Top News

2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ‍

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ අනුව, ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසන ලද අතර, මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ…

(0)Comments | July 17, 2025 8:44 am

HNB කොටස් ගනුදෙනු හරහා අද දැවැන්ත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (16) දින දක්නට ලැබුණ ද ආයෝජක ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන සක්‍රීය බවක් දිනය පුරා දක්නට ලැබුණි. එහිදී දිනයේ තුල සියලු කොටස් මිල දර්ශකය ඒකක 61.31කින් පහළ ගොස් ඒකක 18,884.96ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 32.42කින් පහළ ගොස් ඒකක 5,668.12 ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකයේ…

(0)Comments | July 16, 2025 4:26 pm

ඩකා වෙත නව දෛනික ගුවන් සේවාව සමග, FitsAir ගුවන් සමාගම සිය කලාපීය සබඳතාවයන් ශක්තිමත් කර ගනී

නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය…

(0)Comments | July 16, 2025 2:29 pm

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා වන  උපාය මාර්ගික සැලසුම එළිදැක්වේ

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය විසින්, ඓතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකාව, විශ්වාසනීය, ඉහළ තත්ත්වයේ, අපනයනය මත පදනම් වූ ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙසට ඉදිරි අනාගතය තුළදී හැඩගැස්වීම උදෙසා, ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීම සඳහා එක් වන ලෙස සියලුම වගකිවයුතු පාර්ශව කරුවන්ගෙන්  ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ කර්මාන්තය, රාජ්‍ය ප්‍රමුඛතාවය ලැබෙන කර්මාන්තයක් (Thrust industry) බවට පරිවර්තනය කිරීමේ තීරණාත්මක…

(0)Comments | July 16, 2025 2:19 pm

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සුවිශේෂී ප්‍රතීතන ඇගයීම් 15ක් සමඟින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට නව අවස්ථා රැසක් විවර කරයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් අනුකූලතා තක්සේරු ආයතන 15ක් පිළිගැනීමට ලක් කරමින් පසුගියදා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට එය කදිම අවස්ථාවක් විය. 2025 ලෝක ප්‍රතීතන දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රී ලංකා…

(0)Comments | July 16, 2025 12:35 pm

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ඕමාන මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය2025  ජූලි 09 වන දින ලක්සම්බර්ග් හි පැවති එග්මන්ට් සමූහයේ 31 වන සමුළුවේ දී, ඕමාන රාජ්‍යයේ මූල්‍ය තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි…

(0)Comments | July 16, 2025 12:02 pm

ඉස්සන් ප්‍රති අපනයනය සඳහා නව සම්මත මෙහෙයුම් පටිපාටියක්

ශ්‍රී ලංකාවේ ඉස්සන් අපනයන කර්මාන්තය මුහුණ දුන් අභියෝග රැසකට විසඳුම් ලබා දෙමින්, ඉස්සන් ප්‍රති අපනයනය සඳහා නව සහ විස්තීර්ණ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedure – SOP) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන ඉස්සන් අපනයන අංශය තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කරයි. විදේශ…

(0)Comments | July 16, 2025 10:50 am

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management System – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. මේ අතර පෙරවරු 10.40 ට දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කිරීමට නියමිත බව කොටස් වෙළෙඳපොළ…

(0)Comments | July 16, 2025 10:30 am

ජුනි මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ජුනි  මාසයේ දී දර්ශකාංක 51.9ක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුණි. ජුනි මාසයේදී නව ඇණවුම් සහ…

(0)Comments | July 16, 2025 9:04 am

ඩොලර් මිලියන 15ක ආයෝජනයකින් ජාත්‍යන්තර ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාරයක් පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමක්

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ අත්සන් තැබිණි. පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ඩොලර් මිලියන 15ක් වන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා…

(0)Comments | July 16, 2025 8:31 am