Top News

බැංකු නොවන මූල්‍ය අංශයේ ක්ෂුද්‍ර ණය යොමුව අවදානම් බව ෆිච් කියයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය අංශයේ සමාගම්වල ක්ෂුද්‍රණය දීම් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ෆිච් රේටිංග්ස් නිවේදනය කර සිටී. 2014 මාර්තු වන විට 4% ක්ව පැවති මෙම අංශයේ ණය දීම් 2015 දෙසැම්බර් වන විට 27% දක්වා වර්ධනය වී තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර බැංකු නොවන මූල්‍ය ආයතනවල ණයදීම්වලින් 30% ක් පමණ…

(0)Comments | April 4, 2016 3:11 am

වැට් බද්දේ වෙනසක් නැහැ

වැට් බද්ද හෙවත් එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය තවදුරටත් 11% මට්ටමේ පවතින බව දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටී. පසුගියදා කළ නව බදු සංශෝධනවලට අනුව වැට් බද්ද 15% දක්වා සංශෝධනය කළ අතර 2016 අප්‍රේල් 01 වැනිදා පටන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් කල්‍යාණී දහනායක මහත්මිය කියා…

(0)Comments | April 1, 2016 2:13 pm

වත්කම් හෙළිකරන්නැයි එන්රිකේ සංවිධායකයින්ට නියෝගයක්

ආන්දෝලනයට තුඩුදුන් එන්රිකේ ඉග්ලේසියස් ගේ සංගීත ප්‍රසංගයේ සංවිධායකයින් හට සිය වත්කම් හෙළි කරන ලෙස කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් අද (01) නියෝග කර තිබේ. පසුගිය දෙසැම්බර් 20 වන දින පැවති “Enrique Iglesias –Sex and Love” සංගීත ප්‍රසංගයේ ටිකට්පත් අලෙවියෙන් ලැබුණු සම්පූර්ණ ආදායම හා සමාගම සතුව තිබෙන වත්කම් අනාවරණය කරන්නැයි මෙම නියෝගය ලැබී ඇත. මේ සඳහා දින…

(0)Comments | April 1, 2016 11:38 am

අප්‍රේල් පළමුවැනිදා UBER ස්කූටර් හඳුන්වා දුන්නේ මෙහෙමයි

UBER කුලී රථ සේවාවන් මේ වන විට ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. අද වන විට ශ්‍රී ලංකාව තුළ ද UBER සඳහා ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ලබා ඇති මෙම ජනප්‍රියත්වයත් සමඟම තවත් විප්ලවීය හඳුන්වාදීමක් UBER විසින් අද දිනයේ දී සිදුකර ඇත. එනම් UBER ස්කූටර් හඳුන්වාදීමයි. ඉතා කාර්යක්ෂම, අඩුවියදම් සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව සමාගම ප්‍රකාශ…

(0)Comments | April 1, 2016 8:11 am

ලංකාවේ කෙලවල්ලා මාළු ඔළුවට කොරියානුවෝ ලොල් වෙයි

කොරියාවට කෙලවල්ලා මාළු ඔළු අපනයනය ඉතා ලාභදායී ව්‍යාපාරයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලිප් වෙදආරච්ච් මහතා පැවසීය. කොරියානු නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (31) පැවති හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව වෙදආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයා ගැනීම සඳහා…

(0)Comments | April 1, 2016 6:47 am

HSBC ප්‍රාථමික අලෙවියෙන් ඉවතට

හොංකොං ඇන්ඩ් ෂැංග්හයි බෑන්කිං කෝපරේෂන් ලිමිටඩ්, අද සිට (01) රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ. කෙසේවෙතත් මහ බැංකුව කියා සිටින්නේ HSBC, කොටස්කර සුරැකුම්පත් (scripless securities)සඳහා සෘජු සහභාගීකරුවකු ලෙසින් කටයුතු කරන බවයි.

(0)Comments | April 1, 2016 6:24 am

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ඩිජිටල් අලෙවි උපක්‍රම හඳුන්වා දේ

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ වන විට ලෝක ජනගහනයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිත කරනු ලබන අතර, සංචාරකයන්ට සිය සංචාරක ගමනාත්තයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී හා සංචාරක ගමනාන්තයන් ප්‍රචලිත කිරීමේදී අන්තර්ජාලය…

(0)Comments | April 1, 2016 5:03 am

අදත් බැඳුම්කර වෙන්දේසියක් – මිලියන 50,000 ක් අනුමතයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබූ අතර පරිණත කාලසීමා කාණ්ඩ 4 ක් යටතේ රුපියල් මිලියන 5,000 බැගින් රුපියල් මිලියන 20,000 ක් වටිනා බැඳුම්කර ඒ සඳහා ඉදිරිපත් කර තිබුණි. 2018, 2019, 2021 හා 2028 යන වසරවල කල්පිරෙන මෙම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රුපියල් මිලියන 9,000 – 5,000…

(0)Comments | March 31, 2016 10:01 am

රුපියල අද ගණන් උස්සයි

පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දැඩි පසුබෑමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියලෙහි අගය අද (31) දිනය තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.59 ක් ලෙසින් වාර්තා වන අතර…

(0)Comments | March 31, 2016 7:27 am

ලන්ඩන් වීදිවල සැරිසරනා රත්තරං කාර් මෙන්න

සෞදියේ ධන කුවේරයෙකු වන Turki Bin Abdullah කුමරු පසුගියදා ලන්ඩනයට පැමිණයේය. මෙම සංචාරයේ ඇති විශේෂත්වය නම් තමන් සතු රන් ආලේපිත අති සුඛෝපභෝගී මෝටර් රථ හතරක් ද ලන්ඩනයට රැගෙන ඒමට ඔහු කටයුතු කිරීමයි. මෙලෙස ලන්ඩනයට ආ රත්‍රං මෝටර් රථ වූයේ Mercedes 6×6, Rolls-Royce Phantom Coupe, Lamborghini Aventador SV හා Mansory Bentley Flying Spur රථ හතරකි. සෑම…

(0)Comments | March 31, 2016 7:26 am