Can Market කොළඹ දී

    September, 14, 2020

    Can Market වෙළෙඳ ප්‍රදර්ශනය ඊයේ (13) ආරම්භ කෙරුණි. ඒ කලම්බු සිටි සෙන්ටර් හිදීය.

    ව්‍යවසායකයින් 70 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන Can Market වෙළෙඳ ප්‍රදර්ශනය සෑම සති අන්තයකම කළම්බු සිටි සෙන්ටර් හිදී පැවැත් වේ.

    ඊයේ එම ප්‍රදර්ශනය විවෘත කෙරුණේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ප්‍රධානත්වයෙනි.

    අත්කම් භාණ්ඩ, ආහාර පාන, රෙදිපිළි ඇතුළු විවිධ භාණ්ඩ රැසක් එහි ඇතුළත් වේ.