Arden අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ට සත්කාරක ක්ෂේත‍්‍රයේ කීර්තිමත් වෘත්තීය අවස්ථාවන්ට මං පෙත් විවර කරදෙයි

    June, 9, 2016

    Arden අධ්‍යාපන ආයතනය පෞරෂ හා වෘත්තීය සංවර්ධනය උදෙසා වන මෙරට ප‍්‍රමුඛ පෙළේ ශාස්ත‍්‍රාලයක් වන අතර එය පසුගියදා American Hospitality & Lodging Educational Institute ^AHLEI& හි ගෝලීය අධ්‍යාපනික හවුල්කරුවා බවට පත්විය.

    මෙරට කීර්තිමත් පෞරෂ සංවර්ධන හා වෘත්තීය උපදේශිකාවක වන නීඩ‍්‍රා වික‍්‍රමසිංහ මහත්මියගේ දායකත්වයෙන් Arden අධ්‍යාපන ආයතනය ඇරඹුණු අතර මේ වනවිට එහි විධායක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්නේ ද ඇයයි. Arden අධ්‍යාපන ආයතනය අනෙකුත් අනුග‍්‍රාහක ආයතන, කීර්තිමත් වෘත්තීය අධ්‍යාපන ආයතන, සත්කාරක ක්ෂේත‍්‍රයේ සංගම් හා වෙනත් වෘත්තීය අධ්‍යාපන ආයතන සමග සමීපව කටයුතු කරන අතර සත්කාරක ක්ෂේත‍්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් මෙයට හිමිය.

    Arden අධ්‍යාපන ආයතනයෙන් AHLEI පිළිගැනීම හිමි සුවිශේෂී සත්කාරක පාඨමාලාවන් හා සහතික ප‍්‍රදානය කරයි. AHLEI අධ්‍යාපන ආයතනය වසර 63 කට අධික කාලයක් පුරා ප‍්‍රමුඛ පෙළේ හෝටල් සන්නාම, කළමනාකරණ ආයතන, සත්කාරක විෂය උගන්වන පාසල්, විශ්වවිද්‍යාල, සම්මේලන මධ්‍යස්ථාන හා ලොවපුරා තිබෙන සංවිධාන වලට වෘත්තීය පිළිගැනීම හිමිකරදෙන සහතිකපත් ප‍්‍රදානය කරයි. පුහුණු හෝටල් කාර්යමණ්ඩල සඳහා පවතින වර්තමාන ඉල්ලූම සපුරාලන AHLEI පාඨමාලාවන් හා සිසුන්ගේ හැකියාවන් නංවාලීමේ සුවිශේෂී පුහුණු වැඩසටහන් වලින් ද Arden අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවන් සමන්විත වී ඇත.

    AHLEI, සත්කාරක පුහුණු හා හෝටල් කළමනාකරණ සහතික ප‍්‍රදානය කිරීමේ නියුතු ලොව ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස මනා පර්යේෂණ තුළින් සුවිශේෂී මිනුම් දඬු හා නූතන සමාජයට සරිලන අධ්‍යාපන සම්පාදකයකු ලෙස අඛණ්ඩව වසර ගණනාවක් පුරා සත්කාරක ක්ෂේත‍්‍රයේ වෘත්තීය ප‍්‍රවීණයින් බිහිකර ඇත.

    Arden අධ්‍යාපන ආයතනයෙන්, AHLEI විභාග වලට අදාළ පාඩම් මාලාව සම්පූර්ණ කළ පසු සෘජුවම AHLEI සහතිකය හිමිවෙන අතර සත්කාරක ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින් බව තහවුරු කරන AHLEI පදක්කම ද සිසුන්ට ඉන්පසුව හිමිවෙයි. Arden අධ්‍යාපන ආයතනයෙන් සත්කාරක ක්ෂේත‍්‍රයේ නිසි පුහුණුව හා දැනුම හිමිකරගන්නා සිසුන්ට එම දැනුමින් සන්නද්ධ වී AHLEI විභාග වලට මුහුණදීමට හැකිය.

    Arden අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ට හිමිකරදෙන පිළිගැනීමේ කවුළුව, අමුත්තන්ගේ කාමර, භෝජනාගාර සේවාවන් හා අරක්කැමි සේවාව වශයෙන් නම්කළ අධ්‍යයන අංශ හතරක් ඔස්සේ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත හා අනාගත වෘත්තීය අරමුණු වලට අනුව අත්‍යවශ්‍ය හැකියාවන් දියුණු කරගත හැකිය.

    සුවිශේෂී AHLEI පිළිගැනීම හිමිකරදෙන මෙරට එකම අධ්‍යාපන ආයතනය Arden වන අතර අත්දැකීම් වලින් සපිරි සත්කාරක ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් පිරිසකගේ මගපෙන්වීමෙන් මෙහි සියළු පාඨමාලාවන් සිදුකෙරෙයි. Arden අධ්‍යාපන ආයතනය සත්කාරක ක්ෂේත‍්‍රයේ ඔබේ සිහින රැකියාවට ගැළපෙන තෝරාගැනීමයි.

    011 2575762/ 077 7890060 යන දුරකථන අංකයන්ට ඇමතීමෙන් Arden අධ්‍යාපන ආයතනය මෙහෙයවන පාඨමාලාවන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිය

    සේයා රූ සටහන - Arden අධ්‍යාපන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධූරය හොබවන නීඩ‍්‍රා වික‍්‍රමසිංහ මහත්මිය