June, 10, 2024
2024 මැයි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 544.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2024 වසරේ ජනවාරි - මැයි කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2,624.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවයි.
මෙය 2023 වසරේ මුල් මාස 05 තුළ ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,346.9 හා සැසඳීමේ දී 11.85% ක වර්ධනයකි.

Video Story