Top News

අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක උපරිම මිල තීරණය වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6 ක අලෙවිය සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කොට තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා කියා සිටියේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළෙඳුන් විසින් සිදුකරන හදිසි මිල ඉහළ දැමීම් වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. මේ අනුව මයිසූර් පරිප්පු…

(0)Comments | November 19, 2015 7:37 am

රට පුරා මත්පැන් හිඟයක්. හේතුව බජට් එකලු..

මේ දින කිහිපයෙහි රටපුරා සුරාසැල්වල මත්පැන් හිඟයක් පවතින බව වාර්තා වේ. හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව රජයේ පළමු අයවැය මීට හේතු වී ඇතැයි පැවසේ. අයවැයෙන් මත්පැන් මිල ඉහළ දමනු ඇතැයි යන අපේක්ෂාව හමුවේ මත්පැන් නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් බෙදාහැරීම පමා කිරීමත්, ඇතැම් සුරාසැල් හිමියන් සිය තොග සඟවා තබා ගැනීමත් මීට හේතු වී…

(0)Comments | November 19, 2015 4:14 am

බිස්නස් ටුඩේ පළමු තැන ජෝන් කීල්ස් ට

බිස්නස් ටුඩේ සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 25 තේරීමේ සම්මාන රාත්‍රිය ඊයේ පැවැත්විණි. එහිදී පළමු තැන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් හිමිකර ගත් අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව වෙත හිමිවිය. මෙම සම්මාන ප්‍රදානයේ සිව්වන ස්ථානය ලංකා දුම්කොළ සමාගමට හිමි වූ අතර ඩිස්ටිලරීස්, ඩයලොග්, ලංකා…

(0)Comments | November 18, 2015 7:18 am

හම්බන්තොට වරායේ විශාලම ව්‍යාපෘතියට ලාෆ්ස් අතගසයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන ආයෝජන මණ්ඩල අනුමත, ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් ඊයේ (17) දිනයේ දී චීනයේ Huanqiu Terminals Limited සමඟ ඓතිහාසික ගිවිසුමකට එළඹෙන ලදී. මෙය හම්බන්තොට වරාය හා සම්බන්ධ පළමු මෙන්ම දැවැන්තම ආයෝජනය ලෙසින් හැඳින්විය හැකි අතර මේ සඳහා වන සම්පූර්ණ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 80 ඉක්මවනු ලබයි. මෙහි මූලික ආයෝජනය ඩොලර් මිලියන…

(0)Comments | November 18, 2015 3:50 am

ඇක්සෙස් ඉංජිනියරින්ග් උසස් අධ්‍යාපනයට පිවිසෙයි

ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී, හොරයිසන් නොලේජ් සිටි (Horizon Knowledge City) ලිමිටඩ් හි 92% ක සාමාන්‍ය කොටස් අයිතිය හිමිකර ගෙන තිබේ. මේ සඳහා ආයෝජිත මුලු මුදල රුපියල් මිලියන 575 කි. 2015 සැප්තැම්බර් මාසයේ දී සංස්ථාපනය කරන ලද හොරයිසන් නොලේජ් සිටි, උසස් අධ්‍යාපන හා විශ්වවිද්‍යාල අධ්‍යාපන පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් ඇරඹි ව්‍යාපාරයකි. මේ සඳහා දැනටමත් මාලඹේ පිහිටි…

(0)Comments | November 18, 2015 3:45 am

“නව රජය යටතේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා පියවර රැසක්” – සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුක්ත සංචාරක සේවා සැපයුම් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා නව සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටිනා බවත් එම සැලසුම් හරහා සංචාරක ක්ෂේත්‍රය තුළ නව රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීමට පවතින රැකියා වඩාත් සුරක්ෂිත කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ…

(0)Comments | November 17, 2015 11:43 am

කොටස් වෙළෙඳපොළ කියන්නේ සූදුවක් – බන්දුල ගුණවර්ධන කියයි

කොටස් වෙළෙඳපොළ යනු සූදුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගියදා අග්‍රාමාත්‍යවරයා, සිය මධ්‍ය කාලීන ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් කළ යෝජනාවලට අනුව, සේවක ආර්ථසාධක අරමුදල (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) එක්කරමින්, ජාතික විශ්‍රාමික පාරිතෝෂිත අරමුදල නමින් තනි නව…

(0)Comments | November 17, 2015 7:23 am

GSP+ ප්ලස් වෙන්න ලඟයි

GSP+ සහනය යළිත් වරක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය සාධනීය පසුබිමක ශ්‍රී ලංකාව පසුවන බව යුරෝපා සංගමය පවසයි. මෙහිදී ඔවුන් කියා සිටින්නේ GSP+ ප්‍රතිලාභී රටවල ක්‍රියාවට නංවා තිබෙන යහපාලනය, පරිසර ආරක්ෂණ, කම්කරු හා මානව අයිතිවාසිකම් යනාදී ජාත්‍යන්තර සම්මුතීන්වල තත්ත්වයන් මත මෙම සහනය ප්‍රදානය කිරීම හෝ නැවත දීර්ඝ කිරීම සිදුවන බවයි. පසුගිය ජනවාරි මාසයේදී මෙරට ඇති වූ…

(0)Comments | November 17, 2015 6:14 am

දශ ලක්ෂ 15,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

හෙට දින (නොවැම්බර් 18) පැවැත්වෙන වෙන්දේසිය සඳහා රුපියල් දශ ලක්ෂ 15,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මෙහිදී රු. දශ ලක්ෂ 6,000 ක බිල්පත් දින 182 කින් කල්පිරෙන පරිදි හා රු. දශ ලක්ෂ 9,000 ක බිල්පත් දින 364 කින් කල්පිරෙන ආකාරයෙන් නිකුත් නිකුත් කිරීමට නියමිතය. පසුගිය සතියේ පැවති…

(0)Comments | November 17, 2015 4:20 am

කොළඹ කොටස් හත්දහසෙන් පහළට වැටෙයි

මාස 04 කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ අඩුම මිල දර්ශක අගය අද දිනයේ දී වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,965.98 ක් ලෙසින් වාර්තා වූ අතර 2015 ජූලි 10 වැනි දින සියලු කොටස් මිල දර්ශකයේ අගය වූ ඒකක 6,984 න් පසුව වාර්තා වූ අඩුම මිල දර්ශක අගය මෙයයි. මෙය පෙර…

(0)Comments | November 16, 2015 11:12 am