ගෝවීන් දිරිගැන්වීමේ අරමුණින් මුංඇට කිලෝවක් රුපියල් 180.00 බැගින් මිල දී ගැනීම පිණිස රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව අවශ්‍ය ප්‍රතිපාදන අත්තිකාරමක් වශයෙන් ගොවි භාරකාර අරමුදල මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට රජය කටයුතු කර තිබේ. මෙරට වාර්ෂික දේශීය මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 26,000 ක් පමණ වන අතර මුං ඇට ආනයනය සඳහා වාර්ෂිකව වැයවන…
වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාවට එන්න සැලසුම් කළේ 2015 වසරේ නොව ඊට පෙර බවත්, එවර එම ව්‍යාපෘතිය අනුමත කිරීමට ඩොලර් මිලියන 5 ක් ඉල්ලා සිටි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වොක්ස්වැගන් සමාගම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී පාර්ලිමේන්තු…
මෙරට ණය සුරැකුම් වෙළෙඳපොළේ ක්‍රියාත්මක ප්‍රාථමික වෙළෙඳ ගනුදෙනුකරුවන් සඳහා බලපැවැත්වෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දමන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (19) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 2016 අයවැය සඳහා වන නව සංශෝධන ප්‍රකාශයට පත්කරමින් මුදල් ඇමතිවරයා මේ බව පැවසීය. මේ අනුව මෙතෙක් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ වෙළෙඳාම සඳහා තිබිය යුතු වූ රුපියල් බිලියන 1 ප්‍රාග්ධන…
ඉදිරි අනාගතයේ දී මෙරටට භාණ්ඩ මිල දී ගන්නන්ගෙන් 15% ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිල දී ගැනීමට යොමුවනු ඇතැයි මෙරට ප්‍රමුඛතම ඉ-වෙළෙඳ ආයතනයක් වන Takas.lk හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු පත්මලාල් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සියලූම රක්ෂණ සමාගම් සිය ප්‍රතිරක්ෂණ අවශ්‍යතාවලින් 30% ක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් සලසා ගැනීම අනිවාර්ය නීතියකි. මෙහිදී සපයනු ලබන ප්‍රතිරක්ෂණ ආවරණය තුළින් පැනනැඟිය හැකි කවර හෝ අසාමාන්‍ය හානියක් හේතුකොට ගෙන ජාතික රක්ෂණ භාර අරමුදලට භාර ගැනීමට සිදුවන අවදානම් අවම කරලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්…
ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සපයා ස්ථාපනය කර පවරා දීම සඳහා අන්තර්ජාතික තරඟකාරී ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව සතු ගුවන් තොරතුරු කලාපය සඳහා අදාළ ගුවන් ගමන් පාලනය කිරීමට අවශ්‍ය වන සියලු තොරතුරු ජනනය කිරීම, බෙදාහැරීම සහ අනෙකුත් ගුවන් කලාපවලින් අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධති භාවිත කෙරේ. දෛනිකව පාලනය…
පෙරේදා (16) පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ දී පොළී අනුපාතික වැඩි වී තිබේ. මෙහිදී පරිණත කාලය, දින 91 – 6.10% සිට 6.28% දක්වා ද, දින 182 – 6.35% සිට 6.54% දක්වා සහ දින 364 – 6.92% සිට 7.01% දක්වා ද ලෙසින් පොළී අනුපාතිකයන් ඉහළ ගොස් තිබේ. මෙදින පැවති වෙන්දේසියේ දී රුපියල් මිලියන 15,843 ක භාණ්ඩාගාර බිල්පත්…
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයොජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) හා ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 53.91 ක් සපයනු ලබන බව රජය නිවේදනය කර සිටී. මෙම වැඩසටහන ප්‍රධාන කොටස් 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ධාරිතාව වැඩි කිරීම ඒ යටතේ ක්‍රියාත්මක එක් ප්‍රධාන ව්‍යාපෘතියකි.
සංවර්ධිත රාජ්‍යයන්ගෙන් සමන්විත G-20 සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු හා දැනට එහි සභාපතිත්වය දරන තුර්කිය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය අදහස් කර තිබේ. දෙරට අතර ද්විපාර්ශවික සබඳතාව මූල්‍යමය සහයෝගීතාව මඟින් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා තුර්කියේ අපනයන ණය බැංකුව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී තිබේ. මෙම අවබෝධතා ගිවිසුම…
අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) නෙඑම් පොකුණ රගහලේ දී පැවැත්විණි. මෙහිදී එක් එක් වසර සඳහා විශේෂ සම්මාන 6 බැගින් පිරිනැමුණු අතර ඊට අමතරව එක් එක් අපනයන කාණ්ඩයේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන පිරිනැමුණි. ප්‍රදානය කරන ලද විශේෂ…
Video Story