Top News

Fentons ලිමිටඩ් හි 75% ක කොටස් අයිතිය හේලීස් අත්පත් කර ගනී

හේලීස් පීඑල්සී විසින් Fentons ලිමිටඩ් හි 75% ක කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මේ සඳහා හේලීස් පීඑල්සී විසින් ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 963 කි. 1921 වසරේ දී ඇරඹි Fentons ලිමිටඩ්, ගොඩනැගිලි පද්ධති හා තොරතුරු තාක්ෂණ යටිතලපහසුකම් සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවාවන් සපයන සමාගමකි.

(0)Comments | March 15, 2016 5:26 am

මුදල් අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී අතර හමුවක් නවදිල්ලියේ දී

ඉන්දීය රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කළ Advancing Asia: Investing for the Futureසම්මන්ත්‍රණයට සහභාගී වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර දී පැවැත් විණි. මෙම අවස්ථාවට ලෝ ප්‍රකට බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපතිනී මෙලින්ඩා ගේට්ස් මැතිනිය ද එක්ව සිටියා…

(0)Comments | March 15, 2016 4:14 am

ලෝක පාරිභෝගික හිමිකම් දිනය අදයි

ලෝක පාරිභෝගික හිමිකම් දිනය අදට (15) යෙදී ඇත. මෙම දිනය සමරනු පිණිස මෙරට සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව වැඩසටහන් කිහිපපයක්ම දියත් කර තිබේ. ‘පාරිභෝගිකයන් සඳහා අගය නිර්මාණය කිරීමට සිල්ලර වෙළෙඳුන්ගේ සම්බන්ධතාව‘ තේමා කර ගනිමින් අබාන්ස්, කීල්ස් සුපර්, කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්ස්, හෙල්ත්ගාඩ්, ස්වර්ණමහල් ජුවලර්ස්, නෝ ලිමිට්, කූල් ප්ලැනට්, DSI හා හමීඩියා ආයතන…

(0)Comments | March 15, 2016 12:01 am

බ්‍රේක් ප්‍රශ්නයක් නිසා නිසාන් ලීෆ් 46,859 ක් යළි කැඳවයි

තිරිංග පද්ධතියෙහි මතුව තිබෙන දෝෂයක් හේතුවෙන් නිසාන් ලීෆ් වර්ගයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ 46,859 ක් යළි කැඳවීමට නිසාන් සමාගම පියවර ගෙන තිබේ. සමාගම පවසන්නේ 2013 සිට 2015 වසර දක්වා නිපදවන ලද මෝටර් රථවල මෙම දෝෂය මතුව ඇති බවයි. ඉතා තද ශීත කාලගුණයක් යටතේ වාහන පැදවීමේ දී තිරිංග යෙදීමේ ගැටළු ඇතිවීම මීට හේතුවයි. එහිදී තිරිංග ක්‍රියාත්මක වුවත්…

(0)Comments | March 14, 2016 9:06 am

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනයට රජයේ අවධානය

ශ්‍රී ලංකාව විද්‍යුත් වාණිජ කටයුතු සඳහා සුදුසු ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන එක්සත් ජාතීන්ගේ විද්‍යුත් සන්නිවේදන ප්‍රඥප්තිය (UN-ECC) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. එක්සත් ජාතීන්ගේ විද්‍යුත් සන්නිවේදන ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාව 2015 ජූලි මස 07 වන…

(0)Comments | March 14, 2016 7:59 am

පොදු ප්‍රවාහනයට පෙර ගෙවුම් කාඩ් පත්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පෞද්ගලික බස් රථ හිමියන්, රාජ්‍ය බැංකු හා තොරතුරු තාක්ෂණ සමාගම්වල සහයෝගය ඇතිව පෙර ගෙවුම් කාඩ්පත් හරහා ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමයක් මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙහිදී වැඩිදුරටත් රජය පෙන්වා දෙන්නේ පොදු…

(0)Comments | March 14, 2016 7:33 am

කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට යළිත් වරක් පැමිණ තිබේ. අද (14) මධ්‍යහ්නය වන විට එහි අගය ඒකක 5,986.92 ක් ලෙසින් සටහන් වූ අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව එය ඒකක 33.03 ක හෙවත් 0.55% ක පහළ යාමකි. මේ අතර පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙකෙහි පිළිවෙලින් ඒකක 85.8 හා 71.8…

(0)Comments | March 14, 2016 6:55 am

බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ශ්‍රී ලංකාවට සල්ලි එවලා

පරිගණක් හැකරුන් (hackers) පිරිසක් විසින් බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. මෙහිදී නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකු ගිණුමෙන් ඩොලර් බිලියනයක පමණ මුදලක් සොරා ගන්නට තැත් කර ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ. මේ සම්බන්ධයෙන් බැංකු නිලධාරියෙකු කියා සිටින්නේ මෙලෙස සොරා ගනු ලැබූ මුදල්වලින් ඩොලර් මිලියන 20 ක් පිලිපීනයට ද, තවත් කොටසක්…

(0)Comments | March 14, 2016 5:18 am

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට සිංගපූරුවේදී ඇරඹෙයි

Finance Asia විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට (15) සිංගපූරුවේදී ආරම්භ වීමට නියමිතය. මෙරට මූල්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයින්, කලාපීය ආයෝජන කළමනාකරුවන් හා ආයතනික ආයෝජකයින් රැසක් මේ සඳහා එක්වන බව සංවිධායකයින් කියා සිටී. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, නියෝජ්‍ය…

(0)Comments | March 14, 2016 4:22 am

ජය බහලුම් පර්යන්තයෙන් වාර්තාවක්

කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තය එකවර නැව් තුනක මෙහෙයුම් සිදුකර තිබෙන අතර මෙම එක් නැවක් මීටර 300 කට වඩා වැඩි දිගකින් යුක්ත වූ බව වාර්තා වේ. MSC Jovanna, Ever Lenient සහ MSC Toronto යන මෙම නෞකා ත්‍රිත්වය පසුගිය බදාදා ජය බහලුම් පර්යන්තයෙහි නැංගුරම් ලා තිබේ. MSC Joanna නෞකාව මීටර 337 ක දිගින් යුක්ත වන අතර…

(0)Comments | March 11, 2016 12:42 pm