Top News

බ්ලූ ඩයමන්ඩ් චීන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන යැංග් චොංග් හා ගුඕ වෙල් යන අය පසුගිය ජූනි 06 වැනිදා සිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ සම්බන්ධයෙන් කොලඹ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගමේ සභාපතිවරයා වන Xia Liquiang කියා සිටින්නේ අදාළ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමාගමේ කොටස්කරුවන් නොවන බවයි. බ්ලූ ඩයමන්ඩ් සමාගම විසින් සිදුකරන…

(0)Comments | June 13, 2016 8:51 am

මිලියන 10 ක ආයෝජනයකින් මැලෙසියාවෙන් ශ්‍රී ලංකාවට යතුරුපැදි කර්මාන්ත ශාලාවක්

රිංගිට් මිලියන 10 ක ආයෝජනයක් මෙරට තුළ සිදුකිරීමට මැලේසියාවේ DNC Asiatic Holdings Sdn Bhd සමාගම තීරණය කර තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර සිටී. Demak වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාවට යතුරුපැදි අපනයනය කරනු ලබන DNC Asiatic Holdings Sdn Bhd සමාගම, මෙම නව ප්‍රවේශයත් සමඟම ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. DNC Asiatic…

(0)Comments | June 13, 2016 7:44 am

පර්යන්තයට වඩා දිගින් වැඩි නෞකා දෙකකට ජය බහලු පර්යන්තයෙන් සුවිශේෂී මෙහෙයුමක්

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ කළමනාකාරීත්වය සහ සේවකයින් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ. ඒ පර්යන්තයට වඩා දිග විශාල නෞකා දෙකකට එකවර සේවා සපයමිනි. ජය බහලු පර්යන්තයේ දිග මීටර 660කි. නමුත් පසුගියදා ජය බහලු පර්යන්තය වෙත නෞකා දෙකක් එකවර සේන්දු විය. එහි සමස්ත දිග ප්‍රමාණය මීටර් 685කි. එවැනි තත්ත්වයකදී නාවික කොට්ඨාසයේ ද සහය ඇතිව මෙම…

(0)Comments | June 13, 2016 6:00 am

ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය අපි දෙනවා

ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද වෙන්චර් එන්ජින් වැඩසටහන පිළිබඳ පුළුල් විග්‍රහයක් කිරීමට බ්ලූ ඕෂන් කැපිටල් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා අද දෙරණ Biz 24×7 එක්විය. ඒ මහතා සමගින් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | June 13, 2016 5:24 am

බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

ගෙවී ගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 0.17% ක වර්ධනයක් අත්පත් කර ගනු ලැබූ අතර සතිය අවසානයේ දී එය ඒකක 6,530.50 ක් ලෙසින් වාර්තා විය. සතියේ අවසන් ගනුදෙනු දිනය වූ සිකුරාදා (10) දිනය තුළ දී රුපියල් මිලියන 275.1 ක පිරිවැටුමක් වාර්තා වූ අතර මෙය පසුගිය මාර්තු 19 වනදා සිට මේ…

(0)Comments | June 12, 2016 6:07 pm

ප්‍රාග්ධනයට අපි බදු ගහනවා – අගමැති

පළමු වතාවට ධනපති පංතියෙන් බදු අය කිරීම සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී. එසේම හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා චීන සමාගමක් සමඟ සාකච්ඡා කර ඇති බව ද කර්මාන්ත, පිරිපහදුවක් සහ විදුලි බලාගාරයක් එහි අලුතින් ඉදිකෙරෙන බව ද…

(0)Comments | June 10, 2016 10:14 am

අනිලානා ආන්දෝලනාත්මක අවුලක

අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී ඈවර කරන ලෙස මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී විසින් ඊයේ (09) දිනයේ දී කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකිරීමත් සමඟම අනිලානා සමාගම් සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලානාත්මක තත්ත්වයක් පැන නැඟී තිබේ. අනිලානා විසින් මිලේනියම් හවුසින් වෙතින් ලබා ගත් රුපියල් මිලියන 17 ක ණය මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා මිලේනියම් හවුසින් මෙම නීතිමය පියවර…

(0)Comments | June 10, 2016 9:52 am

බිලියන 1.2 ක සමුරායි බොන්ඩ් නිකුතුවක් – විදේශ විනිමය පාලන නීති ඉවතට

ශ්‍රී ලංකා රජය විසින් ජපාන යෙන්වලින් නම් කරන ලද බිලියන 1.2 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.“අද විශාල මුදලක් අපිට ලැබිලා තියෙනවා. IMF සංවිධානයෙන් ඩොලර් බිලියන 2.2 ක්,…

(0)Comments | June 10, 2016 8:10 am

“ජීවිතයට වෙනසක්” – ප්‍රජා සංවර්ධනය පිළිබඳ ඡායාරූප සහ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය සාර්ථකව නිමාවට පත්වෙයි

මෙරට උතුරු-නැගෙනහිර පළාත්වල ජනතාව යළි පිබිදීම සඳහා දරන අප්‍රතිහත ධෛර්යය නිරූපණය කරන “ජීවිතයට වෙනසක්” ඡායාරූප සහ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය පාර්ක් ස්ට්‍රීට් මිව්ස් හිදී පසුගියදා පැවැත්වුණි. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ජුනි මස 8 වනදා ප.ව. 6.00 ට ආරම්භ විය. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ වැඩ බලන ප්‍රධානී විලෙම්…

(0)Comments | June 10, 2016 7:44 am

ලෆාජ්හොල්සිම් වෙනුවෙන් ඉන්දියානුවෝ තිදෙනෙක් පොරයට

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන ලෆාජ්හොල්සිම් හි මීළඟ හිමිකාරීත්වය ලබා ගැනීමට ඉන්දියානු සමාගම් තුනක් අතරෙහි තියුණු තරඟයක් නිර්මාණය වී තිබේ. Dalmia Bharat, Shree Cements සහ Ramco Cements යන සමාගම් මෙලෙසින් තරඟයට පිවිස තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටී. විදෙස් මාධ්‍ය පවසන පරිදි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ උපදෙස් පරිදි සිය ශ්‍රී ලංකාවේ වත්කම් විකුණා දමා…

(0)Comments | June 10, 2016 7:02 am

Video Story

Stock Market

Exchange Rates