B Connect App – නව තාක්ෂණයෙන් බලගැන්වෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍ර බලකාය

    October, 23, 2018

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිය විකුණුම් බලකාය වෙනුවෙන් B Connect නමින් නවතම අයදුමක් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ඔවුනට  තොරතුරු යාවත්කාලීනව එසැනින් ලබාගැනීමේ පහසුකම සලසා තිබේ.

    ඩිජිටල් තාක්ෂනය පෙරටු කරගනිමින් ගමන්ගන්නා තරඟකාරී  ව්‍යාපාර පරිසරයක නව තාක්ෂණයෙන් සන්නද්ධ විකුණුම් බලකායක අවශ්‍යතාව හඳුනාගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙම අයදුම නිර්මාණය කරන්නේ විකුණුම් බලකාය සඳහා වඩා කාර්යක්ෂම සන්නිවේදන ජාලයක් සපයා දීම සඳහායි.

    මෙමගින් පාරිභෝගිකයන්ට වඩා පහසු හා ඵලදායි  සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විකුණුම් බලකාය අවශ්‍ය පහසුකම් සපයා දෙනු ලැබේ.

    2018 ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී මෙම අයදුම හඳුන්වාදෙන ලද අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති හේමක අමරසුරිය මහතා, ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල් අලුත්ගම මහතා, ප්‍රධාන නිළධාරී ජීවිත රක්ෂණ සුරේෂ් පරණවිතාන මහතා, ප්‍රධාන නිළධාරී ව්‍යාපාර සංවර්ධන රුක්මන් වීරරත්න මහතා, ප්‍රධාන නිළධාරී තොරතුරු ආලෝක ජයවර්ධන මහතා, ප්‍රධාන නිලධාරිනී සාමාන්‍ය රක්ෂණ රුවන්ති ගුණරත්න මහත්මිය  ඇතුළු ඉහල කළමනාකාරීත්වය සහභාගී වූහ.

    1962 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය  රක්ෂණ ආයතනයි. මේ වන විට රුපියල් බිලියන 193 කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 100 කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි  ශ්‍රී   ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයි. එමෙන්ම මෙරට ප්‍රමුඛතම මුල්‍ය  රක්ෂණ සමගම වන  ශ්‍රී  ලංකා ඉන්ෂුවරන්ස්, ෆිට්ච් AA+(lka) ශ්‍රේණිගතකිරිමට හිමිකම් කියන එකම එකම දේශීය රක්ෂණ ආයතනයි.