AMW සමඟ එක්ව Renault ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි

    September, 23, 2026

    Kwid, Kiger, Triber සහ Duster ශ්රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීමට සූදානම්

    ලොව ප්‍රමුඛතම මෝටර් රථ සන්නාමයක් වන Renault, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Associated Motorways (Private) Limited (AMW) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙළෙඳපොළට යළි පිවිසෙයි. 1898 වසරේ ප්‍රංශයේ ආරම්භ වූ Renault, වසර 125කට අධික යුරෝපීය මෝටර් රථ උරුමයක් සහ ඉංජිනේරු විශිෂ්ටත්වයක් හිමි සන්නාමයක් වන අතර, වර්තමානයේ ප්‍රංශයේ අංක එකේ අලෙවි වන මෝටර් රථ සන්නාමය මෙන්ම යුරෝපයේ ප්‍රමුඛතම මෝටර් රථ සන්නාමයක් ලෙසද ස්ථාපිත වී ඇත.

    ශ්‍රී ලංකා වෙළෙඳපොළට යළි පිවිසීමත් සමඟ Kwid, Kiger, Triber සහ Duster යන මාදිලි හතර Renault හි ආරම්භක නිෂ්පාදන පෙළ ලෙස හඳුන්වා දීමට නියමිතය. විවිධ මෝටර් රථ කාණ්ඩ ආවරණය කරන මෙම මාදිලි, නවීන යුරෝපීය නිර්මාණය, තාක්ෂණය, ප්‍රායෝගිකත්වය සහ Renault සතු සුවිශේෂී මෝටර් රථ උරුමය ඒකාබද්ධ කරයි.

    AMW සමඟ ඇති හවුල්කාරීත්වය හරහා Renault, කැපවූ පාරිභෝගික සේවා ස්ථාන, විශේෂිත අලෙවියෙන් පසු සේවා සහ ක්‍රමයෙන් පුළුල් වන අලෙවි ජාලයක සහාය ඇතිව දිවයින පුරා සිය මෙහෙයුම් පුළුල් කිරීමට නියමිතය. එමගින් වාහනය මිලදී ගැනීමේ සිට අලෙවියෙන් පසු සේවා දක්වා සම්පූර්ණ හිමිකාරී අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත ලබාදීම අරමුණ වේ.

    Renault හි ශ්‍රී ලංකා වෙළෙඳපොළට යළි පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් Renault India හි විකුණුම් හා අලෙවිකරණ උප සභාපති Francisco Hidalgo මහතා පැවසුවේ, ශ්රී ලංකාව වෙත අපගේ අපනයන කටයුතු යළි ආරම්භ කිරීම, අපගේ ජාත්යන්තර ගමනේ වැදගත් පියවරක්. ශක්තිමත් දේශීය හවුල්කාරීත්වයන් සහ පාරිභෝගික අවශ්යතාවලට ගැළපෙන නිෂ්පාදන පෙළක් මත පදනම්ව, දිගුකාලීනව තිරසාර වෙළෙඳපොළ ගොඩනැගීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා,” යනුවෙනි.

    AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Jawahar Ganesh මහතා අදහස් දක්වමින් පැවසුවේ, ප්රකට Renault සන්නාමය නැවතත් ශ්රී ලංකාවට රැගෙන ඒම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. Renault සතු සුවිශේෂී යුරෝපීය නිර්මාණ සංකල්පය සහ ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය ලෙස, නවීන කාර්යසාධනය, සුවපහසුව සහ ප්රායෝගිකත්වය සඳහා නිර්මාණය කළ මාදිලි පෙළක් අපි ශ්රී ලංකා පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනවා. ලෝක මට්ටමේ Kwid, Kiger, Triber සහ Duster මාදිලි AMW හි විශ්වාසනීය දිවයින පුරා ජාලය සමඟ එක්වීම තුළින්, ප්රදර්ශනාගාරයේ සිට අලෙවියෙන් පසු සේවා දක්වා සෑම අදියරකදීම පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට අපට හැකි වේ,” යනුවෙනි.

    2008 වසරේ සිට Al-Futtaim හි සාමාජික සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීන අත්දැකීම් සහ ශක්තිමත් දිවයින පුරා ජාලයක් සතු සමාගමකි. මෙම පළපුරුද්ද සහ යටිතල පහසුකම් Renault සන්නාමය ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ නැවත ස්ථාපිත කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

    ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන Renault මෝටර් රථ දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ රැසකට අපනයනය කෙරේ. ශ්‍රී ලංකාවට නැවත පැමිණීමත් සමඟ Renault සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරමින්, මෙරට පාරිභෝගිකයන් වෙත නවීන සහ ප්‍රායෝගික මෝටර් රථ තේරීම් රැසක් හඳුන්වා දීමට සූදානම් වේ.

    Renault මෝටර් රථ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා AMW Renault ක්ෂණික දුරකථන අංකය 011 760 9609 අමතන්න.