AirAsia වෙතින් නව වසරට නොමිලේ ගුවන් ආසන

    March, 6, 2018

    AirAsia සහ AirAsia X මේ වසරේ ප්‍රථම ප්‍රධාන පෙළේ ප්‍රවර්ධන වැඩසටහන යටතේ ගුවන් ආසන මිලියන 5ක් පිරිනැමීමට කටයුතු කරයි.

    2018 සැප්තැම්බර් මස 3 වනදා සිට 2019 මැයි මස 28වනදා* දක්වා සංචාරය කිරීම සඳහා 2018 මාර්තු මස 5 වනදා (0001h GMT +8) සිට 2018 මාර්තු මස 11 වනදා (2359 GMT +8) දක්වා ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී කුවාලා ලම්පූර් වෙත රු. 13,990ක් වැනි ඉතා අඩු මිලකට ගමන් කිරීමේ හැකියාව මේ අනුව පාරිභෝගිකයන්ට හිමිවේ. ඊට අමතරව, මැලේසියාවේ කුවාලා ලම්පූර් අතරමැදි ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව, ලංකාවි, බැංකොක්, මෙල්බෝන්, බාලි සහ තවත් ගමනාන්ත රැසකට ගමන් කරන සංචාරකයන් හට අසමසම මිල ගණන් හිමිකර ගැනීමේ අවස්ථාව ද මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ උදාකර ඇත.

    2018 මාර්තු මස 4 වනදා (0001h GMT +8) සිට AirAsia BIG සාමාජිකයන් හට airasia.com වෙබ් අඩවියෙන් සහ AirAsia ජංගම දුරකථන යෙදවුමෙන් ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමටත්, airasiabig.com වෙබ් අඩවියෙන් සහ AirAsia BIG ජංගම දුරකථන යෙදවුමෙන් ගුවන්යානා රෙඩීම් කර ගැනීමටත් හැකි අතර AirAsiaGo සහ AirAsia Expedia සාමාජිකයන්ට ද විශේෂ ප්‍රමුඛතා ප්‍රවේශ වෙන්කරවා ගැනීමේ ලින්කුවක් හිමිවේ.

    ප්‍රවර්ධන වැඩසටහන අතරතුර වෙබ් අඩවියෙන් හෝ ජංගම දුරකථන යෙදවුමෙන් ආසන වෙන්කරවා ගන්නා නව පාරිභෝගිකයන්ට ද ප්‍රිමියම් ෆ්ලැට්බෙඩ් හැරුණු කොට තමන් මිලදී  ගන්නා ආසන සඳහා 20%ක වට්ටමක් හිමිකර ගත හැකිය.

    කුවාලා ලම්පූර් දක්වා සෘජුව ගමන් කිරීමට අමතරව, එහි සිට අවසන් ගමනාන්තය දක්වා බාධාවකින් තොරව ආගමන කටයුතු සිදුකර ගැනීමට AirAsia Fly-Thru සේවාව ලබා ගැනීමට ද මගීන්ට හැකිවේ. AirAsia සමාගම ආසියාව, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය තුළ රාජ්‍යයන් 14ක් පුරා Fly-Thru සේවා 41ක් පිරිනමයි.

    මෙම ප්‍රවර්ධන වැඩසටහන AirAsia Japan (වාහක කේතය DJ) මගින් මෙහෙයවනු ලබන ගුවන් ගමන් සඳහා වලංගු නොවේ.

    වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර twitter.com/AirAsia සහ facebook.com/AirAsia හරහා පිළිවෙලින් ට්විටර් සහ ෆේස්බුක් වෙත පිවිසෙන්න.

     

    *ජපාන ගමනාන්ත සඳහා ගමන් කාලය 2018 සැප්තැම්බර් 3 සිට 2018 ඔක්තෝබර් 27

    **බදු සහ ගාස්තුවලින් තොර එක්-දිශා ගුවන් ගමන් මිල. කොන්දේසි සහිතයි.