BookMyShow වෙතින් ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ ටිකට්පත් මිලදී ගැනීමේ අවස්ථාව

    August, 15, 2017

    ඉන්දියාවේ විශාලත ම අන්තර්ජාල ටිකට්පත් අලෙවි සේවාවන BookMyShow හරහා, ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව දැන් මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමි වී ඇත. https://lk.bookmyshow.com/ වෙතට පිවිස නිවසේ සිටම සිය ප්‍රවේශපත් මිලදී ගැනීමේ පහසුව මේ අනුව මෙරට පාරිභෝගික ජනතාව වෙත හිමි වී ඇත.

    ජුලි මස 26වනදා සිට සැප්තැම්බර් මස 6වනදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 3ක් සහ එක් විස්සයි-විස්ස තරගයක් ක්‍රියාත්මකවන අතර සියලු ප්‍රවේශපත් සඳහා BookMyShow වෙතින් රු. 200ක වට්ටමක් හිමි වීම ද විශේෂත්වයකි. අවම වශයෙන් ප්‍රවේශපත්‍ර දෙකක් මිලදී ගන්නා මෙරට ක්‍රීඩා ලෝලීන්ට 'BOOKMYSHOW' කේතය භාවිතා කර මෙම වට්ටම හිමිකර ගත හැකිය. මෙම වට්ටම සීමිත කාලයක් තුළ පමණක් ක්‍රියාත්මකවන අතර ප්‍රවේශපත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ අනුපිළිවෙල අනුව වට්ටම් ලබා දේ.

    "BookMyShow හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශපත් මිලදී ගැනීමේ සම්ප්‍රදාය නැවුම් මාවතකට ගෙන ඒමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. ඉන්දියාවේ විනෝද ප්‍රවේශපත් වෙළඳපල දැවැන්ත වෙනසකට ලක් කළ අප මේවන විට ශ්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් කටයුතු දියත් කර තිබෙනවා. අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමේ පහසුව මෙරට පාරිභෝගිකයන්ට ඒත්තු ගැන්වීම අපගේ අරමුණයි. මේවන විට ද විශාල පිරිසක් මේ හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර, නුදුරේදී ම එම ප්‍රතිචාරවල ශීඝ්‍ර වර්ධනයක් ඇතිවන බව අපගේ විශ්වාසයයි" යනුවෙන් BookMyShow හි සම-ප්‍රාරම්භක රාජේෂ් බාල්පණ්ඩේ මහතා සඳහන් කළේය.

    BookMyShow 2016 වසරේදී පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගාවලියේ නිල ප්‍රවේශපත් හවුල්කරු ලෙස පළමු වරට මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.