CAL මූලික කොටස් නිකුතුවට 8 ගුණයක ඉල්ලුමක්

    December, 7, 2021

    පසුගිය දා දියත් කරන ලද කැපිටල් එලයන්ස් ලිමිටඩ් හි මූලික කොටස් නිකුතුවට 8.5 ගුණයක ඉල්ලුමක් ලැබී ඇති බව වාර්තා වේ.

    මෙම මූලික කොටස් නිකුතුවේ දී කොටස් 41,177,236 ක් නිකුත් කිරීම සඳහා  ඉල්ලුම්පත් කැඳවනු ලැබීය.

    මේ අතර අද (07) දිනයේ දී එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ කොටස් 352,085,900 ක් සඳහා ඉල්ලුම්පත් ලැබී ඇති බවයි.

    එහිදී චෙක්පත් හා අරමුදල් හුවමාරු (fund transfer) වලින් ගෙවීම් සිදුකරන ලද ඉල්ලුම්පත් 9,816 ක් හා බැංකු ඇපකර හරහා ගෙවීම් සිදුකළ ඉල්ලුම්පත් 17 ක්  ලැබී තිබේ.

    ඒ අනුව කැපිටල් එලයන්ස් සමාගමේ රු. මිලියන 412 ක්වූ මූලික කොටස් නිකුතුවට රු. බිලියන 3.52 ක වටිනාකමකින් යුතු ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත.