A ක්‍රිකට් පිලට අවුරුදු තුනකට ලක්ෂ 180 ක්

    May, 6, 2016

    ශ්‍රී ලංකා A ක්‍රිකට් පිලට ලංකා IOC සමාගම සිදුකරනු ලබන අනුග්‍රාහකත්වයේ වටිනාකම රුපියල් ලක්ෂ 180 ක් බව වාර්තා වේ. මෙය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 127,000 කි.

    ඉදිරි වසර තුනක කාලයක් සඳහා මෙම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා A ක්‍රිකට් පිලට හිමිවන අතර අදාළ ගිවිසුම 2018 වසරේ දී අවසන් වීමට නියමිතය. මෙම කාලය තුළ දී ශ්‍රී ලංකා A ක්‍රිකට් පිල මෙරට හා පිටරට තරඟ සංචාර 9 ක් සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇත.

    පසුගිය දශකයක කාලයක් පුරාවට ලංකා IOC සමාගම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සෘජු අනුග්‍රාහකත්වයක් ලබා දී නොමැති අතර මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් සිය සන්නාම තානාපතිවරුන් ලෙසින් සමාගමේ සේවය කොට තිබේ.