BIMSTEC අමාත්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ දී

    May, 18, 2017

    දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන තුන්වන BIMSTEC අමාත්‍ය සමුළුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල එකමුතුවෙන් 1997 වර්ෂයේදී පිහිටුවාගනු ලැබු BIMSTEC සංවිධානය බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා ක්‍රියාත්මක වේ.

    මෙම සංවිධානය විසින් දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන අමාත්‍ය සමුළු දෙකක් 2008 වර්ෂයේදී බංග්ලාදේශයේ ඩකා අගනුවරේදී ද 2013 වර්ෂයේදී නේපාලයේ කත්මණ්ඩු නුවරදී ද පවත්වනු ලැබ ඇත.