AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස තෙවන වතාවටත් ඇගයේ

    March, 31, 2022

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,  ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෙවන වතාවටත් පිදුම් ලබා ඇත.   මෙම සම්මානය ප්‍රදානය කර ඇත්තේ ගෞරවනීය ජාත්‍යන්තර සමාගමක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (2021) වන අතර මෙම ගෞරවාන්විත ඇගයීම ඔස්සේ  ආර්ථික වර්ධනය වෙනුවෙන් සැලකිය යුතු පමණින් දායකත්වයක් සපයන සැබෑ ලෙස සිය හවුල්කරුවන් වෙත අගයන් එකතු කරන්නා වූ සමාගම් හදුනාගනු ලබයි. මෙම ගෞරවනීය ඇගයුම සඳහා, ශ්‍රී ලංකාවේ මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය සඳහා වන  ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳව විස්තරාත්මක තක්සේරු කිරීමක් කර විශ්ලේෂණක් සිදුකරන ලදී.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින්, අසමසම සැලසුම් සහ සේවා ඔස්සේ, ඉහළ තලයේ පාරිභෝගික අත්දැකීම් ලබා දෙමින් පොදුවේ මුළුමහත් සමාජය වෙත සිදුකරන්නා වූ විශිෂ්ට දායකත්වය මෙම සම්මානය දිනා ගැනීමෙන් මනාව පිළිබිඹු වේ.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට මෙවන් සම්මානයකට හිමිකම් කීමට හේතු සාධක රැසක් පවතියි.  ඒ අතරින් AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම සමාගම් 6 අතරින් විශාලතම ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතයට  හිමිකම්  කියන ජීවිත රක්ෂකයා වීම එක් විශේෂ හේතුවකි.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2021 වසර අවසානය වන විට නියාමක ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය 547%ක් ලෙස වාර්තා කරන ලදී.  මෙම අනුපාතය රක්ෂණ නියාමකවරයාට අනුකූලව ගිවිසුම්ගත ප්‍රමාණාත්මක ප්‍රාග්ධන අනුපාතයට වඩා හතර ගුණයකින් ඉහළ අගයකි.  මෙමගින් මනාව පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට සිය මෙහෙයුම් පරිසරය තුළදී පැමිණෙන්නා වූ ඕනෑම අභියෝගයකට ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් සිය සේවාලාභීන්හට වූ පොරොන්දු ස්ථීර වශයෙන් ඉටුකර දීමට ඇති හැකියාවයි.  AIA ඉන්ෂුවරන්ස් හි මෙම මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා සමාගමේ විචක්ෂණශීලී ආයෝජන ක්‍රමෝපායන් මෙන්ම උසස් තත්ත්වයේ ආයෝජනයන් ද මහත් රුකුලක් වේ.

    AIA ඉන්ෂුවරන්ස් සැමවිට සිය සේවාලාභීන්හට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින අතර පසුගිය වසර 30 ක කාලය පුරාවට රක්ෂණවර හිමියන්හට පොරොන්දු වූවාටත් වඩා වැඩි අගයක ලාභාංශ ගෙවා ඇත.  වාර්තාගත පහළ පොලී අනුපාත පවතින වාතාවරණයක් තුළ වුවද 2021 වසර සඳහා ශක්තිමත් වාර්ෂික ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට සමාගමට හැකි විය. AIA ඉන්ෂුවරන්ස් සිය ඩිජිටල්කරණ ප්‍රයත්නයන් හී පරිණාමනය ඔස්සේ සේවාලාභී සත්කාරය වඩාත් පහසු කරලීම සඳහා නිරතුරුව කටයුතු කරමින් සිටින අතර මෙමගින් සේවාලාභී කේන්ද්‍රීය රක්ෂණ සමාගමක් ලෙස එහි කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රයත්නය, රක්ෂණ විසදුම් සම්පාදකයෙකු ගේ භූමිකාවෙන් ඔබ්බට යමින්, සේවාලාභියාගේ සුවතාවයෙන් පිරි ජීවන ගමන් මගට සහකරුවෙක් ලෙස එකතු වෙමින්, AIA හි  සන්නාම ප්‍රතිඥාවට අනුව අවසාන ඉලක්කය ලෙස සේවාලාභීන්හට වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා  මූල්‍ය ශක්තියෙන් පමණක් නොව කායික මෙන්ම මානසික සෞඛ්‍ය සම්පන්න බවින් සුරක්ෂිත වීමට සහාය වීමයි.  සේවාලාභීන්හට වඩාත් ක්‍රියාශීලී මෙන්ම සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් පරිසර පද්ධතියක් සඳහා අවශ්‍ය අවකාශය සැපයීමට සහාය වීම වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ඉහළ පිළිගැනීමක් ඇති  සුවතා සහකරුවන් කිහිප දෙනෙකු සමගින් සහයෝගීතාවයන්ට එළඹීමට කටයුතු කර ඇත.

    2021 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Great Place to Work® ආයතනය මගින් පිරිනමන ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 9 වන වතාවටත්, කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 4වන වතාවටත් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම විශාල සමාගම් කාණ්ඩය යටතේ ආසියානු ලැයිස්තුවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ජාත්‍යන්තරවත්, සහශ්‍රකයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටත් ඇගයීමට ලක්විය.  තවද  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ශ්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ යන ක්ෂේත්‍ර අතරින් (BFSI-top 10 Best Workplaces®) හොඳම සේවා ස්ථාන 10 අතරටද තේරී පත්වෙමින් ඇගයුමට ලක්විය.

    AIA  ඉන්ෂුවරන්ස්  ලංකා සමාගම මෙරට ප්‍රජාවගේ  හදවත් වලට ඉතා සමීපව කටයුතු කරනන්නා වූ සමාගමක්.  ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් ඇති සහයෝගීතාවය, දිවයින පුරා විසිර ඇති අඩු පහසුකම් ඇති පාසල් සහ රෝහල් අලුත්වැඩියා කරදීම, covid-19 සඳහා ප්‍රතිකාර කල රෝහල් වල සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්හට සෞඛ්‍ය ආවරණ  සැපයීම මෙන්ම covid-19 ප්‍රතිකාර සේවා සැපයූ රෝහල් සඳහා  විවිධ පරිත්‍යාග සිදු කිරීම වැනි සමාජ සත්කාරක වැඩසටහන් වල නියැලෙන AIA ඉන්ෂුවරන්ස්  සමාගම  නිරතුරුව සමාජය වෙත නැවත යමක්  ලබාදීම මූලිකත්වයෙහි ලා කටයුතු කරමින් සිටියි.  2021 වසරේ දී මුහුණ දීමට සිදු වූ නොයෙකුත් ආර්ථික අභියෝග අතරේ වුවද සමාගම වසංගත තත්ත්වය මූලික කරගත් සමාජ සත්කාරක සේවා රැසක් ක්‍රියාත්මක කරන ලද අතර අදටත්, අනාගතයටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදීම AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම ඉතා වැදගත්කොට සලකයි.