හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයොජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) හා ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 53.91 ක් සපයනු ලබන බව රජය නිවේදනය කර සිටී. මෙම වැඩසටහන ප්‍රධාන කොටස් 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ධාරිතාව වැඩි කිරීම ඒ යටතේ ක්‍රියාත්මක එක් ප්‍රධාන ව්‍යාපෘතියකි.
සංවර්ධිත රාජ්‍යයන්ගෙන් සමන්විත G-20 සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු හා දැනට එහි සභාපතිත්වය දරන තුර්කිය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය අදහස් කර තිබේ. දෙරට අතර ද්විපාර්ශවික සබඳතාව මූල්‍යමය සහයෝගීතාව මඟින් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා තුර්කියේ අපනයන ණය බැංකුව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී තිබේ. මෙම අවබෝධතා ගිවිසුම…
අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) නෙඑම් පොකුණ රගහලේ දී පැවැත්විණි. මෙහිදී එක් එක් වසර සඳහා විශේෂ සම්මාන 6 බැගින් පිරිනැමුණු අතර ඊට අමතරව එක් එක් අපනයන කාණ්ඩයේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන පිරිනැමුණි. ප්‍රදානය කරන ලද විශේෂ…
කොළඹ කොටස් වෙළෙඳපොළ ජාත්‍යන්තර මිල දර්ශකයක් වන S&P Sri Lanka 20 දර්ශකයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. මේ අනුව S&P Sri Lanka 20 දර්ශකය ගණනය සඳහා සලකා බලන සමාගම් 20 අතුරින් කාසන්ස් සමූහයට අයත් කාසන්ස් කම්බර්බැච් පීඑල්සී, බුකිට් ඩාරා පීඑල්සී හා ලයන් බෘෘවරි යන සමාගම් ත්‍රිත්වය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තවදුරටත් ඒ සඳහා සුදුසුකම් නොලබන…
මෙරට අපනයන ආර්ථීකය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් වෙත, පසුගිය දා පැවති ජනාධිපති අපනයන සම්මාන උළලේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති අපනයන සම්මාන 08 ක් පුද කරන ලදී. මේ අනුව, 2012 සහ 2013 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරු සම්මානය මෙම උත්සවයේදී බ්‍රැන්ඩික්ස් වෙත හිමිවූ අතර…
ඩීසල් වාහනවල දුම් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් නිසා පසුගිය කාලයේ දී වොක්ස්වැගන් ආයතනය විශාල වශයෙන් පරිපාලනමය ගැටළුවලට මුහුණ පෑ බවත් එම නිසා ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ කටයුතු ද මේ වන විට ප්‍රමාද වී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ…
රුපියල් මිලියන 750 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දිනයේ (16) දී විවෘත කරනු ලැබූ පීපල්ස් ඉන්ෂුවරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුවට ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබේ. රු. 15.00 බැගින් කොටස් මිලියන 50 ක් මෙහිදී නිකුත් කරනු ලැබීය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ…
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් ශ්‍රී ලංකා සංචරණයට අයත් ආයතන, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය සහ එක්ව ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන දෙසැම්බර් මාසයේ නත්තල් මිහිර විදගැනීමට දෙසැම්බර් 19 ‐ 23 වන දින වල ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි Tourism Fest with the Spirit of Christmas යන නමින් “සංචාරක සැණකෙළිය“ සංවිධානය…
අපනයනයට යොමු නොවූ ව්‍යාපාරිකයින් 100 දෙනෙකු තෝරා ගෙන ඔවුන් අපනයන තලයට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ සභාපති සාරද ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සාරද ද සිල්වා මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනැගීමට සූදානම් වන අන්තර් ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) 2016 වසරේ මුල් කාර්තුව අවසානයේදී එළිදැක්වීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය…
Video Story