Amana Takaful Life Insurance සැලකිය යුතු සාර්ථකත්වයන් සමඟින් 2021 වසරේ දී නැවතත් කරලියට

    May, 3, 2022

    Amana Takaful Life Insurance (ATLI) 2020 වසර තුල අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් නිමකොට 2021 වසරේ දී සැලකියයුතු වර්ධනයක් වාර්තා කරමින්, ආපසු කරලියට පැමිණ තිබේ. 2021 දී Amana Takaful Life Insurance එහි දළ ලිඛිත වාරික දායකත්වය (GWP) ඉහළ නංවා ඇති අතර, සංවිධානයේ 2021 වාර්ෂික කාර්ය සාධනය වසර පුරා එහි කාර්තුමය ජයග්‍රහණ මත ගොඩනගා ඇත.  2020 වසරේ 4වන කාර්තුවට සාපේක්ෂව 2021 වසරේ 163% ශුද්ධ ලාභ වර්ධනයක් සහ ස්ථාවර 32% GWP වර්ධනයක් වාර්තා කොට තිබේ.

    ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ මහතා මෙසේ සිය අදහස් දැක්වීය “2021 රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ලෙහෙසි පහසු වසරක් නොවූයේ  වසංගතය සහ  අනෙකුත් අනපේක්ෂිත ආර්ථික අභියෝග හදිසියේම පැන නැගීම නිසායි. අපගේ වාර්තාවලට අනුව, අපි මෙම අභියෝග ජයගත් අතර 2021 වසරෙහි ජයග්‍රාහී සිව්වන කාර්තුවක් වාර්තා කරන ලදී. පසුගිය වසර කිහිපය තුළ සමාගම මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වය අභිබවා යමින් Amana Takaful Life Insurance 2021 වසරේ සිය ශුද්ධ ලාභයේ 128% YOY වර්ධනයක් වාර්තා කළේය. මෑත කාලයේ ආර්ථික වශයෙන් වඩාත්ම අභියෝගාත්මක වසර තුළද විශාල වර්ධනයක් වාර්තාකරමින් අපි ද්විත්ව ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. 2021 දී, ATLI විසින් එහි දළ ලිඛිත වාරික දායකත්වය (GWP) 21% කින් ඉහළ නැංවූ අතර, මුළු මුදල මිලියන 881.7 කි. අපගේ පළමු වසරෙහි නිත්‍ය ව්‍යාපාරික වාරිකයේ සැලකිය යුතු 35% වර්ධනයට අපගේ සමස්ත වර්ධනය මනාව උපකාර වී ඇත. 2021 වර්ෂය තුළ අපගේ මුළු වත්කම් 7.6% ක වැඩිවීමකින් රුපියල් බිලියන 3.33 දක්වා වර්ධනය විය. සියලුම පළාත් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව පුරා ස්ථාන 35කට ආසන්න ප්‍රමාණයක ශාඛා පිහිටුවීමටද අපට හැකියාව ලැබුණි."

    “මීට වසර කිහිපයකට පෙර Amana Takaful Life Insurance ධනාත්මක වර්ධන මාවතක් කරා ගෙන යාමේ අරමුණින් නව නායකත්වයක් යටතේ, නව සැලසුමකට අනුකූලව ආරම්භ කරනු ලැබුවා.  2021 දී, අප දුටු සැලකිය යුතු පෙරළිකාර වර්ධනයේ  ප්‍රතිඵලයක් ලෙස, අපගේ සැලැස්ම සාර්ථක වී ඇති බව මට දැන්  කිව හැකිය. අපගේ 2021 ජයග්‍රහණ, මූල්‍යමය වශයෙන් පමණක් නොව අපගේ නිෂ්පාදන සහ සේවා ප්‍රමිතීන් නංවාලීම සහ අප සියලු පාර්ශ්වකරුවන් සමඟ අප සතු බැදීම වර්ධනය කරන  දිගු ගමනක ආරම්භයයි. සාර්ථක 2021 වසරක් සඳහා අමානා ලයිෆ් කණ්ඩායමට සුබ පැතීමට ද මෙය මා අවස්ථාවක් කරගන්නට කැමතියි"  සමාගමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් Amana Takaful Life Insurance හි සභාපති ඔස්මාන් කාසිම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.