AI පිළිබඳ වැරදි වැටහීම් 4 ක්

    March, 5, 2024

    AI යනු වර්තමානයේ එදිනෙදා කතාබහ තුළ මෙන්ම නව තාක්ෂණික නිෂ්පාදන තුළත් නින්නාදවන යෙදුමක් බවට පත්වී අවසානය. එහිදී AI සම්බන්ධයෙන් සුබවාදී අදහස් මෙන්ම, අසුබවාදී වැටහීම් ද සමාජගත වී ඇත.  AI යනු කුමක්ද යන්නෙහි සිට එහි කාර්‍ය්‍ය කුමක්ද යන්න දක්වා බොහෝ වැරදි වැටහීම් ඇත. එහෙත් යථාර්ථය වන්නේ දවස අවසානයේදී සෑම අයෙකුම භාවිතකර බලන මෙවලමක් බවට AI පත්ව තිබීමයි. මනුෂ්‍යාගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කිරීමට AI මගින් දොරගුළු විවර කිරීම ඊට හේතුවයි.

    මෙම ලිපිය තුළ AI පිළිබඳ පොදු වැරදි මත හතරක් සාකච්ඡා කිරීමට Microsoft බලාපොරොත්තු වන අතර එයින් පැහැදිලි වන්නේ AI යනු අපගේ එදිනෙදා ජීවිතය සරල කිරීමට උපකාර කිරීමට බලය ඇති සරල මෙවලමක් බවයි.

    මිත්යාව 1:  AI මගින් සෑම දෙනෙකුගේම රැකියා අහිමිකරනු ඇත

    AI මෙවලම් පොදු භාවිතයට පැමිණීමත් සමඟ, වඩාත්ම ශීඝ්‍රයෙන් පැතිර ගිය අදහස මෙය වේ. කෙසේ නමුත් යථාර්ථය වන්නේ, දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින AI මෙවලම් මගින්, මිනිසාගේ රැකියා වඩ වඩාත් පහසු කර, වඩාත් නිර්මාණශීලී, නවෝත්පාදන කටයුතුවල නියැලෙන්නට මිනිසාට කාලාවකාශය සහ ඉඩකඩ සලසා දෙනු ඇත. විශේෂයෙන්ම නැවත නැවත කළ යුතු එදිනෙදා කාර්යයන් වෙත ගතවන අනවශ්‍ය කාලය කපා හැර, මිනිස් ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව නංවාලීමට AI මෙවලම් සුවිශේෂී මෙහෙයක් සිදු කරනු ඇත.

     

    මිත්යාව 2: Al මෙවලම් වැදගත් වන්නේ තාක්ෂණ අංශයේ සේවය කරන්නන්ට පමණි

    ඇතැම්විට ආරම්භයේදී Al තාක්ෂණය සම්බන්ධයෙන් මුලින්ම දැනුම්වත් වූයේ තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥ වෘත්තිකයන් විය හැක. කෙසේ නමුත් වර්තමාන යථාර්ථය වන්නේ, මේ වනවිටත් තාක්ෂණය හා සෘජුව සම්බන්ධවන මෙන්ම සෘජුව සම්බන්ධ නොවෙන බොහෝ වෘත්තීන් තුළට Al මෙවලම් වෙතින් පහසුව ලබාදෙන බවයි. මේ වනවිට බොහෝ දෙනෙක් වර්තමානයේ දැන හෝ නොදැන Al මෙවලම් භාවිතා කරයි. ඔබගේ AI සහකරු ලෙස,  iOS සහ Android මෙහෙයුම් පද්ධති මත බාගත කිරීම සඳහා ජංගම යෙදුමක් ලෙස Microsoft Copilot දැන් ලබා ගත හැකි වීමෙන්, මෙම ප්‍රතිලාභ ඔබේ අතැඟිලි  අගට පැමිණ ඇත.

    යමෙකු යම් තොරතුරක් සෙවීමට වෙබ් බ්‍රවුසරයක් භාවිතාකරන විට, නිර්දේශවල නිෂ්පාදනයක් මත ක්ලික් කිරීමේ සිට, ඊමේල් පණිවුඩයක් යැවීමේදී, එම ඊමේල් පණිවුඩය තුළ යෝජනා කෙරෙන ප්‍රතිචාර අතුරින් වඩාත්ම යෝග්‍ය ප්‍රතිචාරය තෝරා ගැනීම දක්වා ක්‍රියාත්මක වන්නේ Al මෙවලම් වේ.

    මේ අනුව බලන විට, මිනිසාගේ රැකියා වඩාත් පහසු වීමට උපකාරී වෙයි.

     

    මිත්යාව 3: AI යනු එක් දෙයක් පමණි

    Al යනු එක් තනි තාක්ෂණයක් නොව, සෙවුම් යන්ත්‍ර තාක්ෂණය, ඊමේල් යෙදුම්, යමකු පැළඳ සිටින ඩිජිටල් වෛද්‍ය උපාංග වැනි එදිනෙදා ජීවිතයේ විවිධාකාර තැන්වලදී අපට මුණ ගැසෙන තාක්ෂණයන්ගේ එකතුවක් ලෙසින් දැක්වීම වඩාත් නිවැරදි වේ. එහිදී අපට අවශ්‍ය විවිධ කටයුතු සඳහා වඩාත්ම යෝග්‍යවන Al තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන මෙවලම හඳුනා ගැනීම තුළින්, AI විසින් ලබා දෙන ප්‍රතිලාභ අපට සැබවින්ම ප්‍රයෝජනයට ගත හැකිය.

     

    මිත්යාව 4: Al මෙවලම් තුළ ස්වභාවයෙන්ම පක්ෂග්රාහීත්වයක් පවතින නිසා Al මෙවලම් භාවිතය මගහැරිය යුතුවේ

    AI පක්ෂග්‍රාහී විය හැකි බව සත්‍යයකි. අන්තර්ජාල අදහස් මත පුහුණු කරන ලද විශාල භාෂා ආකෘතිවල සිට සංවර්ධකයින් විසින් පූර්ව නිගමනය කළ විශ්වාසයන් සහිත නිෂ්පාදන සඳහා සමාජ නැඹුරුව පිළිබිඹු කරන දත්ත සමඟ AI ආකෘති ගොඩනගා ඇත.

    අන්තර්ජාලයේ දෛනික පාරිභෝගිකයින් ලෙස, අන්තර්ජාලයේ ඇති සියල්ල සත්‍ය නොවන බවත්, AI සමඟද මෙය සමාන බවත් අපි දැන් ඉගෙන ගෙන ඇත්තෙමු. මේ අනුව, AI වර්ධනය වන ආකාරය අවබෝධ කර ගැනීමෙන්, පක්ෂග්‍රාහී තත්ත්වයන් ඇති වීම අපට තේරුම් ගත හැකිය.

    Microsoft AI පාරිභෝගිකයින් ලෙස, සාධාරණත්වය, විශ්වසනීයත්වය සහ විනිවිදභාවය යන මූලධර්මවලට අනුගත වන පද්ධති භාවිතයෙන් ගොඩ නගන සමාගමේ වගකීම් සහිත AI (Responsible AI) භාවිතය පිළිබඳව ඔබට වැඩිදුර ඉගෙන ගත හැකිය.

    අවසාන වශයෙන්, 'අනාගතය AI' වන අතර, එම අනාගතය මිනිසුන් විසින් AI සහාය ඇතිව ගොඩ නැගේ.  එබැවින්, ඔබේ ජීවිතය තුළ AI භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීමට සහ එය ඔබට සේවය කරන මෙවලමක් බවට පත් කිරීමට අපි ඔබව දිරිමත් කරමු.