Bell 4G සමග ලංකාබෙල්, වාර්තාගත කාලයක් තුල ගෘහස්ථ හා ව්‍යාපාරික සබඳතා 35,000ක කඩඉම පසු කරයි

    March, 21, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන කිඹ්යාකාරී සමාගම වන ලංකා බෙල් තවත් සාර්ථක කඩඉමක් පසු කරමින් BELL 4G වෙළඳ නාමය යටතේ ගෘහස්ථ හා ව්‍යාපාරික 4G LTE අන්තර්ජාල සම්බන්ධතා 35,000 ක් ලබා දීම සනිටුහන් කළේය. BELL 4G කෙටි කාලයක් තුලදී තම පාරිභෝගිකයන් 15000 සිට 35000 ක පඹ්මාණයක් දක්වා වර්ධනය කර ගෙන ඇත.

    ”ලංකා බෙල් 4G සේවාවේ ඇති වේගය, විශ්වාසනීයත්වය, නිරන්තර සබඳතාවය හා ගෙවන මුදලට සරිලන සේවාව ලබා දෙන බැවින් මේ වන විට දිවයිනේ ඉහළම ඉල්ලූමක් ඇති අන්තර්ජාල සේවා සැපයුම්කරු වීමට ලංකා බෙල් 4G සේවාවට හැකි වී තිබෙනවා” යැයි ලංකා බෙල් සමාගමේ කළමණාකාර අධමික්ෂක ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා පවසා සිටියේය.

    ලංකා බෙල් මෙම කඩයිම ප‍්‍රකාශයට පත් කලේ පසුගියදා පැවතී ART TV CEO ෆෝරමයේදී වූ අතර මේ සඳහා ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සමග ආරාධිත දේශනය සඳහා පැමිණ සිටියේ ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි.