2025 ජූලි මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 79,771ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,247,815ක් බවයි. වසරේ මේ දක්වා අඛණ්ඩව වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ රට ලෙස…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (15) දින නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 18,946.27ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 107.88ක වැඩිවීමක් වේ. කෙසේවෙතත් අද පෙරවරුවේ ගනුදෙනු අතරවාරයේ දී ඉතිහාසයේ මුල් වතාවට ඒකක 19,000 සීමාව ඉක්මවා යාමට සියලු…
2018 වර්ෂයේදී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ පළමුවන තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් පළමුවන සයිබර් ආරක්ෂණ මූලෝපාය මත පදනම්ව සහ ලෝක බැංකුවේ සහාය ඇතිව සයිබර් ආරක්ෂාව පිළිබඳ “ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025‑2029” සකස් කරනු…
රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල්වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. යෝජිත ව්‍යාපෘතිය යටතේ ද්විතීයික සෞඛ්‍ය සේවා රෝහල්වල සේවා ධාරිතාව සහ ගුණාත්මකභාවය ප්‍රමිතිකරණය, ඖෂධ සැපයුම්දාමය, සෞඛ්‍ය ප්‍රසම්පාදනය සහ මූල්‍යකරණ පද්ධතියේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත්…
විද්‍යුත් වාණිජ්‍ය කටයුතුවල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ. උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මඟින් සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් වාණිජ්‍ය කටයුතුවලින් බදු ආදායම රැස් කිරීම සංවිධිත කිරීම…
ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, දූත මණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ…
සීගිරිය නැරඹීටම එන දෙස් විදෙස් සංචාරකයින් සඳහා පහසුකම් සැලසීමේ දී කොටස් කිහිපයක් හඳුනාගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සීගිරිය ව්‍යාපෘති කළමනාකරු H.A.C ගයාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ යටතේ සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස පැය 24 පුරා ක්‍රියාත්මක 1990 ගිලන්රථ සේවාවක් මේ වන විට ස්ථාපිත කර ඇති…
අද (15) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක් ගත වීමටත් ප්‍රථමයෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය. ඒ වන විට රු. බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. සෞදි සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවීකරණය කරන ලද පන්ති හතරකින් සමන්විත බොයිං 777 ගුවන් යානා ජූලි මස 18 වන දින සිට ඩුබායි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන EK650/651 ගුවන් ගමන් සඳහා ක්‍රියාත්මක කරනු ඇත. නව්‍ය අභ්‍යන්තර පහසුකම් වලින් වැඩිදියුණු කළ ගුවන් යානය සමඟ එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට ප්‍රිමියම් ඉකොනොමි පන්තිය ලබා…
Video Story