Top News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ය. 2005 වසරෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන බැවින් එය ඉතා සුවිශේෂි සංචාරයක් වේ. සිය සංචාරය තුළ…

(0)Comments | June 10, 2025 12:06 pm

Visa ප්‍රථම වරට සිය ආසියා – පැසිෆික් නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වමින් රටේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වෙයි

ශ්‍රී ලංකාව විවේක සහ MICE සංචාරක කටයුතු සඳහා ලොව ප්‍රියතම ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් Visa සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඇතිකරගත් ක්‍රමෝපායික හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලොව ගෙවීම් සේවාවන් අතර ප්‍රමුඛයා වන Visa තම ආසියා – පැසිෆික් සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ MICE (Meetings, Incentives,…

(0)Comments | June 10, 2025 9:40 am

ASPI ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 17,500 හි සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 17,500 හි සීමාව ඉක්මවීමට අද (09) දිනයේ දී සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24ක් ලෙසින් සටහන් විය. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට හේලීස්, සෙලින්කෝ හෝල්ඩිංග්ස්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, HNB සහ සිලෝන්…

(0)Comments | June 9, 2025 4:12 pm

එක්සත් රාජධානියේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රත්මලානේ Haleon කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙති

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා රාජකීය වාණිජ දූත ප්‍රධානී, එවර්ටන් හි ලෝඩ්, ගරු හැනට් මහතා රත්මලානේ Haleon ඖෂධ නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය දා සහභාගී වූ අතර, එතුමන් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දකුණු ආසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් ඇනා ෂොට්බෝල්ට්, ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ මාරා වෝටර්ස්, වෙළඳ හා ආයෝජන නියෝජ්‍ය ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු සහ ආසියා…

(0)Comments | June 9, 2025 4:05 pm

අප්‍රේල් මාසයේ දී බදු ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා, රු. බිලියන 236.60 කින් වැඩි වී තිබේ. මෙය 19.42%ක…

(0)Comments | June 9, 2025 12:55 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම හඳුනාගැනීම

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මිය විසින්, කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම පැහැදිලි කරමින්, ලැයිස්තුගත කිරීමේ අංශයේ කාර්යභාරය, සමාගම් සඳහා වන ප්‍රතිලාභ, පුළුල් ආර්ථික බලපෑම සහ මහජනතාව වෙත කොටස් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ආයතන මගින් තක්සේරු කළ යුතු අත්‍යවශ්‍යතා සලකා බැලීම් සම්බන්ධව විස්තර කරන ලදි. CSE හි ලැයිස්තුගත…

(0)Comments | June 9, 2025 10:53 am

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කර ජනාධිපති කාර්‍යාලය මූලික කර ගත් ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා – ජනපති අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ජනාධිපති කාර්යාලයේදී පසුගිය දා (06) පස්වරුවේ පැවැත්විණි. අවාර සමය තුළ (Offseason) ශ්‍රී ලංකාව සංචාරක…

(0)Comments | June 9, 2025 9:01 am

2025 මාස 05ක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 3 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව 2025 ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,102.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2024 වසරේ…

(0)Comments | June 6, 2025 6:37 pm

මහ බැංකු සංචිතයේ සුළු අඩුවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 මැයි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2025 අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 6,327ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.7%ක සුළු පහළ යාමකි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි මාසය…

(0)Comments | June 6, 2025 6:01 pm

UL 306 ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

කොළඹ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 306 අංකය දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (05) ඉන්දුනීසියාවේ මේදාන් (Medan) ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදු විය. ගුවන් යානය පරීක්ෂාකර දෝශ නිරාකරණය සඳහා අමතර කාලයක් අවශ්‍ය වූ බැවින්, මගීන් 93 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 8 දෙනා සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සලසා…

(0)Comments | June 6, 2025 5:28 pm