මෙරට විවිධ ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් සංචාරකයින්ට ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ රජයේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මේ සඳහා ඉදිරියේදී ගුවන් යානා කිහිපයක් ලබාගැනීමට සිදුවන බවයි. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ විසින් වසරකට මගීන් මිලියන 15 ක්…
එක්සත් රාජධානියෙහි ‘ද බෑන්කර්’සඟරාව විසින් වාර්ෂිකව එළි දක්වන වර්ගීකරණයට අනුව අඛණ්ඩව නැවත වරක් ලොව බැංකු 1000 අතරට පිට පිටම පස්වන වතාවටත් පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. මෙම වර්ගීකරණය සඳහා බැංකුව විසින් 2014 වසරේදී පෙන්වූ ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක යොදාගෙන තිබෙනඅතර ගිය වසරේ වර්ගීකරණයට වඩා ස්ථාන 39 ක් ඉදිරියට පැමිණීමට මෙවර කොමර්ෂල් බැංකුව සමත්ව තිබීම කැපීපෙනෙන…
සීෂෙල්ස් රාජ්‍යයේ කුඩා ව්‍යවසාය ප්‍රවර්ධන ඒජන්සියේ (Small Enterprise Promotion Agency) ප්‍රධාන විධායක නිළධාරීනී, පෙනී සී. බෙල්මොන්ට් (Penny C. Belmont) මහත්මිය සඳහන් කරන්නේ එරට තුළ ශ්‍රී ලාංකිකයින්ට දැවැන්ත ව්‍යාපාරික අවස්ථාවක් තිබෙන බවයි. අප ඇය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කුලී පදනම මත ටග් යාත්‍රා දෙකක් ලබාගැනීමට සූදානම් වේ. මේ අනුව, මෙම ටග් යාත්‍රා දෙක ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යෝජනා කැඳවීමට සැරසෙන අතර එහිදී සාර්ථක යෝජනාවන් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ වරායට පැමිණෙන විශාල නෞකාවන් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මෙම ටග් යාත්‍රා ලබාගන්නා බව රජය…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 215 ක අති දැවැන්ත ණය මුදලක් ගෙවිය යුතුව තිබෙන බව අනාවරණය වේ. මෙම ණය මුදලට සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගෙන තිබෙන ණයද ඇතුළත් වනබව රජය සඳහන් කරයි. හම්බන්තොට වරාය ඉදිකිරීම, කොළඹ දකුණු වරාය ගොඩනැගීම සහ බහාලුම් පර්යන්ත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය කාලයේදී විශාල වශයෙන් ණය ලබාගන්නා ලදී….
සීෂෙල්ස් රාජ්‍යයේ ජනගහනය 90,000 ක් තරම් අඩු ප්‍රමාණයක් වුවත් එරටට පැමිණෙන සංචාරකයින් ජනගහනයට වඩා කිහිප ගුණයක් වැඩි නිසා එරට සමග ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමෙන් ලංකාවට වැඩි වාසියක් අත්කර ගත හැකිබව එරට රජයේ උසස් නිළධාරිනියක් සඳහන් කරයි. සීෂෙල්ස් රාජ්‍යයේ කුඩා ව්‍යවසාය ප්‍රවර්ධන ඒජන්සියේ (Small Enterprise Promotion Agency) ප්‍රධාන විධායක නිළධාරීනී, පෙනී සී. බෙල්මොන්ට් (Penny C. Belmont)…
ඩිල්මා තේ සන්නාමය ගොඩනැගීමේ සමාරම්භකයා වන එම්.ජේ.එෆ්. හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමේ සභාපති මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා කහවත්ත ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත. මීට අමතරව, කහවත්ත ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. සමාගමේ උප සභාපතිවරයා ලෙස මාලිංග හර්මන් ගුණරත්න මහතා පත්කර තිබේ. ඩිල්මා යනු ජාත්‍යන්තරව ප්‍රචලිත ශ්‍රී ලාංකේය තේ සන්නාමයකි.
ප්‍රසිද්ධ “Sony Six” ක්‍රීඩා නාලිකාව අයත් MSM India සමාගමට එළඹෙන ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගාවලියේ වාණිජ අයිතීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමා තිබේ. මේ අනුව, මෙම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතදී රූපවාහිනීය, ගුවන් විදුලිය සහ අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීමේ අයිතිය හිමිවන්නේ MSM India සමාගමටයි. මීට අමතරව, ඉන්දියානු ටෙස්ට් තරගාවලියේ අනුග්‍රාහකත්ව අයිතියද මෙම සමාගමට පිරිනමා තිබේ….
ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විධායක නිළධාරියෙකු වන ක්‍රිෂාන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. මහ බැංකුව පවසන්නේ මෙම පත්කිරීම ජුනි 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන බවයි. මෙරට තේ කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන පෙරේරා මහතා Forbes and Walker සමූහයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සියලු ගනුදෙනු කටයුතු හා CDS ක්‍රියාකාරකම් සහිතව ආපදා ප්‍රතිසාධන සැලැස්මක් ඉතාම සාර්ථකව පසුගියදා අත්හදා බලා තිබේ. ගනුදෙනු කටයුතු හා පසු ගනුදෙනු කටයුතු ආදී සියල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ පරිශ්‍රයෙන් බාහිර ස්ථානයකදී සාර්ථක ලෙස ක්‍රියාකරවීම සිදුවිය. මෙහි සාර්ථකත්වය තුළින් කියාපානුයේ ඕනෑම අවදානම් සහගත අවස්ථාවකදී ව්‍යාපාරික අඛණ්ඩතාව…
Video Story