AIA ඉන්ෂුවරන්ස් වෙතින් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්හට සෞඛ්‍ය රක්ෂණ සැලසුම්

    May, 13, 2022

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Adapt Information Technologies (AIT) සමාගමේ ජේෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සමාජිකයින්හට නොබෝදා සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබා දෙන ලදී. මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන්හට පැනනගින ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ.

    Covid-19 පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව රැකබලා ගැනීම ඉතා වැදගත් කරුණක්. තම සෞඛ්‍ය හොදින් පවත්වා ගැනීම වෙන කවරදාකටත් වැඩියෙන් අවශ්‍ය වෙන මෙම කාලයේ දී AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්, AIT සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට ඔවුන් විශ්‍රාම ගිය පසුවත් ඔවුනට සෞඛ්‍ය රැකවරණය සපයන අසමසම ප්‍රතිලාභ සහිත පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ විසදුමක් නිර්මාණය කර දී තිබෙන්නේ ඒ නිසාමයි.

    කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ ආදරණීයයන් සුරක්ෂිත කිරීමට, විවිධ සෞඛ්‍ය සහ රැකවරණ ප්‍රතිලාභ රැසක් සමගින් AIA විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම සෞඛ්‍ය සැලසුම ඔස්සේ මුදල් නොමැතිව ලැබෙන රෝහල්ගත වීමේ ආවරණය, දිනපතා ආදායම් ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ආවරණය,හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය සහ ජීවිත රක්ෂණ ආවරණය සමගින් ශල්‍යකර්ම ආවරණයක්ද හිමි වේ. මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ වයස අවු. 70 වනතුරු සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට සහ වරය කල්පිරීමේ දී වයස අවු. 70වෙන් පසුවත් මෙම සාමාජිකයින්හට සිය සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට හැකිවනු සඳහා සෞඛ්‍ය අරමුදලක් ද හිමිවෙන අයුරිනි.

    තෙවන වතාවටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට පාත්‍ර වූ (2021 - කැපිටල් ෆිනෑන්ස් ඉන්ටනැෂනල් සහ 2019 සහ 2020 ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆිනෑන්ස් වෙතින් ප්‍රදානය කරන ලදී) AIA ඉන්ෂුවරන්ස් හි පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීමට සහය වීම වන අතර විශේෂයෙන් නිර්මාණය කරන ලද මෙම ආවරණය මගින් එම පරමාර්ථය සාක්ෂාත් කරලීම අපේක්ෂා කෙරේ.

    AIT සමාගම, ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසදුම් සපයන සමාගමක් වන අතර ඔවුනගේ විශේෂඥභාවය වන්නේ තොරතුරු තාක්ෂණ පද්ධති, IoT සහ සයිබර් ආරක්ෂාව හා සම්බන්ධ විසදුම් වේ. ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ ඇති මෙහෙයුම් සමගින්  AIT සමාගම ලොව විවිධ කලාපයන් හි  පුළුල් පරාසයක පැතිරගිය කීර්තිමත් ආයතන සමගින් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි.

    රක්ෂණ ඔප්පු භාරදීමේ උත්සවයේ දී AIA ඉන්ෂුවරන්ස් හි බෙදාහැරීම් පිලිබඳ අධ්‍යක්ෂක චානක ලියනගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ “AIA ශ්‍රී ලංකා සමාගම සැමවිටම ආයතන වෙත රක්ෂණ විසදුම් ලබා දීමේ දී කාර්යමණ්ඩල සාමාජිකයින්හට සෞඛ්‍ය ආවරණ ඔස්සේ රෝහල්ගත වීම් සඳහා, විශ්‍රාම සැලසුම් ඔස්සේ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් අත්පත් කරදීම සඳහා වැනි ජීවිත්ව සිටිය දී ප්‍රතිලාභ අත්විඳීමට හැකියාව සලසන විසදුම් ලබා දීමට උත්සාහ කරනවා. එමෙන්ම ඔප්පු හිමියාහට යම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවුවහොත් මෙම විසදුම් ඔවුන්ගේ ආදරණීයයන්හට ඉමහත් ශක්තියක් වෙනවා.  අපගේ කර්තව්‍ය වන්නේ ආයතනයන් වෙත ඔවුනගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සියලු සෞඛ්‍ය සේවා වියදම් සහ රැකවරණය සඳහා වන හොඳම මූල්‍යමය විසදුම් සැපයීමයි.”

    AIT සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක සමීර ද සිල්වා මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ “අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් අප සමාගම සතු මහඟු සම්පතක් ලෙස මා සිතනවා එබැවින් ඔවුනගේ සුරක්ෂිතතාවය අප ඉතා වැදගත්කොට සලකනවා. වසංගත අවස්ථාවේ දී පෙන්නුම් කළ ආකාරයටම වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දෙමින් ඒවාට අවශ්‍ය පරිදි හොදින් හැඩගැහෙමින් අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ද සුභසිද්ධිය තහවුරු කරමින් අඛණ්ඩව අපගේ මෙහෙයුම් සිදු කිරීමට අප කටයුතු කරනවා.  කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සුභසිද්ධිය ප්‍රමුඛත්වයේ ලා සැලකීමත් වෙළෙඳපොල පවතින තත්ත්වයන් පිළිබඳව ශුභවාදීව බැලීමත් සමගින් අප අනාගතය සඳහා ක්‍රමෝපායික මුලපිරීම් කිහිපයක් ගෙන ඇති අතර ඉන් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා වන AIA සමගින් සහයෝගීතාවයකට එලෙඹීමයි. ඒ ඔස්සේ අපගේ කාර්යමණ්ඩල සාමජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන්ට හොඳම සෞඛ්‍ය ප්‍රතිලාභ අත්පත් කර දීමට අපි අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ අපගේ සේවාලාභීන්හට අඛණ්ඩව සුවිශේෂී සේවාවක් ලබාදීමට හැකිවේ යැයි අප බලාපොරොත්තු වෙනවා. AIT හි අපි විශ්වාස කරන්නේ වෙළෙඳපොල දිනන්නට නම් පළමුව අප අපගේ ආයතනය දිනවිය යුතු බවයි.”