• Ada Derana BIZ Sinhala
  • CameraLK
  • sri lanka

CameraLK සිය නව සන්නාම තානාපති පැතුම් නිශ්ශංක සමඟින් ජාත්‍යන්තරය ජයගැනීමට සැරසෙයි

October, 3, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කැමරා ආම්පන්න අලෙවිසැල CameraLK ජාත්‍යන්තරය ජය ගැනීමේ සිය වෙළඳ මූල්‍යෝපායේ තවත් එක් දිගුවක් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඉහළ දස්කම් දක්වන නවක ක‍්‍රීඩක පැතුම් නිශ්ශංක සන්නාම තානාපතිවරයා ලෙස පත්කර ගන්නා ලදී. CameraLK සිය සන්නාම තානාපති ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු සමඟ සහයෝගීතාවයක් ඇතිකරගත් ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

නැඟී එන මෙම තරුණ ක‍්‍රීඩකයාගේ නිල පිති ස්ටිකර් සන්නාමය ලෙස CameraLK සිය අවබෝධතාවය මෙම වසරේ ජනවාරි මස සිට ඇතිකර ගත්තේය. පැතුම් සමඟ ඇතිකර ගත් සන්නාම තානාපති සහයෝගීතාව සමඟ ශ‍්‍රී ලංකාව තුළ CameraLK ලබාගෙන තිබෙන වෙළඳ අගය තව තවත් වර්ධනය කරගැනීමට සහ සිය සමාජ වගකීම් ව්‍යාපෘති වඩාත් හොඳින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරයි.

2021 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාතික කණ්ඩායමට වරම් ලැබූ පැතුම් නිශ්ශංක එතැන් සිට අඛණ්ඩ වර්ධනයක් සහ පිතිකරණයේ සාර්ථකත්වයක් අත්පත් කරගන්නා ලදී. මෑතක දී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ දී කණ්ඩායමේ විජයග‍්‍රහණයට සිය උපරිම දායකත්වය ලබාදුන් පැතුම් නිශ්ශංක, ශ‍්‍රී ලංකාවට කුසලානය ගෙන එමේ පෙරටුගාමියෙක් විය. එසේම ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛාවේ වාර්තාව හිමිකර ගෙන සිටින්නේ ද පැතුම් නිශ්ශංක විසිනි.

අති දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස සිය දායකත්වය මතින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝකයේ ඔසවා තැබිය හැකිබව ඔප්පු කර ඇති පැතුම් සහ කැමරා ආම්පන්න වෙළඳපොළ තුළ ජාත්‍යන්තරය තත්ත්වයන් සමඟ කරටකර තරග කරමින් ඉහළ වෘත්තීයභාවයක් ප‍්‍රකට කළ ආයතනයක් ලෙස CameraLK ආයතනය සතු සමානතාවයන් මෙම සන්නාම නියෝජිත සහයෝගීතාවය ඇතිකර ගැනීමට මැනෙවින් උපකාරී වී ඇත.

ක්‍්පැර්ඛණ ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂක අනුෂ්ක ගුණසිංහ මහතා මෙම සහයෝගීතාවය පිළිබඳ සිය අදහස් දැක්වීය. ”පැතුම් නිශ්ශංක කියන්නේ දක්ෂතාවය නිතැතින්ම අරන් ආපු කෙනෙක් ඒ වගේ දක්ෂයෙක් සමඟ සන්නාම සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට හැකිවීම ලංකාවේ අංක එකේ කැමරා ආම්පන්න අලෙවි කිරීමේ ආයතනය ලෙස CameraLK අපේ ගමන් මෙඟ් අප සටහන් කළ සුවිශේෂී සන්ධිස්ථානයක්. ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස ඕනෑම තත්ත්වයක දී එයට කලබල නොවී මුහුණදීමේ හැකියාව සහ සටන්කාමී ලෙස අභියෝග අභිබවා යාමේ ඔහුගේ හැකියාව ආයතනයක් ලෙස CameraLK සතු ගුණාංගවලට වඩාත් සමීපයි. ඔහු කණ්ඩායම තුළ ඇතිකරගත් විශ්වාසය සහ සටන්කාමී ජවය වසරින් වසර CameraLK ශ‍්‍රී ලාංකික කැමරා ආම්පන් වෙළඳපොළ තුළ ඇතිකරගත් ඉදිරිගාමී තත්ත්වයට ඉතාම සමානයි. ඔහුත් එක්ක වැඩකිරීමත් සමඟ ඔහු කොයිතරම් කැපවීමක් තියෙන කෙනෙක් ද කොයි තරම් මානුෂීය නිහතමානී වෘත්තීය ක‍්‍රිඩකයෙක් ද කියලා අපි හොඳින්ම හඳුනගත්තා. අපි හිතනවා CameraLK සන්නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට පැතුම් නිශ්ශංක වඩාත් සුදුසුම සන්නාම තානාපතිවරයා කියලා. අපේ නව සහයෝගීතාවය ශ‍්‍රී ලංකාව තුළ තවත් සුවිශේෂී දිගු ඉනිමකට අඩිතාලම වේ යැයි අප විශ්වාස කරනවා. ”

2010 වසරේ දී ආරම්භ කළ CameraLK ආයතනය දකුණු ආසියාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි කිරීමේ ආයතනයවන අතර විශාලතම ඔන්ලයින් ස්ටෝර් එක ද වෙයි. ශ‍්‍රී ලංකාවේ සහ කලාපයේ අවට රටවලට ඉහළ තාක්ෂණයෙන් යුත් කැමරා ආම්පන්න මිලදී ගැනීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රය බවට ක‍්‍රමිකව වර්ධනය වීමට CameraLK ආයතනයට හැකිවිය. හොඳම සහ නවීනතම කැමරා ආම්පන්න, විශිෂ්ට පාරිභෝගික සේවාව, තරගකාරී මිල ගණන් සහ කැමරා ආම්පන්න 5000කට වැඩියෙන් ඇති CameraLK ශ‍්‍රී ලංකාව තුළ මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වෙයි. Canon, Nikon, Sony, Sigma, Tamron, Tokina, DJI, GoPro, Profotto සහ Wescott ආදී සන්නාමයන්ගේ විවිධ කැමරා ආම්පන්න රැසක් ඔබට www.cameralk.com වෙබ් අඩවිය ඔස්සේද දැකබලා ගත හැක.