July, 14, 2026
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ඨ සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන් සතු කැපවීම එමඟින් නැවත වරක් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ වසර 25කට වැඩි මෙහෙයුම් ඉතිහාසයකට හිමිකම් කියන මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම ජාත්‍යන්තර මට්ටමේ ලිහිසිතෙල් සම්බන්ධයෙන් ඉහළම තලයේ කීර්තියක් අත්කරගෙන තිබේ. ලොව ප්‍රමුඛතම කෘත්‍රිම ලිහිසිතෙල් වර්ගය ලෙස පිළිගැනෙන Mobil සහ මෙරට රියැදුරන්ට පරම්පරා ගණනාවක් පුරා විශ්වාසය තබා සිටින Lockheed Brake Fluids ඇතුළු ලෝක ප්‍රකට සන්නාම රැසක් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරනු ලබන්නේ මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම විසිනි.
පාරිභෝගික අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගැනීම, උසස් නිෂ්පාදන සහ සේවාවන් සැපයීම මෙන්ම පාරිභෝගියන්, බෙදාහරින්නන්, කාර්මික සේවා ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෙසු පාර්ශ්වකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් මැක්ලරන්ස් සමාගම දක්වනු ලබන දැඩි අවධානය මෙම සම්මානය තුළින් ඇගයිමට ලක් කර තිබේ. එමෙන්ම නිරතුරුවම පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීමට එම සමාගමට හැකිවී ඇත්තේ ඔවුන්ගේ මෙහෙයුම් විශිෂ්ඨත්වය, නවෝත්පාදනය සහ සේවාවන් හි ගුණාත්මකභාවය උදෙසා අඛණ්ඩව සිදු කරනු ලබන ආයෝජන හේතුවෙන් බව මෙමඟින් පෙන්නුම් කෙරේ.
මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා මෙම ජයග්‍රහණය පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.
‘හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරුගේ සම්මානය දිනාගැනීම අපට සුවිශේෂී කඩඉමක් මෙන්ම වසර 25ක් පුරා අපගේ පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයට කදිම සාක්ෂියකි. මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගමේ අප සිදු කරනු ලබන සියලු කාර්යයකදීම පාරිභෝගික කේන්ද්‍රීයභාවය කෙරෙහි ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය ශක්තිමත් කරමින් සිටින අතරතුරදීම පාරිභෝගිකයන් වෙනුවෙන් තිරසර වටිනාකමක් නිර්මාණය කරන ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන, සුවිශේෂී සේවාවන් සහ නවෝත්පාදන විසඳුම් ලබාදීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිමු.‘මෙම ජයග්‍රහණය සාක්ෂාත් කරගැනීම සඳහා අඛණ්ඩව විශ්වාසය සහ සහයෝගය ලබා දුන් සියලුම පාරිභෝගිකයන්, බෙදාහරින්නන්, අලෙවිකරුවන්, කාර්මික සේවා ආයතනවල සහ අලෙවි ජාලයේ හවුල්කරුවන් වෙත මැක්ලරන් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම සිය අවංක කෘතවේදීත්වය පළ කර සිටී.
ඡායාරූප විස්තරය - (වමේ සිට) චතුර කත්‍රිආරච්චි -ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන), උපුල් සෝමරත්න - සාමාන්‍යධිකාරි (වෙළෙඳ), චමින්ද ගුණරත්න - සම කළමනාකරු, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලයේ නියෝජිතයන් සහ ළහිරු ද තාබෘ - ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි)
Video Story