Atlas Axillia  ගුරු ගරු උපහාර උලෙල සාර්ථකව අවසන්වේ

    October, 21, 2024

    Atlas Axillia සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සහ බස්නාහිර පලාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුවේ    සංවිධානයෙන්  සිව්වන වරටත් සංවිධානය කරනා ලද ගුරුගරු උපහාර උලෙල පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.මෙහිදී බස්නාහිර පලාත පුරා සිටිනා තෝරාගත් ප්‍රාථමික අංශයේ ගුරු භවතුන් 250 ක් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද උත්සවය වෙනුවෙන් එක්වී සිටියහ.
    අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් අධ්‍යාපන පුද්ගලික ලේකම් විශාඛා අබේරත්න, බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ  ජ්‍යෙෂ්ට අතිරේක ලේකම් නිරූපා මානගේ, බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී ආර් දේවබන්දු , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ නයනි පෙරේරා, Atlas Axillia  සහ හේමාස් සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර යන මහත්ම මහත්මීන් මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී විය. මෙම වාර්ෂික වැඩ සටහන දෙවන වරටත් සාර්ථකව සම්බන්ධීකරණය  කරනා ලද්දේ  අධ්‍යාපනවේදී  ආචාර්‍ය අරුණ ධම්මික කරුණාරත්න මහතා විසිනි.