Capital Alliance රු. මිලියන 412 ක මූලික කොටස් නිකුතුවක් නිවේදනය කරයි

    November, 11, 2021

    Capital Alliance සමාගම (CALT) මූලික කොටස් නිකුතුවක් (IPO) මගින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමේ සිය අරමුණ නිවේදනය කර සිටියි. එමගින් Capital Alliance සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ පළමු ස්වාධීන බැංකු නොවන ප්‍රාථමික අලෙවි නියෝජිතයා වනු ඇත.

    මෙම මූලික කොටස් නිකුතුව මෙම වසරේ නොවැම්බර් 25 වන දින දියත් කිරීමට නියමිත අතර, සියලු දෙනා අපේක්‍ෂා කල මාර්ගගත ආයෝජක සංසදය  (virtual Investor Forum) අද ආරම්භ වේ. ඒමගින් මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් දැනුවත් බවක් ඇති කිරීම මෙන්ම සමාගමේ සහ එහි අනාගත වර්ධන උපාය මාර්ග පිළිබඳව ඔවුන්ට පූර්ණ අවබෝධයක් ලබා දීම එහි අරමුණයි.

    මෙහිදී Capital Alliance සමාගම විසින් එක් කොටසක අගය රු. 10.00 අගයකට යටත්ව, කොටස් 41,177,236 la 12.5% ප්‍රතිශතයක් සමඟ මහජනතාවට පිරිනමනු ලැබේ. ස්වාධීන තක්සේරුකරුවෙකු විසින් ලබා දෙන ලද කොටසකට රුපියල් 12.29 ක මිලට සාපේක්ෂව සිය මූලික කොටස් නිකුතුවේ කොටසක මිල හරහා නව ආයෝජකයෙකුට 18.64% ක වට්ටමක් ද ඔවුන් ලබා දීමට නියමිතය. එම තක්සේරුකරණ සේවාව සපයන්නේ අර්න්ස්ට් ඇන්ඩ් යංග් (E&Y) ගනුදෙනු උපදේශක සේවා ආයතනය විසිනුයි. තව ද, දිගු කාලීනව කොටස් තබා ගැනීමට ආයෝජකයින් දිරිමත් කිරීම වෙනුවෙන් Capital Alliance සමාගම විසින් 9.65% ක ආකර්ශනීය ලාභාංශ ප්‍රමාණයක් ද පිරිනමයි. මෙම මූලික කොටස් නිකුතුව හරහා උපයන ආදායම සමාගමේ මූලික ප්‍රාග්ධනය ඉහළ නැංවීමට යොදා ගනු ඇති අතර, එමඟින් Capital Alliance සමාගම වෙත සිය ආයෝජන පරාසයka ව්‍යාප්ත කිරීමට අවකාශය නිර්මාණය වේ. මෙම නිකුතුවේ කළමණාකරු සහ මූල්‍ය උපදේශක ලෙස Capital Alliance Partners සමාගම කටයුතු කරයි.

    දේශීය බැංකු නොවන ප්‍රාථමික අළෙවිකරුවන් පස් දෙනාගෙන් කෙනෙකු වන Capital Alliance සමාගම, රජයේ සුරැකුම්පත් සහ ආයතනික ණය සුරැකුම්පත් මාලාවක ගනුදෙනු කරන Capital Alliance සමූහයේ (CAL Group) සුරැකුම්පත් වෙළෙඳ අංශය යි. වර්ෂ 2000 දී පිහිටුවන ලද Capital Alliance සමාගම, ශ්‍රී ලංකාවේ පූර්ණ-සේවා ආයෝජන බැංකුවක් වන අතර එය විවිධ පවුල් ව්‍යාපාර සහ ආයතනික ගනුදෙනුකරුවන්ගේ ජාලයකට පහසුකම් සපයයි. ප්‍රාග්ධන වෙලඳපොළ සම්බන්ධව තිබෙන ඔවුන්ගේ ප්‍රවීණත්වය, වර්තමානය වනවිට කොටස් සහ ණය උපදේශන" කොටස් තැරැව්කරණය" අරමුදල් කළමනාකරණය" පුද්ගලික කොටස් සහ සුරැකුම්පත් පර්යේෂණ සේවා ආදිය ද ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට පිරිනමන සේවාවන් බවට පරිවර්තනය කර ඇත.