AIA ඉන්ෂුවරන්ස් හි දායකත්වයෙන් පැවති දේශීය සහ විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා වූ ප්‍රථම Hackathon අභියෝගය සාර්ථකව නිම වේ

    May, 4, 2022

    AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී.  2021 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9වන දින ඉතා සාර්ථකව නිම වූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගී විය.  මාස 5ක් පුරාවට පැවති මෙම අභියෝගය සඳහා සමාගම් 80කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ අතර සංකීර්ණ වූ ව්‍යාපාර ක්‍රියාවලීන් වඩාත් සරලව ක්‍රියාත්මක කළහැකි ආකාරය අරමුණු කරගත් මූලාකෘති විසදුම් 4ක්ද මේ සඳහා ඉදිරිපත් කර තිබුණි.

    AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන්  සහ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම අභියෝගය පවත්වනු ලැබුවේ, සමාජයීය සුභසෙත සඳහා වන මුලපිරීමක් වන ASEAN Financial Innovation Network (AFIN), දායකත්වය දක්වන්නා වූ Monetary Authority of Singapore (MAS), International Finance Corporation (IFC) සහ ASEAN Bankers Association (ABA) යන ආයතනයන්හී සහයෝගීතාවයෙනි.  මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ  API Exchange (APIX) පාදක කරගෙන AFIN  සහ ලෝකයේ ප්‍රථම දේශසීමා අතර විවෘත්ත වාස්තුවිද්‍යා (open Architecture) API වෙළෙඳපොළ සහ sandbox platform හි පුරෝගාමීත්වය යටතේ fintech සහ මූල්‍ය සමාගම් අතර සහයෝගීත්වය සඳහාය.  මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (International Finance Corporation - IFC) සහයෝගීතාවයෙන් APIX පාදක කරගෙන Hackathon අභියෝගයක් පැවැත්වූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම පත්වේ.

    මෙම අභියෝගය සඳහා සහභාගී වූ සමාගම් වෙතින් ‘E-KYC සහ Smart OCR’ සහ  ‘Gamification based Customer Recommendation’ යන ගැටළු ප්‍රකාශන කාණ්ඩ දෙක සඳහා විසදුම් හදුනාගැනීමට තිබිණි.  කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම අභියෝගය සඳහා ඉදිරිපත් කර තිබූ විසදුම්, නව්‍යකරණය, නව ලොව වෙත එමගින් කළහැකි බලපෑම, සහ සාර්ථකව ක්‍රියාවට නැංවීමට ඇති හැකියාව යන නිර්ණායකයන් ඔස්සේ ඇගයීමට ලක්කරන ලදී.  සියලු තරඟකරුවන් අතරින්ත සමාගම් 10ක්  තෝරා ගන්නා ලද අතර ඒ අතරිනුත් අවසාන වටය සඳහා තරඟකරුවන් 4 දෙනෙකු තෝරාගන්නා ලදී.   මෙම අවසාන තරඟකරුවන් සති 8ක් පුරාවට ඔවුන්ගේ හොඳම hackathon  විසදුම එලි දැක්වීමට වෙහෙසුන අතර ඒ අතරින් ජයග්‍රාහකයින් තේරී පත්විය.

    මාස 5ක් පුරාවට පැවති ඉතාමත් තරඟකාරී වූ මෙම hackathon අභියෝගයෙන් අවසන් ජයග්‍රාහකයින් දෙදෙනාහට ඇමෙරිකානු ඩොලර් 5000 ක මුළු මුදල් ත්‍යාගයක් ද AIA ශ්‍රී ලංකා සමාගමේ ඩිජිටල්කරණ සහ විශ්ලේෂණ ගමන් මග තුළ ක්ෂේත්‍රය පරිණාමනය කරන්නා වූ පුරෝගාමී සහ ජයග්‍රාහී විසදුම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවද ලැබිණි.

    • පළමු ජයග්‍රාහකයා : ‘Epic Lanka (Pvt) Ltd’ - E-KYC කාණ්ඩය යටතේ සේවාලාභීන්හට පහසුවෙන් සහ සෘජුව සමාගම වෙත යොමුවීම සඳහා වන ක්‍රියාවලියක් සහිත smart OCR සහ ඩිජිටල්කරණ විසදුමක් ක්‍රියාවට නැංවීම.
    • දෙවන ජයග්‍රාහකයා : ‘Hitachi Asia Ltd’ - Gamification කාණ්ඩය යටතේ සේවාලාභීන්ගේ දීර්ඝ කාලීන ඉතිරිකිරීම්, රැකවරණ සහ සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා අන්තර් ක්‍රියාකාරීත්ව නිර්දේශ ලබාදීමේ හැකියාව සහිත නව්‍ය විධික්‍රමයක් ක්‍රියාවට නැංවීම.

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි මහතා කියා සිටියේ " ඩිජිටල්කරණ පරිණාමනය AIA සමාගම සඳහා මූලික අත්‍යවශ්‍යතාවයක්  වගේම අපගේ ව්‍යාපාරයේ දියුණුවට සහ සේවාලාභීන්හට සුවිශේෂී සේවයක් ලබා දීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට අප කැපවී කටයුතු කරමින් සිටිනවා.  ‘AIA Sri Lanka Hackathon Challenge 2021’ අභියෝගය, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමෙහි අප, ඩිජිටල්කරණය භාවිතයෙන් සේවාලාභීන්හට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ගමන්මගෙහි අත්කර ගත් වැදගත් සන්ධිස්ථානයක් වෙනු නොඅනුමානයි.  මෙම නව්‍ය විසදුම් ක්‍රියාවට නැංවීමේ දී, ඒවා ක්ෂේත්‍රය වෙත නවතම මිණුම් ලකුණක් රැගෙන එනු ඇති අතර රක්ෂණ විසදුම් අලෙවිය සඳහා සැලකිය යුතු පහසුවක් සහ සරල බවක් ද එමගින් අත්වෙනු ඇති."

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී, උමේෂි ෆොන්සේකා සිය අදහස් දක්වමින් "සමාගම් සඳහා දැනට පවතින මෙන්ම අනාගත අභියෝගයන්ට අඛණ්ඩව මුහුණ දීමට සහාය වියහැකි ශක්තිමත් විසදුම් නිර්මාණය කිරීමට මෙම අභියෝගයේ ඉල්ලුම්කරුවනට තිබූ හැකියාවන් පිළිබඳව අපට ඇත්තේ මහත් සතුටක්අභියෝගයේ ජයග්‍රාහකයින්ට සුභ පැතුම් එකතු කරන අතරම සඳහා සිය කාලය ශ්‍රමය කැප කරමින් සහභාගී වූ සියලුම තරඟකරුවන්ට මා මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා. නවීන තාක්ෂණය, දිජිටල්කරණය සහ විශ්ලේෂණ යන දේ භාවිතයෙන් නව්‍යකරණයට මුල්තැන දෙමින්, කැපවෙමින් කටයුතු කරන සමාගමක් ලෙස දේශීය සහ විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් මෙවැනි අභියෝගයකට සහභාගී වී සිය විසදුම් ඉදිරිපත් කිරීම දැකීමත් සතුටක්. සේවාලාභීන්ට ලබාදෙන සේවය උසස් තත්ත්වයට නංවාලමින් ගුණාත්මක අත්දැකීම් අත්පත්කර දීමට AIA නිරතුරුව කැපවන අතර hackathon අභියෝගය නවීන තාක්ෂණය  මුසුකර ගනිමින් සුවිශේෂී සේවාලාභී අත්දැකීම් ලබාදීමට ජාත්‍යන්තර තලයේ ක්‍රියාවලියක් නිර්මාණය කිරීමටත් සුවිශේෂී අවස්ථාවක්  වුනා.” 

    ශ්‍රී ලංකාවේ සහ මාල දිවයින සඳහා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (IFC) නියෝජනය කරන කළමනාකාරිණිය වන ලීසා කීස්ට්න්ර් මහත්මිය කියා සිටියේමූල්‍ය සේවාවන්ට කඩිනම්ව ඩිජිටල්කරණය හදුන්වාදීම අත්‍යවශ්‍ය වන අතර එය සමස්ත තිරසාර වර්ධනය සඳහා විශේෂයෙන් සහය වෙනු ඇති. COVID-19 වසංගතය පැවති කාල වකවානුව තුළදී ව්‍යාපාර නිසි අයුරින් පවත්වාගෙන යාම සඳහා ඩිජිටල්කරණය සහය වූ ආකාරය අප හොදින් අත්දැකපු කරුණක්. නව සහ නැගීගෙන එන වෙළෙඳපොළ තුළ මූල්‍ය ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය සඳහා IFC කැපවීමෙන් ක්‍රියාකරන අතර මෙම සුවිශේෂී වූ අසමසම කර්තව්‍ය සඳහා  AIA සමගින් අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ‘AIA Sri Lanka Hackathon Challenge 2021’ අභියෝගය මගින් වෙළෙඳපොල වෙත කාර්යක්ෂම මෙන්ම පරිණාමනය වූ විසදුම් නිර්මාණය වී මෙරට මූල්‍ය සේවාවන් ඩිජිටල්කරණය ඔස්සේ ඉදිරියට හැඩගැසෙන අයුරු දැකීමට අප මහත් උනන්දුවෙන් බලා සිටිනවා.” 

    සිංගප්පූරුවේ මූල්‍යමය අධිකාරියේ ප්‍රධාන ෆින්ටෙක් නිලධාරී සොප්නෙන්ඩු මොහාන්ටි මහතා සිය අදහස් දක්වමින්මෙවැනි hackathon අභියෝගයන්ගෙන් අවබෝධ වන කරුණ වන්නේ එමගින් ඉතා කඩිනම්ව වෙළෙඳපොල වෙත ගෙන යා හැකි විශිෂ්ට නව්‍ය විසදුම්  ඉතා කෙටි කාලයක් තුල දී නිර්මාණය කරගැනීමේ හැකියාවයි. AIA ශ්‍රී ලංකා සමගින් දේශීය සහ විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් සහ නවතම සමාගම් සමගින් පවත්වන ලද මෙම අභියෝගයට සහය වීමට හැකිවීම අපට සතුටක්.” 

    AIA ශ්‍රී ලංකා මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස 3වන වරටත් කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (2021) වෙතින් සහ ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆිනෑන්ස් රිවිව් (2019/2020) වෙතින් සම්මානයට පාත්‍ර විය. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නිරතුරුව ඩිජිටල්කරණ පරිණාමනයේ ප්‍රමුඛස්ථානයේ සිටින අතර සේවාලාභී සත්කාරය වැඩිදියුණු කිරීමට නව තාක්ෂණය සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් සිටියි.