CarFreeCMB අතිසාර්ථකයි

    July, 15, 2019

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට මෝටර් රථ වලින් තොරව පදිකයන්ට සහ පාපැදි වලට පමණක් මාර්ග කිහිපයක් වෙන්කිරීමේ අරමුණින් සංවිධානය කළ CarFreeCMB වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. පදිකයන් ලෙස මෙන්ම පාපැදි, ස්කේට්බෝඞ් සහ රෝලර්බ්ලේඞ් වැනි ක‍්‍රම මගින් මෙම වැඩසටහන සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබිණි. කොළඹ මහනගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ කොළඹ නගරය අලූත් ඇසකින් දකින්නට ජනතාව යොමුකරවන අතරම, වඩාත් සෞඛ්‍ය සම්පන්න හා තිරසාර නාගරික ජීවන රටාවක වැදගත්කම පෙන්වා දීම ය.

    දැනටමත් ජකර්තා, ක්වාලාලම්පූර්, තායිවානය සහ ගුරගොන් වැනි මෙම කලාපයේ නගර වල මේ ආකාරයට රථවාහන රහිත දිනයන් සංවිධානය කෙරේ. එම නගරවල සිදුකෙරෙන ආකාරයටම ඉරිදා දිනයක් කොළඹ නගරයේ වැඩසටහන සඳහාද තෝරාගන්නා ලදි. මෙහිදී කිලෝමීටර් දෙකක දුරක් පුරා විවිධාකාරයේ ක‍්‍රියාකාරකම් සංවිධානය කෙරුණු අතර, රථවාහන වලට පහසු විකල්ප මාර්ග ලබා දී තිබිණි.

    වයස් භේදයකින් හෝ රුචිකත්වයේ භේදයකින් තොරව සියලූ දෙනාටම විනෝද විය හැකි ආකාරයේ වැඩසටහන් CarFreeCMB වැඩසටහනට ඇතුළත් විය. ශ‍්‍රී ලංකා රෝලර්බ්ලේඩින් සමාජය ස Workout.lk එක්වී රෝලර්බ්ලේඩින් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර තිබිණි. පාපැදි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට එම රුචිකත්වය සහිත තවත් පිරිස් හමුවීමට අවස්ථාව උදාවූ අතර, Triathlon Club Colombo, Pedal Pushers සහ Spinner යන ක‍්‍රීඩා සමාජ විසින් පාපැදි සවාරියක්ද පවත්වන ලදි. පුණ්‍යායතනයක් වන TandemVision ද දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් පෙළක් පැවත්වී ය. පාපැදි අලූත්වැඩියා සහ නඩත්තු සහය ලැබුණේ Spinner සහ Lumala වෙතිනි. උත්සවය තුළදී නාමික ගාස්තුවක් යටතේ පාපැදි කුලී පදනම මත ලබාදීමටද Spinner කටයුතු කළේ ය.

    ශරීර සුවතාව සම්බන්ධයෙන් උනන්දු වන්නන් වෙනුවෙන් ක‍්‍රව් මගා (Krav Maga) සටන් ක‍්‍රමය (මාස්ටර් විජේසිරි) සහ සුම්බා (දර්ශන්) වැඩසටහන් සංවිධානය කර තිබූ අතර Colombo Night Run කණ්ඩායමද CarFreeCMB වැඩසටහනට දායක විය. යෝග ව්‍යායාම සඳහා අවශ්‍ය උපකරණ Uta Gunawardena වෙතින් සැපයුණු අතර, Lanka Health QiGong Association ද ශරීර සුවතා වැඩසටහන් සඳහා සම්බන්ධ විය. දරුවන් වෙනුවෙන්, දෙමාපියන්ටද සම්බන්ධ විය හැකි වැඩසටහන් පෙළක් පැවැත්වීමට The Little Gym කටයුතු කළේ ය. තවද දරුවන් වෙනුවෙන් Scavenger Hunt විනෝදාත්මක වැඩසටහනක්ද පැවැත්විණි. යුනිසෙෆ් සංවිධානයේ දායකත්වය යටතේ, විශ්ව විද්‍යාල සිසුන්ගේ මගපෙන්වීම සමගින් චිත‍්‍ර ඇඳීම සඳහා දරු දැරියන්ට අවස්ථාව හිමිවිය. මෙරට චිත‍්‍ර ශිල්පීන් විසින් අඳින ලද චිත‍්‍ර එකතුවක්ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි.
    CarFreeCMB වැඩසටහනේ මූලික තේමාවන් වන පරිසර හිතකාමීත්වය හා තිරසාරත්වය අනුව යමින්, Selyn Fair Trade, MA’s Happy Kitchen, Flow Health Bar iy Rubees Natural Bees Honey ඇතුළු The Good Market හි අලෙවිකරුවන් විසින් සෞඛ්‍යයට හිතකර සහ, ආචාරධර්ම වලට අනුකූල ව්‍යාපාරකරණය ඔස්සේ වෙළඳපොළට හඳුන්වාදෙන නිෂ්පාදන පෙළක් මිලදීගැනීමට ජනතාවට අවස්ථාව හිමි විය. සෞඛ්‍ය සම්පන්න ආහාරපාන සැපයීම සිදුකරන ලද්දේ JustGoodness.co සහ Innocent Foods මගින් පවත්වාගෙන යන ලද ආහාර අලෙවි කුටි මගිනි.

    CarFreeCMB කලාපය ප්ලාස්ටින් වලින් තොරව පවත්වාගැනීම සඳහා වතුර බෝතල් නිවසේ සිට රැගෙන එන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, Frosty Water මගින් ජනතාවට ජලය සපයන ලදි. වාහන නැවැත්වීම සඳහා පහසුකම් වෙනම සපයා තිබූ අතර රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග සපයා දී තිබිණි. මාර්ගය කැලිකසල වලින් තොරව පවත්වාගැනීම සඳහා Cleantech මගින් කසළ බඳුන් ස්ථානගත කරන ලදි.

    “CarFreeCMB වැඩසටහන ශ‍්‍රී ලංකාවේ සංවිධානය කරන ලද්දේ ප‍්‍රථම වරට වුවත් ඊට විශාල ප‍්‍රතිචාරයක් ලැබුණා. මෙය සාමාන්‍යයෙන් අනෙකුත් දින වල රථවාහන තදබදය සහිත මාර්ග වල සතුට හා සුන්දරත්වය නිදහසේ අත්විඳීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. ලොව පුරා නගර රැුසක පදිකයන් වෙනුවෙන් ඉරිදා දිනවල මෙවැනි වැඩසටහන් පැවැත්වෙනවා. එය ශරීර සුවතාවටත්, විනෝදයටත්, මිනිසුන් මුණගැසී කතාබහ කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්.” කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය පැවසුවා ය.

    ‘‘මෙය ඇත්ත වශයෙන්ම නියමු ව්‍යාපෘතියක්. මෙවැනි වැඩසටහන් ඔස්සේ අපට ඉදිරියේදී අනෙකුත් නගර වලත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමේ හැකියාව හඳුනා ගැනීමට පුළුවන්. මෙම වැඩසටහනට ඉතාම උණුසුම් ප‍්‍රතිචාරයක් ලැබෙන බව මට පෙනීගියා. අනෙක් අතට, මීට මාස කිහිපයකට පෙර අපට අත්විඳීමට සිදුවූ ඛේදනීය සිදුවීම් ගැන සිතන විට, මෙය අපට මිනිසුන් ලෙස එකමුතු වීමට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. අනාගතයේදී තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට අපට හැකිවේවි කියා මා බලාපොරොත්තු වෙනවා.” ශ‍්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය වන ජෝඈන් ඩූන්වර්ඞ් මහත්මිය පැවසුවා ය.

    මෙම සමාරම්භක CarFreeCMB වැඩසටහන, කොළඹ නගරයේ ජනතාවට රථවාහන තදබදයෙන් තොර මාර්ග වල සුන්දරත්වය මෙන්ම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක වැදගත්කම පිළිබඳව අලූතින් සිතීමට අවස්ථාවක් සලසා දුන් බව පැහැදිලි ය.

    වැඩසටහනේ සාර්ථකත්වයට John Keells Properties සහ Hirdaramani Group යන ප‍්‍රධාන අනුග‍්‍රාහකයන්ද Anim8, Cleantech, Frosty Water, Siyath Gowin Plus, Workout.lk සහ Spinner යන සමාගම්ද විශාල දායකත්වයක් ලබාදුන්හ. පරිසර දූෂණය පාලනය කිරීමේ වැදගත්කම, ක‍්‍රීඩාවේ වැදගත්කම සහ සමාජයීය ගැටලූ විසඳීම සඳහා තරුණ පරපුරේ දායකත්වය ලබාදීමේ වැදගත්කම වැනි දේවල් පෙන්වාදීම සඳහා CarFreeCMB තුළදී මෙම සමාගම් සක‍්‍රීයව හා ප‍්‍රායෝගිකව මැදිහත් වීම විශේෂත්වයක් විය.