Avenue 9 සමග ගල්කිස්ස වෙත එන සුඛෝපභෝගී ජීවන රටාව

    November, 29, 2017

    පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන දියුණුවක් සහිත දේපල කර්මාන්තය පුළුල් ලෙස වර්ධනය වීමෙන් රටපුරා ප්‍රධාන නගර නාගරීකරණය වී ඇත.

    2014 වසර මුල සිට උසස් තත්වයේ ඉදිකිරීම් පිළිබඳ අවධානය යොමු කරන ලද දේපල සංවර්ධන සමාගමක් වන ගේට්වේ හෝම්ස් පෞද්ගලික සමාගම (Gateway Homes (Pvt) Ltd) ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය Avenue 9 නියමිත කාලය තුළදී  සම්පූර්ණ කිරීමට ලඟා වී ඇත.

    ගල්කිස්ස නගරයේ පිහිටා ඇති Avenue 9 නිදහසේ ජීවත් වීම සඳහා හුදෙකලා වටාපිටාවක් හා වැදගත් ස්ථාන වලට සමීප වන අයුරිනුත් පිහිටා ඇති අතර  මීටර් 100ක දුරින් ඇති ගල්කිස්ස හෝටලය, දිවයිනේ කීර්තිමත් පාසැල්,සුපිරි වෙළඳ සැල්, සාප්පු සංකීර්ණ සහ ආපන ශාලා  ඒ අතර වේ.

    භූමියේ ප්‍රතිලාභ වලට අමතරව මෙම පස්මහල් ගොඩනැගිල්ලේ අලංකාර ලෙස නිර්මාණය කර ඇති නිදන කාමර තුනකින් යුත් නිවාස ඒකක සහ පෙන්ට් හවුස් එකකින් සමන්විත වේ. එසේම වර්ග අඩි 1350 කින් සමන්විත සෑම ඒකකයක්ම විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, පැන්ට්‍රි, නිදන කාමර තුනක්, නාන කාමර දෙකක්, සහ වෙන් වෙන්ව පිහිටි බැල්කනි වලින්ද සමන්විත වේ. සම්පූර්ණ නිවාස සංකීර්ණය ඉතා හොඳින් සැලසුම් කිරීමට අමතරව පොදු ප්‍රදේශයක් සඳහා සූර්ය බල ශක්තිය සැපයෙන අතර පැය 24ක ආරක්ෂක පද්ධතියක්, ගිනි ආරක්ෂණ පද්ධතියක් සහ වැඩි ආරක්ෂාව සඳහා අකුණු සන්නායකයක් ද වහලයෙහි සවි කර ඇත. තවද, ආරක්ෂා සහිත නැවතුම් අංගයක් ද උත්සව අවස්ථා සඳහා භාවිත කල හැකි ඉන්දියන් සාගරයේ මනා දර්ශනයකින් යුත් ඉහල මාලයකින්ද මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

    ගේට්වේ හෝම්ස් විසින් සංවර්ධනය කර ඇති මෙම Avenue 9 නිවාස සංකීර්ණයේ විවෘත කිරීම සහ නිවැසියන්ට යතුරු බාර දීමේ උත්සවය 2017 ඔක්තෝම්බර් මස දී සිදු වීමට නියමිත අතර මෙහි අලෙවිකරණ කටයුතු සාර්ථකව සිදුකරන ලද්දේ දිවයිනේ කීර්තිමත් දේපළ අලෙවිකරුවකු වන ඉන්වොක් පෞද්ගලික සමාගම (Invoke (Pvt) Limited) විසිනි.

    Avenue 9 සහ අනෙකුත් දේපල සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ වැඩි විස්තර සඳහා, අමතන්න: 0772 455 233 / පිවිසෙන්න:  www.avenuenine.lk හෝ www.invoke.lk