BCS සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ පළමු ආයතනය බවට IIT පත්වෙයි

    July, 11, 2018

    ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගැනීම ලත් උපාධි වැඩසටහන් 4ක්  IIT වෙතින්

    මෙරට බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ( IIT) බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS)සුදුසුකම්ලාභී උපාධි වැඩසටහන් දියත් කරන මෙරට පළමු ආයතනය බවට පත්වෙයි.  

    මේ යටතේ  BCS සුදුසුකම් ලත් University of Westminster, The Chartered Institute for IT හා එක්ව IIT වෙතින් උපාධි වැඩසටහන්  හතරක්  දියත් කෙරෙයි.  මෘදුකාංග ඉංජිනේරු  BSc/BEng (Hons) , පරිගණක විද්‍යා BSc (Hons) , ව්‍යපාර තොරතුරු පද්ධති  BSc (Hons) සහ උසස් මෘදුකාංග ඉංජිනේරු  යන උපාධි වැඩසටහන් 4 මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.  මෙම සුදුසුකම්ලාභී උපාධි වැඩසටහනට අයත් ඕනෑම උපාධියක් සම්පූර්න කරන උපාධිධරයෙකු Chartered IT Professional (CITP) ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරාලනු ඇත.සාමාන්‍ය ක්‍රමවේදය අනුව මෙම වෘත්තීය සුදුසුකම සපුරාලීම  සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර මෙම උපාධි වැඩසටහන් හා සම්බන්ධ වන උපාධිධාරීන් සෘජුවම Chartered IT Professional (CITP) සුදුසකම ලබාගනියි. එමෙන්ම මෙම උපාධිධාරීන්ට BCS  (MBCS) වෘත්තීය සමාජිකත්වය ද හිමිවෙයි. තවද මීට අමතරව පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු උපාධි ලබාගන්නා උපාධිධාරීන්ට  Chartered or Incorporated Engineer (CEng or IEng) සුදුසුකම ද හිමිවෙයි.

    තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගේ උසස් අධ්‍යාපන සුදුසුකමක් වන  බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ (BCS) උපාධිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ උසස්තම සුදුසුකමකි. සිසුන්ගේ තත්වය සහ සේවායෝජකයින්ගේ උසස් තත්වය පෙන්නුම් කෙරෙන දර්ශකයක් ලෙස හැඳින්විය හැකි මෙම උපාධි සුදුසුකම පිරිනමන ආයතනයේ ස්වාධිනත්වය අනුව ද එහි වටිනාකම තක්සේරු වෙයි. මාස කිහිපයක් පුරා සිදුකළ සොයාබැලීම් වලින් පසු  IIT වෙත මෙම සුදුසුකම් ලාභී උපාධි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අවස්ථාව හිමිවී ඇති අතර එහිදී එම උපාධි වැඩසටහන ක්‍රියාත්මක කරන ආයතනයේ විස්තරසම්පත්ගුරු උපකරණපාඨමාලා වැඩකටයුතු ආදිය සම්බන්ධයෙන්  සොයා බැලීමෙන් සහ එම අදාල ආයතනයේ ආචාර්යවරුන් සහ සිසුන් අතර පවත්වන නිදහස් සම්මුඛ සාකච්ඡා කිහිපයක්ද පවත්වනු ලබයි.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වරලත් ආයතනය වන BCS තොරතුරු සමාජයක් බිහිකිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි.  මෙම ආයතනය විසින් වසර ගණනාවක් තිස්සේ උසස් තොරතුරු තාක්ෂණ විද්‍යාවක් සහ භාවිතාවක් තුළින් ඇතිවූ සමාජයීය ආර්ථික ප්‍රගතිය ප්‍රවර්ධනය කරයි. එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ විවිධ පාඨමාලාපුහුණ වැඩසටහන්විභාගසහ සහතික කිරීමේ පද්ධති යනාදිය පවත්වාගෙන යමින් ජනතාවටව්‍යාපාරවලට සහ සමාජයට ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කර ගැනීමට උපකාරී වෙයි.

    මෙම සුදුසුකම ලබාගැනීම පිළිබඳව අදහස් දැක්වූ   IIT හි පීඨාධිපතිනී  නියෝමී ක්‍රීෂ්ණරාජා  සඳහන් කළේ බ්‍රිතන්‍ය පරිගණක සමාජයේ උපාධි වැඩසටහන් දියත් කිරීමට අවස්ථාව හිමිවීම තම ආයතනය ලද සුවිශේෂී අවස්ථාවක් වන බවයි. මෙමගින් IIT වෙතින් පිරිනමන උපාධි වැඩසටහන් වල උසස් ගුණාත්මක භාවය තවදුරටත් අවධාරණය කර ඇති බව පෙන්වා දුන් ඇය කියා සිටියේ  BCS පිළිබඳව ඇති උසස් පිළිගැනීම නිසාම මෙම උපාධිධාරීන්  ක්ෂේත්‍රය තුළ සමාජය තුළ ඉහළ පිළිගැනීමට ලක්වන බවයි.

    වර්ෂ 1990 දී පිහිටුවන ලද IIT ආයතනය ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ අංශ පිළිබඳව පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමීම සඳහා මෙරට පිහිටවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. University of Westminster (UOW) - UK සහ Robert Gordon University - UK යන විශ්ව විද්‍යාල සඳහා පශ්චාත් උපාධි සහ උපාධි පිරිනැමීම  සඳහා මෙරට සම්මාන දිනූ ආයතනයකි.  වසරින් වසර මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කුසලතා පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින්  මෙරට තොරතුරු තාක්ෂණයේ වර්ධනය සඳහා IITසිදුකර ඇති මෙහෙවර අති මහත් ය.පෞද්ගලික සහ රාජ්‍ය  මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන්  මෙම විද්වතුන් සාර්ථක ඉංජිනේරුවරුන් සහ ව්‍යවසායකයින් බවට පත්වී සිය සේවය ලබාදෙමින් සිටියි.ලෝකය පුරා විවිධ ආයතන 250 කට අධික ප්‍රමාණයක්  සඳහා උපාධිධාරීන් විශාල පිරිසක් බිහිකිරීමට මේ වනවිට IIT සමත්වී තිබේ.

     

     

    ඡායාරූප  (වමේ සිට)

    කමලිනී සිවගුණරත්නම් ,  විදුහල්පති සහ කථිකාචාර්ය - වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය

    දීප්ති රවීපුස්තකාලාධිපති - ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි

    කිශානි පෙරේරා,අධ්‍යක්ෂිකා - ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි

    ජෙෆ්රි නයිලර්සමාජික -BCS සුදුසුකම් මණ්ඩලය

    රොබට් නීල් - සභාපති, BCS සුදුසුකම් මණ්ඩලය

    නයෝමි ක්‍රිෂ්ණරාජාපීඨාධිපතිනිය - ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි

    සුදර්ශන වැලිහිඳමෙහෙයුම් අධ්‍යක්ෂ- ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි

    ප්‍රදිපා උඩකරරෙජිස්ටාර් - ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි

    ඔස්ටෙන් මස්කරන්ඤෙ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය - ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි

    තනූජ පියරන්ත - තොරතුරු තාක්ෂණ කළමණාකාර - ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි