Capital Alliance කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද ඇරඹෙයි

    December, 15, 2021

    Capital Alliance Limited (CALT) සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (15) ආරම්භ වනු ඇත. එය 'මූල්‍ය කර්මාන්ත' වර්ගීකරණය යටතේ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) 'දිරි සවි' පුවරුවේ ලැයිස්තුගත කෙරේ.

    මූලික කොටස් නිකුතුවේ ආරම්භක දිනයේදී ම අපේක්ෂිත ප්‍රාග්ධනය 8.6 ගුණයකින් ඉක්මවා ගිය අතර, මේ වන විට රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් කොටස් සඳහා අයදුම් පත් 9,800 කට වැඩි ප්‍රමාණයක්  Capital Alliance සමාගම වෙත ලැබී ඇත.  ඒ අනුව Capital Alliance සමාගමේ 329,417,884 ක් වන මුළු කොටස් CSE හි ලැයිස්තුගත කිරීමට නියමිත ය. එහි දී 'සිල්ලර' කාණ්ඩයට මුළු කොටස්වලින් 40% ක්  වෙන් කෙරුණු අතර, එය 3.5 ගුණයක වර්ධනයකි.

    Independent Valuer Ernst සහ Young Transaction Services මගින්  Capital Alliance සමාගමේ මූලික කොටස් නිකුතුවෙහි එක් කොටසක වටිනාකම රුපියල් 12.29 ක් ලෙස තක්සේරු කර ඇත. මෙහිදී 18.64% ක වට්ටමක් ලබා දීම නිසා එක් කොටසක් රුපියල් 10.00 ක වටිනාකට ලබා දීමට හැකි වීම  විශේෂිත ය. ඒ මගින් Capital Alliance සමාගම වෙත 9.65% ක සාමාන්‍ය ලාභාංශයක් හිමි වේ.

    Capital Alliance සමාගම වසර 8 ක් පුරා 31% ක  සාමාන්‍ය ප්‍රතිලාභ (ROE) ප්‍රතිශතයක් සහ 35%  ක සාමාන්‍ය ලාභාංශ ගෙවීමක් සනිටුහන් කිරීමට සමත් වී ඇත.

    මෙම මූලික කොටස් නිකුතුව හරහා රැස් කරන ප්‍රාග්ධනය සමාගමේ මූලික ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට සහ ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර වෙත ආයෝජනය කිරීමට ද Capital Alliance සමාගම අරමුණු කර යි.

    Capital Alliance Limited මෙරට කොටස් වෙළෙඳපොළ තුළ සිය කොටස් ලැයිස්තුගත කළ ප්‍රථම ස්වාධීන, ප්‍රාථමික අලෙවිකරුවා වන අතර, එය  Capital Alliance  සමූහයට අයත් සමාගමකි.  2000 වසරේ දී ආරම්භ කෙරුණු Capital Alliance සමූහය සම්මානලාභී අති දක්ෂ කළමනාකරණ කණ්ඩායමකින් සමන්විත පූර්ණ ආයෝජන බැංකුවක් ලෙස කීර්තියක් ගොඩනගාගෙන සිටී.