Top News

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනාවක්

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට…

(0)Comments | March 18, 2025 12:25 pm

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව පත්කිරීමට කැබිනට් අනුමැතිය

ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම…

(0)Comments | March 18, 2025 12:13 pm

පෙබරවාරි මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 පෙබරවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල  තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 පෙබරවාරි මාසයේදී 56.8ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය. විශේෂයෙන් ආහාර පාන නිෂ්පාදන අංශයෙහි නියුතු බොහෝ සමාගම් එළඹෙන උත්සව…

(0)Comments | March 18, 2025 11:25 am

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන යටිතල පහසුකම් සහ සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න – ජනපති

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එබැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ,…

(0)Comments | March 18, 2025 6:57 am

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

2025 මාර්තු මාසයේ තෙවන සතියට අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි නමුත් සතියේ ආරම්භක දිනයේ දීම ඒකක 200ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමක් දක්නට ලැබුණි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 211.14කින් පහළ ගොස් ඒකක 15,649.30 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 71.77 කින්…

(0)Comments | March 17, 2025 5:05 pm

First Capital Holdings 2024-25 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුවේ දී සිය අඛණ්ඩ වර්ධනය තවදුරටත් තහවුරු කර ගනී

ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital Holdings PLC සමූහය, 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන්වූ මාස නවයක කාලය සඳහා රුපියල් බිලියන 4.53ක මුළු විස්තීර්ණ ආදායමක්  වාර්තා කරමින් සිය තිරසාර වර්ධනය ඇති කිරීමට ඇති හැකියාව පෙන්නුම් කිරීමට සමත් විය. පසුගිය වසරේ දී පොලී අනුපාත පහත වැටීම සහ දේශීය ණය ප්‍රශස්තකරණයෙන් පසු  First Capital සමූහය…

(0)Comments | March 17, 2025 4:04 pm

CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවක් වන CEMS-Global USA හි ශ්‍රී ලංකාව තුල පවත්වනු ලබන 14 වැනි අදියර පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සුවිශේෂී ප්‍රදර්ශනය මාර්තු 13 – 15 දක්වා කොළඹ 10 ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CEMS-Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | March 17, 2025 8:49 am

ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

– නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි. ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය….

(0)Comments | March 15, 2025 10:28 am

දරිද්‍රතා රේඛා සටහනේ වැඩිවීමක්

2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි. අදාළ සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025 ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇත. එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා…

(0)Comments | March 14, 2025 4:48 pm

ITC සහ EDB එක්ව කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට SheTrades Sri Lanka Hub දියත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් රාජධානියේ SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන SheTrades Sri Lanka Hub  නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අද  (14 දා)  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. මෙම SheTrades Sri Lanka Hub  වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට අවශ්‍ය නිපුණතා වලින් සන්නද්ධ කිරීම සඳහා…

(0)Comments | March 14, 2025 4:04 pm