Carmudi.lk වෙතින් මෙරට රථවාහන ලීසිං ඉතිහාසය ගැන වාර්තාවක්

    November, 6, 2015

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන අලෙවිකරුවකු වන Carmudi.lk වෙබ් අඩවිය මෙරට රථවාහන වෙළඳපොළේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය සහ රථවාහන මූල්‍ය සේවාවන්හි ප්‍රවණතා සම්බන්ධ සුවිශේෂී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමට කටයුතු කළේය.

    ‘ශ්‍රී ලංකාවේ මෝටර් රථ මූල්‍ය සම්පාදනය‘ (Car Financing in Sri Lanka) යන මාතෘකාව යටතේ එළිදක්වා ඇති මෙම වාර්තාව පුළුල් ඓතිහාසික දත්ත මත පදනම් වී ඇත. මෙහිදී රථවාහන වෙළඳපොළේ සමස්ත ක්‍රියාකාරීත්වය මෙන්ම දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු වියදම් ණය ලබාගැනීමේ හැකියාව සහ ජනතාවගේ අදායම වර්ධනය වීම වැනි සාධක සහ ඒවා නිසා රථවාහන වෙළඳපොළේ සිදුවී ඇති වර්ධනය ආදී කරුණු පුළුල් ලෙස සමීක්ෂණයට ලක්වී තිබේ.

    වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ Carmudi Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ෆිරාස් මාර්කර් මහතා මෙම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමට හේතු සහ වර්තමානයේ රථවාහන වෙළඳපොළ සතු අවස්ථා හා අභියෝග පිළිබඳව පැහැදිලි කළේය.

    “ශ්‍රී ලංකාවේ මේ වනවිට රථවාහන සඳහා පවතින විශාල ඉල්ලූම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී තිඛෙනවා. සියලූම පාර්ශ්වවලට යහපතක් සිදුවන පරිදි මේ ඉල්ලූම කළමනාකරණය කළ හැක්කේ කෙසේද යන්න මෙම කතාබහ තුළදී දැඩි අවධානයක් යොමුවන කාරණයක්.“

    “ඒ අනුව මේ වාර්තාව කාලීන අවශ්‍යතාවක් ඉටුකිරීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ඔස්සේ මෙරට රථවාහන වෙළඳපොළේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව කරුණු අනාවරණය කරන අතරම එය නියාමනය කළ යුතු ආකාරය සහ අනෙකුත් ගැටලූ සම්බන්ධයෙන් විශ්වාසනීය දත්ත සැපයීමට අපට හැකිවෙනවා.˜ ඒ මහතා පැවසීය.

    Carmudi පත්‍රිකාවේ සඳහන් එක් ප්‍රධාන කරුණක් වන්නේ මෙරට රථවාහන ලියාපදිංචිය අතිවිශාල ලෙස ඉහළ ගොස් තිබීමයි. 2015 අගෝස්තු මස වනවිට රථවාහන 4,990 ක් මෙරට ලියාපදිංචි වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව එය වාර්තාගත ඉහළ යාමකි.

    2015 වසර තුළ කුඩා මෝටර් රථ, හයිබි්‍රඩ් රථ සහ විදුලි බලයෙන් ධාවනය වන රථ සඳහා ඇති ඉල්ලූම දැඩි ලෙස ඉහළ ගොස් ඇත. රථවාහන ආනයනය හා බදු සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිවල ඇතිවන වෙනස්කම් සමග ඒවායින් උපරිම ප්‍රයෝජන ලැබීමට ජනතාව නිතැතින්ම පෙළඹීම මීට එක් ප්‍රධාන හේතුවක් වීමට ඉඩ තිබේ.

    මෙසේ රථවාහන මිලදීගැනීමේදී ජනතාව වඩාත් වාසිදායක මූල්‍ය සැපයුම් ක්‍රම ගැන විශ්වාසය තබා ඇති බව පැහැදිලිව පෙනී යන අතර මෝටර් රථ මූල්‍ය සම්පාදන සේවා සඳහා ඇතිවී ඇති ඉල්ලූම ඊට මනා සාක්ෂියකි.

    කෙසේ වුවත් මාර්කර් මහතා පවසන්නේ බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ ලීසිං සඳහා සිදුකළ යුතු මූලික ගෙවීම් සම්බන්ධ සීමාවන් වෙනස් වීම ආදිය මගින් රථවාහන මූල්‍ය සම්පාදනයේ සමබරතාව වෙනස් වී යා හැකි බවයි. මෙහිදී මෝටර් රථ සඳහා යන වියදමෙන් පාරිභෝගිකයාට දැරීමට සිදුවන කොටස වැඩි විය හැකි අතර ඒ නිසා බැංකු හා මූල්‍ය සමාගම් දැනට පවත්වාගෙන යන ක්‍රමවේදවල වෙනස්කම් සිදුකිරීමට ඉඩ තිබේ.

    “මෑතකාලීනව රථවාහන වටිනාකම් ඉහළ යාම මෙම වෙළඳපොළට පැහැදිලිව බලපෑමක් ඇතිකර තිඛෙනවා. මේ ඉහළ යාම ගැන ගැන ආරංචි වීමත් සමග රථවාහන අලෙවියේ පහළ යාමක් දකින්නට පුළුවන්. කෙසේ වෙතත් පොලී අනුපාත මේ දක්වා ඉහළ ගොස් ඇත්තේ සාමාන්‍ය ආකාරයකට වන නිසා එමගින් වෙළඳපොළට දැඩි බලපෑමක් ඇතිවෙතැයි කියා සිතන්නට බැහැ.

    “ඉදිරි මාසවලදීත් රථවාහන වෙළඳපොළ සමීපව නිරීක්ෂණය කිරීමට අප කටයුතු කරනවා. මේ වනවිට රථවාහන අලෙවිකරුවන් සිටින්නේ ගැනුම්කරුවන්ගේ අරමුණු පිළිබඳ පරීක්ෂාවෙන් කිසියම් ආකාරයකට අතීරණාත්මක අදියරකයි. අඩු මිලගණන් සහිත රථවාහනවල අලෙවිය වැඩිවී ඉදිරි මාසවලදී වෙළඳපොළ නැවතත් යථා තත්ත්වයට පත්වෙතැයි කියා අප සිතනවා.˜ මාර්කර් මහතා පැහැදිලි කළේ ය.