කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකයේ වෙනස්වීම්වලට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 1.7% දක්වා ඉහළ ගොස් තිබේ. සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය -0.3% ක වාර්තාගත අගයකට පහළ බැස තිබූ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පවසන්නේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 0.7% මට්ටමේ තවදුරටත් රැඳී තිබෙන බවයි. මෙලෙස ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ඉහළ යාමට බල පෑ හේතූන් ලෙස…
අද වන විට මෙරට ප්‍රධාන නගරයකට තිබෙන්නේ කොළඹ පමණක් බවත්, සෙසු නගර තිබෙන්නේ අඟුටුමිට්ටන් ගේ තත්ත්වයේ බවත් මහා නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දින පැවති ලෝක නගර දින සැලසුම් සමාප්ති උළෙල ට එක්වෙමිනි. ලෝක නගර දින සැලසුම් සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ…
පසුගිය කාලයේදී බොහෝ චෝදනාවන්ට ලක්වූ අතීතයට බලපැවැත්වෙන පරිදි පනවා තිබෙන සුපිරි වාසි බද්ද (Super gain tax) අයකර ගැනීම අද සිට ආරම්භ කළ බවත් මෙම සමාගම් වලට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම බද්ද ගෙවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු අප සමග සඳහන් කළේය. සුපිරි වාසි බද්ද (Super gain tax) අයකර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය පසුගියදා…
ඕෂන් මුරුසි ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගැනීමට, ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කටයුතු කර තිබේ. ඕෂන් මුරුසි ලිමිටඩ් යනු මීට ඉහත දී ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා විසින් මිල දී ගත් ඕෂන් ඉන්දියා සමාගමේ මව් සමාගමයි. ඉන්දියාවේ විශාකාපට්නම් හි පිටිහි ඕෂන් ඉන්දියා සමාගම, ආසියාවේ විශාලතම පෙහෙකම්හල්වලින් එකකි. මෙහිදී ඕෂන් මුරුසි ලිමිටඩ් හි කොටස් මිලියන 35.63 ක…
චීනයේ මෙතෙක් ක්‍රියාත්මක කෙරෙන ලද, ‘එක පවුලට – එක ළමයෙක්‘ පවුල් සැලසුම් ප්‍රතිපත්තිය ඉදිරියේ දී ලිහිල් කිරීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ. මේ අනුව එක් යුවළකට ළමයින් දෙදෙනෙකු දක්වා, පෙර කී පවුල් සැලසුම් සීමාවන් ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.
මෝටර් රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ සීමාව අදාළ මෝටර් රථයේ වටිනාකමින් 90% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. මේ බව ලීසිං හා කල්බදු පහසුකම් සපයන බැංකු හා මූල්‍ය ආයතන වෙත නිල වශයෙන් දැනුම් දීමට, ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී පියවර ගැනීමට නියමිතය. මීට පෙර රථවාහන සඳහා 100%…
කොළඹ කොටස් වෙළෙඳපොළ හා ස්විස් ඒෂියන් වාණිජ මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද ආයෝජක සමුළුවක් ඊයේ (ඔක්තෝබර් 28) ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවර දී පැවැත්විණි. ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා‘ තේමාව යටතේ පැවති මෙම හමුව සඳහා ස්විස්ටර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක ආයෝජකයෝ රැසක් සහභාගී වී සිටියහ. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, “ශ්‍රී ලංකාව ආයෝජන…
හම්බන්තොට බරුතන්කන්ද ග්‍රාමයේ ක්‍රියාත්මක, මෙගාවොට් 10 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සාගා සෝලර් පවර් (පුද්) සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘතියක් වන අතර එම සමාගමේ 50.10% ක කොටස් අයිතිය මේ අනුව බ්‍රවුන්ස් කැපිටල් විසින් අත්පත් කර ගෙන ඇත. මේ සඳහා බ්‍රවුන්ස් කැපිටල්…
ඔස්ට්‍රියා ගුවන් ස්වයට අයත් බෝයිංග් 767 ගුවන් යානායක් අද දිනයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මේ පිළිබඳව අද දෙරණ BIZ කළ විමසීමක දී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී. නිමල්සිරි මහතා මෙසේ කියා සිටියේය. “ඔස්ට්‍රියා ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා ප්‍රමාණයේ මදකමත්, වියානා නුවර සිට කොළඹ දක්වා සෘජුව ගමන්…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතී. ඊයේ දිනය (ඔක්තෝබර් 27) වන විට ලෝක බොරතෙල් මිල තීරණය කිරීමෙහිලා සැලකෙන ප්‍රධාන මිණුම් ලෙසින් දැක්වෙන West Texas Intermediate බොරතෙල් බැරලයක මිල ඩොලර් 43.20 ක් ලෙසින් වාර්තා වූ අතර, Brent බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඩොලර් 46.81 ක් වශයෙනි. මෙම මිල මට්ටම් පසුගිය මාස දෙකක කාලය…
Video Story