BLUM දකුණු ආසියාවේ ව්‍යාපාරික ජාලය පුළුල් කරමින්, Prudential International හා අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලංකාවේ මුල්ම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවයි

    July, 30, 2024

    උසස්ම තත්ත්වයේ ගෘහ භාණ්ඩ උපාංග සඳහාම පිළිගත් ඔස්ට්‍රියානු සන්නාමයක් වන BLUM, ඉකුත්දා Prudential Design Studio හා අත්වැල් බැදගනිමින්, ශ්‍රී ලංකාවේ මුල්ම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවනු ලැබිණි. දකුණු ආසියානු ගෘහ භාණ්ඩ උපාංග වෙළෙඳ පොළට සිය සාඩම්බර පැමිණීම සනිටුහන් කරමින් එම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය, 2024 ජුලි මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිදී, Blum India හි කළමනාකාර අධ්‍යක්ෂ නදීම් පට්නි හා Prudential International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අස්ලාම් මොහිදීන් යන මහත්වරුන් අතින් සුබ මොහොතින් විවෘත කෙරිණි.

    • Blum පාරිභෝගික මධ්‍යස්ථානය: Prudential Design Studio, අංක : 316 නාවල පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 11222

    එම සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් Blum India හි කළමනාකාර අධ්‍යක්ෂ නදීම් පට්නි මෙලෙස අදහස් දැක්විය.  "ශ්‍රී ලංකාවේ අපගේ පළමු BLUM පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය PDS සමගින් විවෘත කිරීමත් සමඟ අද අපි වැදගත් සන්ධිස්ථානයකට එළඹෙනවා. මෙම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය වැදගත් වන්නේඅපගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහාම පමණක් නොවෙයි. මෙයමෙරට පාරිභෝගිකයින් සමඟ වඩාත් ගැඹුරු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහාත් අප විසින් ගනු ලැබූ වැදගත් පියවරක්. මේ ඔස්සේ අපගේ පාරිභෝගිකයින්ගේ ජීවන වටපිටාව පරිවර්තනයට බඳුන් කරමින්, ඔවුන් වැඩකටයුතු සිදුකරන පිළිවෙළ උසස් කරන නවෝත්පාදන හා ඉහළ ශිල්පීය තාක්ෂණය අත්විඳිය හැකි උසස්ම මට්ටමේ අත්දැකීම් ලබාදීමට අපි කැප වී සිටිනවා. මෙයඅපගේ එම කැපවීම විදහා දැක්වෙන පියවරක් ලෙසින් සඳහන් කළ හැකියි.

    මෙම සහයෝගිතාව පිළිබඳව සිය අදහස් දක්වමින්, Prudential International හි ප්‍රධාන විධායක නිලධාරී අස්ලාම් මොහොමඩ් මහතා සඳහන් කළේ මෙවැන්නකි. “PDS සත්කාරකත්වයෙන් මෙරට පළමු BLUM පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවීමේ කටයුත්ත, ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ හා ඒකාබද්ධ කිරීමේ අපේ දැක්ම පිළිබඳ හොඳම සාක්ෂියක්. BLUM සමග ඇතිකරගත් මෙම සහයෝගිතාව, සාම්ප්‍රදායික ව්‍යාපාරික සීමාවන් අභිබවා යන පියවරක් විදිහට හදුන්වන්න පුළුවන්. මෙමගින් පාරිභෝගික අභිලාෂයන් යළි හැඩගස්වමින්, නවීනතම ආදර්ශ මුුළුතැන්ගෙවල් මෙන්මනිවෙස් තුළ අනෙකුත් ගෘහස්ත සැලසුම්කරණය හා නිර්මාණය ඉහළම ක්‍රියාකාරිත්වය සමගින් සුන්දරත්වයෙන් අනූන කරමින්, විප්ලවීය ලෙස වැඩිදියුණු කිරීම සිදුවෙනවා. ඒ වගේමඅපගේ පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර වශයෙන් හොඳම සැලසුම් හා තාක්ෂණ‍යේ  ඵල ප්‍රයෝජන උදා කරදීමත් මෙයින් සහතික කෙරෙනවා.

    මෙලෙසින් විවෘත කළ තවතම පාරිභෝගික අත්දැකීම්  මධ්‍යස්ථානය, අනර්ඝ තත්ත්වයේ නවතම BLUM උපාංග නිෂ්පාදන සඳහා වන අලෙවි මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. මෙම මධ්‍යස්ථානය මගින්, උසස්ම තත්ත්වයේ දොර ජනෙල් අගුල් පද්ධති, නවීන මාදිලියේ ලාච්චු මෙන්ම, මුළුතැන්ගෙහි ඉහළට ඔසවන නවීන දොර පද්ධති සඳහා පහසු  විසඳුම් ඇතුළු නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කෙරෙන අතර, මේ හරහා ගෘහ නිර්මාණ ශිල්පීන්, ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් මෙන්ම පාරිභෝගිකයින්ද දිරිමත් කිරීම අරමුණයි. එමෙන්මනිවෙස් හා කාර්යාල වටපිටාවන්හි ක්‍රියාකාරිත්වය හා සුන්දරත්වය වැඩි කරනඋසස්ම තත්ත්වයේ ගෘහ භාණ්ඩ උපාංග පහසුවෙන් ලබාගැනීම සඳහා මෙම මධ්‍යස්ථානය මගින් ඔවුන් වෙත කඩිනමින් ප්‍රවේශය සැලසීමද අපේක්ෂාවයි.

    වැඩි විස්තර, Blum India හි https://www.blum.com/in/en වෙබ් අඩවියෙන්, +94 717140909 දුරකතන අංතය ඇමතීමෙන් හෝ support-in@blum.com වෙත ඊමේල් කිරීමෙන් ලබාගත හැකියි.