AIA ඉන්ෂුවරන්ස්, 2021/22 SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී ක්ෂේත්‍රය තුල වැඩිම සම්මාන ලැබූවන් අතරට

    April, 18, 2023

    AIA හි විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඔවුනගේ සුවිශේෂී අලෙවි කුසලතාවන් වෙනුවෙන් නොබෝදා පැවති SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.  මෙය  ශ්‍රී ලංකාව තුල අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ප්‍රමුඛතම සම්මාන උළෙලයි.  AIA අලෙවි බලකායේ අත්දැකීම් බහුල, ඉහළ කුසලතාවයන්ගෙන් හෙබි අලෙවි වෘත්තිකයින් ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබා දීම සඳහා නිරතුරුව දක්වන උද්‍යෝගය සහ කැපවීම මෙසේ සම්මානයට පාත්‍ර වීම මගින් වඩාත් පිළිබිඹු වේ.

    2021/22 යන වසර සඳහා සිය විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ඇගයීමට ලක්වූ AIA අලෙවි වෘත්තිකයින් අතර සමස්ත ක්ෂේත්‍රයන් අතරින් 2021 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අලෙවිකාරිනිය ලෙස සංජීවනී සෝමරත්න මෙනෙවිය තේරී පත් වූ අතර 2021 වසරේ Front Liner කාණ්ඩයේ ස්වර්ණ සම්මානය දිනා ගැනීමටත් සංජීවනී සමත් විය.  2021 වසර සඳහා වන Territory Manager කාණ්ඩයේ ස්වර්ණ සම්මානයෙන් විනොල් ප්‍රියසෙනරත් පිදුම් ලැබූ අතර 2022 වසර සඳහා Territory Manager කාණ්ඩයේ ස්වර්ණ සම්මානය නවීන්ද්‍ර නාරංගොඩට හිමි විය.  තක්ෂිලා කෝරළගේ මෙනවිය සහ ක්‍රිෂාන් දසනායක 2021 වසර සඳහා Sales Supervisor කාණ්ඩය වෙනුවෙන් රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ අතර Front Liner කාණ්ඩයේ 2021 වසර සඳහා ප්‍රියදර්ශනී බණ්ඩාරනායක මෙනෙවිය සහ Front Liner කාණ්ඩයේ 2022 වසර සඳහා රොශිකා සොයිසා මෙනෙවිය ද රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ.

    මෙම සම්මානයන්ගෙන් ඔප්පු වන්නේ AIA අලෙවි බලකා සාමාජික සාමාජිකාවන් සිය සේවාලාභීන් වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම වෙනුවෙන් දරන උත්සාහය සහ කැප කිරීමයි.  දිනෙන් දින ඉහළ යන තරඟකාරී වෙළෙඳපොල තුල AIA සිය සේවාලාභීන්හට රක්ෂණ සැලසුමක් පමණක් ලාබා දීමෙන් ඔබ්බට ගොස් ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත අත්පත් කරගැනීමට සහය විය හැකි අයුරින් සුවතා සහකරුවන්ගෙන් සැදුම්ලත් සමස්ත යෝජනාවලියක් ලබා දෙයි. මේ අතරට සේවාලාභීන්හට විශිෂ්ට සේවාවක් සපයනු සඳහා හසල අත්දැකීම් ඇති කැපව කටයුතු කරන කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් ද අයත් වෙයි.  විශිෂ්ටත්වය සඳහා ඇති මේ කැපවීම සම්මානලාභී අලෙවි බලකායෙන් වඩාත් පිළිබිඹු වේ.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ "සම්මානලාභී අලෙවි බලකා සාමාජිකයින්ගේ විශිෂ්ට ජයග්‍රණයන් වෙනුවන් මාගේ උණුසුම් සුබ පැතුම් එක්කර සිටින අතර ඔවුනට තවදුරටත් මෙවන් විජයග්‍රහණ ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවායි මා ප්‍රාර්ථනා කර සිටිනවා!  මෙය අපගේ අලෙවි බලකා සාමාජිකයින් විසින් සිය සේවාලාභීන් වෙත සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබාදීම වෙනුවෙන් කරන්නා වූ කැපකිරීම සඳහා හොඳ සාක්ෂියක්.  සමාගම කෙරෙහි විශ්වාසය තැබූ අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙත මාගේ හදපිරි ස්තුතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නා අතරම අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට තවදුරටත් කැපව කටයුතු කරන බව කියන්න කැමතියි".