මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගියේය. බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ දී…
අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ 30% අන්‍යෝන්‍ය තීරුබදුවලින් එල්ලවන බලපෑම වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය, විවිධාංගීකරණයට ලක්විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය පිළිබඳ සලකා බැලීමේ දී, ශ්‍රී ලංකාව තරග කරනු ලබන්නේ වියට්නාමය, බංගලාදේශය, සහ ඇතැම් අප්‍රිකානු රටවල් සමඟ වන බැවින් එවැනි…
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින්…
කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු…
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය අද (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී සිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒතත 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපකේෂව ඒකක 129.37ක ඉහළ යාමක් වේ. මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 36.89කින්…
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික…
2025 ජූලි 6 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2024 වසරේ දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වූයේ අගෝස්තු මාසයේදී යි. එම අධිකාරික සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ජූලි මාසයේ පළමු දින…
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු…
Video Story