රට රැකියා කරන අය ගිය මාසයේ ඩොලර් එව්වේ මෙහෙමයි

    June, 10, 2024

    2024 මැයි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 544.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2024 වසරේ ජනවාරි - මැයි කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2,624.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවයි.

    මෙය 2023 වසරේ මුල් මාස 05 තුළ ලද ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 2,346.9 හා සැසඳීමේ දී 11.85% ක වර්ධනයකි.