‍රමවේදය, එහි රෙසින සකස් වෙන ආකාරය හා අස්වැන්න නෙළාගන්නා කාලය පිළිබඳ පහතරට තෙත් කලාපයේ ජීවත් වන ජනතාව දැනුවත් කිරීම සිදුකෙරෙන නිසා මෙහි ප‍්‍රතිලාභ ඔවුන්ට ද හිමිවනු ඇත.

    වෙස්කෝප් ඕස්ටේ‍්‍රලියා සමාගම, සුදු සඳුන් හා අගාවුඞ් මිලදීගැනීමේ නිරත ලොව දැවැන්ත සමාගමක් වන අතර මේ සමග සුවිශේෂී වාණිජ එකගතාවට එළඹී තිබෙන මෙරට එකම සමාගම වන්නේ සදාහරිත වැවිලි සමාගමය. ඒ අනුව අනුව සදාහරිත සමාගමේ දායකත්වයෙන් නිෂ්පාදනය කරන අගාවුඞ් අස්වැන්න වෙස්කෝප් ඕස්ටේ‍්‍රලියා සමාගම මගින් මිලදීගන්නා නිසා සදාහරිත සමාගමේ ආයෝජනය කරන සෑම ආයෝජකයකුටම ස්ථිර ප‍්‍රතිලාභ හිමිවන බව සහතිකය.

    සදාහරිත සමාගමට වාණිජ අගාවුඞ් වගාව සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස්, සහය හා මගපෙන්වීම නිරතුරුව ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ඒ. බ්ලැන්ෂට් වෙතින් හිමිවෙයි. ඇක්විලාරියා ශාකයෙන් ඉහළ අගාවුඞ් අස්වැන්නක් ලබාගැනීම සහතික කරන CA-kit තාක්ෂණය මහාචාර්ය රොබට් ඒ. බ්ලැන්ෂට් විසින් වැඩිදියුණු කරන ලද්දක් වන අතර CA-kit තාක්ෂණය මෙරට තුළ භාවිත කිරීමට පේටන්ට් බලපත‍්‍ර හිමිවී තිබෙන එකම සමාගම වන්නේ ද සදාහරිත සමාගමයි.

    සදාහරිත සමාගම පසුගිය දෙවසරක කාලය තුළ CA-kit තාක්ෂණය යොදාගනිමින් කර්ණාටක ප‍්‍රාන්තයේ පූත්තූර් හි අගාවුඞ් වගාව සාර්ථකව ප‍්‍රචලිත කිරීම සම්බන්ධ අත්හදාබැලීම් වල ප‍්‍රතිඵලයක් ලෙස CA-kit තාක්ෂණය යොදාගත් ඇක්විලාරියා ශාක මගින් ගුණාත්මක බවින් ඉහළ අගාවුඞ් නිෂ්පාදනය කෙරෙන බව අනාවරණය කරගැනීමට හැකිවිය.

    සේයා රූ සටහන - ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා අංශයේ ආචාර්ය උපුල් සුබසිංහ මහතා හා සතිශ් නවරත්න මහතා