adaderanabiz.lk පුවත සනාථයි. NDB -DFCC කසාදයට ඇමරිකානු සමාගමක්

    July, 17, 2014

    ඩී.එෆ්.සී.සී හා ජාතික සංවර්ධන බැංකු ඒකාබද්ධ කිරීම සඳහා උපදෙස් ලබාගැනීමට ලොව සුපතල බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් තෝරාගෙන ඇතැයි අප පසුගිය ජුනි 24 වනදා වාර්තා කළ පුවත සනාථ කරමින් මෙම බැංකු දෙක විසින් ඒ බව අද කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී ඇත.

    මේ අනුව, සඳහන් කර තිබෙන්නේ මෙම බැංකු දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු සඳහා උපදෙස් ලබාගැනීමට Boston Consulting Group (India) Private Limited සමාගම තෝරාගෙන තිබෙන බවයි.

    අප ජුනි 24 වනදා වාර්තා කළ පුවතට පිවිසෙන්න