Top News

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට මාතරදී විශේෂ සමුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි. මෙම සමුළුව සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට සහ…

(0)Comments | February 18, 2026 10:18 am

IMF කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජියේවා, ජනපති අනුර හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. ජනාධිපතිවරයා සිය ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මෙම හමුව සිදුව තිබේ. මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝර්ජියේවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කරමින්, එහි අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රට “බොහෝ දුරක් පැමිණ ඇති” බව සඳහන් කළාය. මෙම හමුව…

(0)Comments | February 17, 2026 5:09 pm

යෝජිත ශ්‍රී ලංකා – ජපාන අපනයන කාර්මික කොරිඩෝව ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡා

ශ්‍රී ලංකා – ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා – ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ…

(0)Comments | February 17, 2026 4:50 pm

කොටස් වෙළෙඳපොළ අද මන්දගාමී වෙයි

අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ මන්දගාමී බවක්  දිස්වුණි. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17.29 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 1.62ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,882.82ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,708.71ක්…

(0)Comments | February 17, 2026 4:46 pm

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා දිට්වා සුළිකුණාටුවෙන් නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය. මෙම ජාතික ව්‍යසනයේදී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනෙකු…

(0)Comments | February 17, 2026 4:45 pm

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් “ශ්‍රී ලංකා – ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය” (Intergovernmental Economic Policy Dialogue) ඊයේ (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC)…

(0)Comments | February 17, 2026 4:41 pm

IATA CEIV Live Animals සහතිකය දිනා ගනිමින් ‘SriLankan Cargo’ දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් පිරිනමනු ලබන සතුන් ප්‍රවාහනය පිළිබඳ ‘Center of Excellence for Independent Validators (CEIV) Live Animals’ සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත්වෙමින් කලාපීය වශයෙන් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ ඉහළම ගෝලීය ප්‍රමිතිය…

(0)Comments | February 17, 2026 4:01 pm

‘ශ්‍රම වාසනා‘ ඈවරයි

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අතර, වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී. රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු…

(0)Comments | February 17, 2026 3:20 pm

අතරමග නැවතුණු JICA ව්‍යාපෘතියක් යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

ජාතික සෞඛ්‍ය ප්‍රධාන සැලැස්ම තුළ ආමන්ත්‍රණය කළ යුතු යැයි හඳුනාගෙන ඇති ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරම්වලින් එකක් ලෙස හෘද කැතීටකරණය ඇතුළු හෘද ප්‍රතිකාර පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම හඳුනාගනු ලැබ ඇත. හෘද කැතීටකරණ පහසුකම් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් කිහිපයක පමණක් දැනට ක්‍රියාත්මක වේ. හෘදවාහිනී රෝග,…

(0)Comments | February 17, 2026 3:12 pm

පුද්ගලික සමාගමකින් කෙරවලපිටියට සැපයුම් ගබඩා සංකීර්ණයක්

සැපයුම් හා ගබඩා ව්‍යාපෘතින්හි නියුතු සමාගමක් වන එම්.ඒ.එස්. කොන්සොලිඩේටඩ් (පුද්ගලික) සමාගම වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයෙන් අක්කර 3-4 ප්‍රමාණයෙන් යුතු ඉඩම් කොටසක් සැපයුම් ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන ලෙස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය සඳහා, කෙරවලපිටියෙහි පිහිටි ප්‍රමාණයෙන් අක්කර 03 රූඩ් 02 පර්චස් 25.63ක් වන ඉඩම් කොටස යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ශ්‍රී…

(0)Comments | February 17, 2026 3:05 pm