Top News

ශ්‍රීලංකන්ට ආයෝජකයෙකු සොයයි

දැනට පාඩු ලබන තත්ත්වයේ පසුවන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවා සඳහා මූලෝපායික ආයෝජකයින් කැඳවීම සඳහා ගනුදෙනු උපදේශකයින් ලෙසින් BNP Paribas සහ KMPG පත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. මෙම ගනුදෙනුවේ කළමනාකාරවරයා ලෙසින් ගනුදෙනු කරනු ලබන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ NSB Fund Management අරමුදල් කළමනාකරණ අංශයයි. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්කරනු ලැබූ දැන්වීමක් හරහා මේ…

(0)Comments | July 7, 2016 6:54 am

බ්ලැක්බෙරි ක්ලැසික් අවසන් ගමන් යයි

BlackBerry Classic ස්මාර්ට් ජංගම දුරකතනය නිෂ්පාදනය නවතා දමන බව බ්ලැක්බෙරි සමාගම නිවේදනය කර සිටී. raised button keyboard එකකින් යුතු මෙම ස්මාර්ට් ජංගම දුරකතනය 2014 වසරේ දී හඳුන්වා දෙනු ලැබූවේ BlackBerry Bold ජංගම දුරකතනයට ආදේශකයක් වශයෙනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්ලැක්බෙරි හි සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රැල්ෆ් පිනි මෙසේ කියා සිටියේය. “අද වන විට බොහෝ…

(0)Comments | July 7, 2016 4:15 am

මෙසී ගේ බදු වංචාවට සම්බන්ධ සමාගම් හෙළිවෙයි

බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ හා ආජන්ටිනා ජාතික පිලේ සුපිරි පෙර පෙළ ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා හට මාස 21 ක සිරදඬුවමක් නියම කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් අද (06) දිනයේ දී පියවර ගනු ලැබීය. මෙහිදී ඔවුන් හට එල්ල වී තිබුණු චෝදනා වනුයේ යූරෝ මිලියන 4.16 ක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හරින ආකාරයෙන් කටයුතු කර…

(0)Comments | July 6, 2016 5:09 pm

තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීමට පියවර

තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීමටත්, තේ ශක්ති අරමුදල සතු කර්මාන්තශාලා 12 හි කළමනාකාරිත්වය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ඉහළ නැංවීම සඳහාත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 6, 2016 7:29 am

E-Motoring ව්‍යාපෘතියට අනුමැතිය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් ලිපිගොනු කළමනාකරණ පද්ධතියක් සකස් කරගැනීම, එහි වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය හා දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම යන මූලිකාංග තුනක් (03) යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම ‘ඊ මෝටරින් ව්‍යාපෘතිය’ නිමැවුම් කර,…

(0)Comments | July 6, 2016 7:20 am

AHTIC සමුළුවේ නිල වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරේ

මෙම වසරේ නොවැම්බර් 27 වන දින සිට 29 වනදා දක්වා කොළඹදි පැවැත්වීමට නියමිත ආසියානු හෝටල් සහ සංචාරක කර්මාන්ත සමුළුව හෙවත් AHTIC සමුළුව (Asia Hotel and Tourism Investment Conference) අතර එහි නිල වෙබ් අඩවිය විවෘත කිරීම අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති නිල නිවසේදී සිදු විය. ආසියානු කලාපයේ හෝටල් සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්…

(0)Comments | July 6, 2016 7:16 am

කොටස් වෙළඳපොළ පහළ යෑමට ප්‍රධාන හේතුව ලෝක ආර්ථිකයේ ගැටළුකාරීත්වයයි

“2015 කොටස් වෙළඳපොළ පහළ යෑමට ප්‍රධාන හේතුව වන්නේ,ලෝක ආර්ථිකයේ ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයයි. චීන ආර්ථිකයේ වර්ධන වේගය පහළ යෑම,ඇමෙරිකාවේ පොළී අනුපාතය ඉහළ යෑම හේතුවෙන් සංවර්ධනය වන රටවල කෙටි කාලීන ආයෝජන නැවත ගලා යෑමයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ, 2015 ඉන්දියානු කොටස් වෙළඳපොළ සියයට 5%කින් කඩා වැටුණා. බංගලාදේශය සියයට 4.83%කින් පහළ වැටුණා.චීනයේ ෂැංහයි කොටස් වෙළඳපොළ 2015…

(0)Comments | July 6, 2016 6:57 am

කොළඹ කොටස් 25 කින් ඉහළට. ජෝන් කීල්ස් Warrant යළී නැගී සිටියි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම ඊයේ (05) දිනයේ දී ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 25.62 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය වාර්තා වුණේ ඒකක 6,280.39 ක් ලෙසිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.41% ක ඉහළ යාමකි. ඊයේ ගනුදෙනු අතරවාරයේ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් පෙර දිනයේ…

(0)Comments | July 6, 2016 4:50 am

විශ්වාසය සුරැකීම පළමු කාර්යයි – මහ බැංකු අධිපති VIDEO

ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය හා විශ්වාසනීයත්ය රැක ගැනීම තම ප්‍රමුඛ කාර්යය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ දී මහ බැංකු අධිපතිවරයා ලෙස සිය පළමු මාධ්‍ය හමුවට එක්වෙමිනි. “ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනයක්. මෙම පත්වීමේ දී අභියෝග රැසකට…

(0)Comments | July 6, 2016 4:35 am

රාජ්‍ය සේවය තරඟකාරී කරන්නේ කෙසේද? VIDEO

මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා පීඩනයට මුහුණ දිය හැකි රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කළ යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. සුනිල් හෙට්ටිආරච්චි මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | July 6, 2016 4:08 am

Video Story

Stock Market

Exchange Rates