Top News

පැරිස් ප්‍රහාරය Eagles ට නොවෙයි

ඊයේ දිනයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ පැරිසියේ Le Bataclan රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ දීය. එම අවස්ථාවේ දී ප්‍රසංගය සඳහා එක් වී සිටියේ Eagles of Death Metal සංගීත කණ්ඩායමයි. බොහෝ මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණේ සුප්‍රකට Eagles සංගීත කණ්ඩායම මේ අවස්ථාවේ දී ප්‍රසංගයට එක් වී…

(0)Comments | November 15, 2015 11:35 am

අද සිට තේ වලට සීනි නැහැ

සියලූම රාජ්‍ය ආයතන, හෝටල්, අවහන්හල් හා ආහාර අලෙවි මධ්‍යස්ථානවල තේ පිළිගැන්වීමේ දී අද සිට සීනි කවළම් නොකර පිළිගන්වන්නැයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉල්ලා සිටී. ලෝක දියවැඩියා දිනය සමරන අද දිනයේ දී මෙම පණිවුඩය ලබාදෙමින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ තමනට අවශ්‍ය පරිදි සීනි යොදා ගැනීම සඳහා වෙනම සීනි බඳුනක් ඒ වෙනුවෙන් පිළියල…

(0)Comments | November 14, 2015 6:51 am

කුරුඳුවලින් ඩොලර් බිලියනයක් හොයන්න දයා සැරසෙයි

එළඹෙන වසර 05 තුළ දී කුරුඳු නිෂ්පාදනය තුළින් ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමට සැලසුම් සකස් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. කුරුඳු වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ කළ විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පදාන සඳහා ලෝක වෙළෙඳපොළේ වැඩි මිලක් ලබා ගත හැකි පරිදි රජය…

(0)Comments | November 14, 2015 6:38 am

ඇක්සස් ණයකර නිකුතුව අදින් අවසන්

ඊයේ දිනයේ (12) දී ආරම්භ කරන ලද ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි ණයකර නිකුතුව සඳහා ඉහළ අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව සමාගම පවසයි. රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 30,000 ක් මෙහිදී නිකුත් කිරීමට පියවර ගත් අතර එම ප්‍රමාණය සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20,000 ක් නිකුත් කිරීමට සමාගම සූදානම් වී සිටියේය. ඒ අනුව රුපියල්…

(0)Comments | November 13, 2015 8:11 am

මත්තල ගොඩගන්න සර්බියාවෙන් ගුවන් ගමන්

ශ්‍රී ලංකාව හා සර්බියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කොට තිබේ. මෙම ගිවිසුමට අනුව සර්බියාවේ ගුවන් යානාවලට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට හා එහි සිට වෙනත් රටවලට පියාසර කිරීමට අවස්ථාව උදාවනු ඇත. මෙය මත්තල ගුවන්තොටුපළ වඩාත් ඵලදායී අයුරින් භාවිතයට ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙලවලින් එකකි. සර්බියාව මේ වන විට යුරෝපා සංගමයේ රටවල් 13 ක් සමඟ…

(0)Comments | November 13, 2015 5:48 am

ශ්‍රී ලංකාවේ මානව සම්පත සංවර්ධනයට තායිලන්තයෙන් සහාය

තායිලන්ත අන්තර්ජාතික සංවර්ධන සහයෝගීතා ඒජන්සිය විසින් පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට මානව සම්පත සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව හා පුහුණු වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශවික තාක්ෂණික සහයෝගීතාවය යටතේ මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් තායිලන්තය සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. මේ යටතේ කෘෂිකාර්මික, ආහාර, ග්‍රාමීය සංවර්ධන, ස්වයං රැකියා, සංචාරක, රාජ්‍ය…

(0)Comments | November 13, 2015 4:57 am

සම්පත් බැංකුවේ ණයකර නිකුතුවට පළමු දිනයේම අධි දායකත්වයක්

සම්පත් බැංකුව විසින් රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දින ආරම්භ කරන ලද ණයකර නිකුතුව, පැවති අධි දායකත්වය හේතුවෙන් පස්වරු 4.30 ට අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. රුපියල් 100 ක මුහුණත වටිනාකමකින් යුත් ණයකර මිලියන 50 ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට මෙහිදී කටයුතු යොදා තිබූ අතර, නිකුතුව සඳහා අධි දායකත්වයක්…

(0)Comments | November 12, 2015 11:27 am

වැලිබල් වන් IPO අරමුණු ඉටුවීම 2019 දක්වා කල්යයි

වැලිබල් වන් සමාගම විසින් 2011 වසරේ සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ප්‍රමාද වීම පිළිබඳව, සමාගමේ ලේකම්වරුන් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු දන්වා තිබේ. මීගමුවේ ඉදිරිකිරීමට යෝජිත වූ වැලිබල් වන් සමාගමේ උපසමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සමර් සීසන් නම් තරු පහේ අතිසුඛෝපභෝගී හෝටලය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම…

(0)Comments | November 12, 2015 10:02 am

පකිස්ථානු වානිජ ඇමති අගමැති හමුවෙයි

පකිස්ථානු වානිජ අමාත්‍ය කුරාම් ඩස්ට්ගිර් ඛාන් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අතර එහිදී අලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. මෙහිදී වානිජ ඇමතිවරයා කියා සිටියේ දෙරට අතර නව වෙළෙඳ අවස්ථා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවයි. දැනට පවතින වෙළෙඳ රටාව විවිධාංගීකරණය කරමින් සම්ප්‍රදායික නොවන වෙළෙඳ භාණ්ඩ ආනයනය හා අපනයනය කෙරෙහි දෙරටෙහි අවධානය…

(0)Comments | November 12, 2015 6:00 am

ජෝන් කීල්ස් කොටස් බලපත්‍රයේ ඉරණම් දවස අදයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිකුත් කර තිබූ 2015 කොටස් බලපත්‍රය (2015 Warrants – JKH.W0022) අද දින සිට අහෝසි වනු ඇත. මේ වන විට 2015 කොටස් බලපත්‍ර හිමි යම් අයෙක් වේ නම්, ඒ සඳහා එක් බලපත්‍රයකට රු. 161.87 බැගින් ගෙවා ඒවා සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් බවට පරිවර්තනය කළ යුතුවේ. 2015 කොටස් බලපත්‍ර 50,281,136 ක්…

(0)Comments | November 12, 2015 4:18 am

Video Story

Stock Market

Exchange Rates