ඉන්දීය ක්‍රිකට් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර හමුවක් ඊයේ දින පවත්වා තිබේ. මෙහි මූලික අරමුණ වී ඇත්තේ ක්‍රීඩකයෙකු මෙන්ම මහාපාරිමාණ ආයෝජකයෙකු ද වන හර්බජාන් සිං ගේ ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට කටයුතු යෙදීමයි. 2016 අයවැය කතාවේ දී සෘජු විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශිකයින් දිරිගැන්වීමට යෝජනා…
කැපිටල් එලයන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි සමාගම් නාමය වෙනස් කිරීමට එහි කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිව තිබෙන බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. මේ අනුව ඊයේ දින පටන් එහි නාමය “කලම්බු ට්‍රස්ට් ෆිනෑන්ස් පීඑල්සී“ යනුවෙන් වෙනස් වී තිබේ. මෙය කාගිල්ස් බැංකුවේ අනුබද්ධ සමාගමකි.
මැලේසියායේ Rayani Air ගුවන් සේවය පසුගිය දා සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙහි විශේෂත්වය වනුයේ මෙම ගුවන් සේවය ශරියා නීතියට අනුකූල වන අයුරින් සිය කටයුතු සිදු කිරීමයි. මෙම ගුවන් යානා තුළ ලබා දෙන සියලූම අහාර හා පාන සම්පූර්ණයෙන්ම හලාල් ඒවා වේ. එසේම ගුවන් යානා තුළ මත්පැන් ලබා දීම හා මත්පැන් පානය සම්පූර්නයෙන්ම තහනම්ය. ගුවන් යානා…
2015 දෙසැරම්බර් මස මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන දෙසැම්බර් 30 දා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. එදින පස්වරු 7.30 ට මෙම විවරණය එළි දැක්වීමට නියමිතය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඇල්මැරුණු ස්වභාවය තවත් තීව්‍ර කරමින් 2014 මාර්තු මාසයෙන් පසු වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම අද දිනයේ දී වාර්තා විය. දිනය තුළ පිරිවැටුම රුපියල් මිලියන 263.3 ක් වූ අතර පසුගිය මාස 20 තුළ වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම් අගය ලෙසින් එය වාර්තා වේ. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 27.18 කින්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ (21) දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මෙලසින් බිල්පත් පොළිය අඛණ්ඩව ඉහළ ගිය තෙවැනි වෙන්දේසිය මෙයයි. මෙහිදී දින 91 – 6.28% සිට 6.38% දක්වා ද, දින 182 – 6.54% සිට 6.69% දක්වා ද, දින 364 – 7.01% සිට 7.11% දක්වා…
උද්ධමනය ගණනය කෙරෙනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය නොවැම්බර් මාසය තුළ දී 2.6% කින් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටී. ඔක්තෝබර් මාසයේ දී 0.7% ක්ව පැවති මෙම අගය මෙලෙස 2.6% ක් දක්වා ඉහළ යාම කෙරෙහි අංශ කිහිපයකම මිල ඉහළයාම් බලපා තිබේ. ආහාර හා මධ්‍යසාර නොවන කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ඉහළ…
ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ලොව පුරා වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති ටොයෝටා Prius රථයට සම්පූර්ණයෙන්ම පාහේ සමාන මෝටර් රථයක් එළිදැක්වීමට කොරියාවේ හුන්ඩායි සමාගම කටයුතු කර ඇත. Ioniq යනුවෙන් නම් කර ඇති මෙම මෝටර් රථය ලබන මාසයේ දී නිල වශයෙන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන බව සමාගම නිවේදනය කර තිබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ Ioniq රථය එළිදැක්වීම වෙනුවෙන් කරන ලැබූ වීඩියෝ…
Franklin Templeton Investments හි අරමුදල් කළමනාකර මාර්ක් මෝබියස් මහතා පසුගියදා මෙරට සංචාරයක යෙදුනේය. සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ඔහු වග බලා ගත්තේය. එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද ඔහුට සිය සංචාරයේ දී අවස්ථාව උදා වුණි. තම සංචාරය පිළිබඳව සටහනක් තබමින් මාර්ක් මෝබියස් මහතා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා…
සණස සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2 ක් ණයකර නිකුතුවක් සිදුකරන බව අද දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී රුපියල් 100 බැගින් වූ ශ්‍රේණිගත, සහතික කළ, නිදහස් කළ හැකි ණයකර මිලියන 20 ක් පළමු අදියරේ දී නිකුත් කෙරේ. ඒ සඳහා පවතින ඉල්ලුම සලකා බලා තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට බැංකුව සැලසුම් කර ඇත. මහජනතාවට…
Video Story