Top News

රක්ෂණයේ විප්ලවීය පියවරක් : මෝටර් වාහන අනතුරු හේතුවෙන් තුන්වන පාර්ශවයන්ට සිදුවන මරණ හෝ ස්ථිර අබලතා සඳහා වන්දි ලබාගත හැකි විකල්ප ක්‍රමවේදය මෙන්න

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවනගේ සහයෝගීතාවය සහිතව මෝටර් වාහන අනතුරු හේතුවෙන් මරණයට හෝ ස්ථිර අබලතා තත්ත්වයකට භාජනය වන තුන්වන පාර්ශවීය වින්දිතයන්ට වන්දි ලබා ගත හැකි විකල්ප ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදී. වගකීම් භාර ගැනීමකින් තොරව වන්දි ලබාදීමේ මෙම නව්‍ය යෝජනා ක්‍රමය ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී…

(0)Comments | April 25, 2025 2:08 pm

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය. එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව,…

(0)Comments | April 25, 2025 10:59 am

ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට මුහුණ දිය යුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට උපදෙසක්

  • video

මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සහ ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා…

(0)Comments | April 25, 2025 12:25 am

IMF සිව්වෙනි සමාලෝචනයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය මෙම සතිය තුළ දී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හතරවන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ලඟාවීමට, මෙම සතිය ඇතුළත හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (24) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා…

(0)Comments | April 24, 2025 2:18 pm

ලෝක රන් මිලේ පසුබැස්මක්. හෙට්ටිවීදියේ මිලත් බසී

පසුගිය දින කිහිපය තුළ ගෝලීය රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වුවද ඊයේ (23) දිනයෙහි එහි පසුබැස්මක් වාර්තා වූ අතර අද (24) දිනයේ ද මේ දක්වා යම්කිසි පසුබෑමක් දක්නට ලැබේ. අද (24) වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,333.90 ක් දක්වා පහළට පැමිණ ඇති අතර එය පසුගිය 22 දා වන විට ඩොලර් 3,500…

(0)Comments | April 24, 2025 11:29 am

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනයට පලාත් මට්ටමෙන් දායකත්වය වැඩි කිරීම සදහා දකුණු පලාතෙන් නියමු ව්‍යාපෘතියක්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කරගත් විධිමත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පලාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. මෙම සාකච්ඡාවේ අරමුණ…

(0)Comments | April 24, 2025 10:46 am

බිල් පොලී අඩු වැඩි වෙයි

අද (23) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබෙන අතර දින 364 බිල්පත් පොලියෙහි පහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් පොලිය 7.59% සිට 7.62% ක් දක්වා සහ දින 182 බිල්පත් පොලිය 7.96% සිට 7.98% ක් දක්වා ඉහළ ගොස තිබේ. දින…

(0)Comments | April 23, 2025 4:45 pm

බැංකු පොලියට වදින රැඳවුම් බද්ද රඳවා නොගන්න කළ යුතු දේ මෙන්න

මහජනතාවගේ බැංකු තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අයකළ 5%ක රැඳවූම් බද්ද 10% දක්වා ඉහළ දැමීමට මෙවර අය වැයෙන් තීරණය කෙරුණි. නමුත් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 150,000 වඩා අඩු වන්නේ නම් එනම් එම පුද්ගලයාගේ වාර්ෂික තක්සේරු ආදායම ලක්ෂ 18 ඉක්මවා නොයන්නේනම්, එම පුද්ගලයාගෙන් මෙම 10%ක රැඳවුම් බද්ද අයකර ගැනීම සිදු නොවේ. තමන්ට එලෙස 10%ක රැඳවුම්…

(0)Comments | April 23, 2025 12:17 pm

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අඩු කිරීමට සහ මැදි කාලීන වර්ධනය ඉහළ නැංවීමට වැඩි උත්සාහයක් අවශ්‍යයි – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි. ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා මේ…

(0)Comments | April 23, 2025 12:15 pm

2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

2025 පළමු කාර්තුව තුල සේවා අපනයනය 10.88%කින් ඉහළට 2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 4,212.13 දක්වා ළඟා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.87% ක වර්ධනයකි. 2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන…

(0)Comments | April 23, 2025 12:00 pm