Top News

ධම්මිකගේ වැලිබල්, තරු පහේ හෝටලයක් වෙනුවෙන් රුපියල් බිලියන 8.4 ක් ආයෝජනය කරයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා නායකත්වය දරන වැලිබල් වන් පී.එල්.සී. සමූහය ඩොලර් මිලියන 60 ක මුදලක් සුඛෝපභෝගී වෙරළ හෝටලයක් ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමට සූදානම් වේ. කාමර 382 කින් සමන්විත තරු පහ පන්තියේ මෙම වෙරළ හෝටලය මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ ඉදිවන අතර මේ වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නේ වැලිබල් වන් සමාගමට අයත් Greener Water Ltd විසිනි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්…

(0)Comments | October 21, 2015 10:58 am

Finlays ශ්‍රී ලංකා, ලයිස්තුගත කිරීම ඉවත් කරගැනීමට සූදානම්. කොටසකට රුපියල් 302 ක්

තේ අපනයනයේ යෙදෙන ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සාමාන්‍ය කොටස් ලයිස්තුගත කිරීමෙන් ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරයි. සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම කොටසක් රුපියල් 302 ක් බැගින් කොටස් හිමියන්ගෙන් මිලදීගැනීමට ලන්ඩනයේ James Finlay Ltd. of Swire House සූදානම් බවයි. මෙම කොටසක්…

(0)Comments | October 21, 2015 10:04 am

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 කට වඩා එකවර මුදලක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා ලබන වසර සඳහා හිමිවිය යුතු රුපියල් ලක්ෂ 100 ක විමධ්‍යගත අරමුදල් සහ 2015 විමධ්‍යගත අරමුදල් එකතුකර එකවර ලක්ෂ 100 ඉක්මවන මුදලක් ඉදිරියේදී ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. තමන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා සංවර්ධන කටයුතු කරගෙන යාමට නොහැකිවී ඇතැයි මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී සඳහන්…

(0)Comments | October 21, 2015 7:06 am

බිලියන 400 ක් අළුතින් ණය ගන්න පාර්ලිමේන්තු අනුමැතිය

භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම මගින් දේශීය වෙළඳ පොළින් රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සම්මත වීමත් සමග භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි උපරිම ණය සීමාව වූ රුපියල් බිලියන 850 ක ප්‍රමාණය රුපියල්…

(0)Comments | October 20, 2015 1:28 pm

බස්රථ 2000 ක සවිකළ GPS උපකරණ හාන්සියි. වියදම මිලියන 100 ක්

පසුගිය රජය සමයේදී ජාතික ගමනාගමන කොමිසම (NTC) විසින් රුපියල් මිලියන 100 කට වැඩි වියදමින් බස්රථ 2000 ක සවිකර තිබෙන ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම නතරවීම නිසා මේ වනවිට ඒවා අක්‍රීය වී ඇතැයි අප වෙත අනාවරණය වේ. මෙම ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම සිදුකළ සමාගමට රජය විසින් නඩත්තු කිරීම සඳහා කරන ගෙවීම් නතර කිරීම මෙම තත්ත්වයට…

(0)Comments | October 20, 2015 6:50 am

මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ඔක්තෝම්බර් මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | October 20, 2015 5:34 am

සුප්‍රකට බොෂ් සමාගමේ කාර්යාලයක් කොළඹට

ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සමාගමක් වන බොෂ් ශ‍්‍රී ලංකාවේ සිය ප‍්‍රථම කාර්යාලය අද විවෘත කළේය. මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජර්ගන් මෝහාර්ඞ් මහතා සහ බොෂ් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක සහ බොෂ් සමූහයේ ඉන්දියානු සභාපති ස්ටෙෆන් බර්න්ස් මහතා සහභාගී විය. මෙම පසුබිම යටතේ රොබර්ට් බොෂ් ලංකා සමාගම මුල් අදියරේදී ඔටෝමොටිව් ආෆ්ටර්මාර්කට්, ආරක්ෂිත පද්ධති, තර්මෝතාක්ෂණ…

(0)Comments | October 19, 2015 11:14 am

වරායේ නව සභාපති ධම්මික රණතුංග

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කර ඇති වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකු වන ධම්මික රණතුංග මහතා වරාය සභාපති ධූරයට පත්කර ඇතැයි වාර්තාවේ. ධම්මික රණතුංග මහතා පසුගියදා මෙම තනතුරේ වැඩ භාරගත් බව සඳහන්ය.

(0)Comments | October 19, 2015 5:20 am

නෙස්ලේ ලංකා සභාපති පුටුවට අළුත් කෙනෙක්

නෙස්ලේ ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Etienne Benet මහතා වෙනුවට සමාගමේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් නාරායනන් මහතා පත්කර තිබේ. Etienne Benet මහතා නෙස්ලේ ලංකා සමාගමේ ස්විට්සර්ලන්ත මූලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා යළිත් අනුයුක්ත කර ඇත. නාරයනන් මහතා මේ වනවිට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. සුරේෂ් නාරායනන් මහතා පිළිබඳ සවිස්තරාත්මක සටහනක් මෙන්න!

(0)Comments | October 16, 2015 12:15 pm

වටරවුම් මාර්ගයේ පිරිවැය අඩුකිරීමට රජය කළ යෝජනා චීන සමාගම පිළි නොගනී

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව රජය සඳහන්යි. මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි දිග අඩුකිරීම,…

(0)Comments | October 16, 2015 9:07 am

Video Story

Stock Market

Exchange Rates