රුපියල් බිලියන 02 ක වියදමින් Chevron Lubricants Lanka PLC සමාගම විසින් සපුගස්කන්දේ පිහිටි LINDEL කර්මාන්ත උද්‍යානයේ ගොඩනැගූ අති නවීන ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව සහ ගබඩා සංකීර්ණය විවෘත කෙරේ. මෙම කර්මාන්ත ශාලාව අක්කර 41/2 ක ඉඩමක ඉදිකර තිබෙන අතර මෙය වර්ග මීටර් 5000 කි. ගබඩා සංකීර්ණයේ ලිහිසි තෙල් ලීටර් මිලියන 1.4 ක් ගබඩා කිරීමේ…
හේමාස් පවර් පී.එල්.සී. සමාගම තුළ හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම සතුව තිබෙන සියයට 75 ක සියළුම කොටස් අයිතිය රුපියල් බිලියන 1.68 කට NDB Capital, ACL Cables සහ Trydan Partners යන ව්‍යාපාරික හවුලට විකුණා දැමීමට හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම එළඹුණු ගිවිසුමට අනුව එම කොටස් විකිණීම අද උදෑසන සිදුකර තිබේ. මේ අනුව, මෙම ගනුදෙනුවේදී විකුණා දමන කොටස් ප්‍රමාණය මිලියන 93.9…
රුපියල් බිලියනයක් රැස්කර ගැනීම සඳහා සියපත ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගම විසින් සිදුකිරීමට යන ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසරය ලබාදෙයි. මෙම නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 05 ක් මුලින් නිකුත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් ණයකර මිලියන 05 ක් නිකුත් කිරීමට නියමිතය. මෙම නිකුතුව විවෘත…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඈත පෙරදිග ගමනාන්ත වෙත මෙහෙයුම් ව්‍යාප්ත කිරිමේ අරමුණින් ජපන් ගුවන් සමාගම (JAL) හා එක්ව දෙසැම්බර් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹෙන ලදී. මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවා හා එක්ව සංකේත හුවමාරු…
ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙස 2014 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. මේ අතර, 2015 පෙබරවාරි 01 වනදා සිට ටෝකියෝ සිමෙන්ති සමාගම එයට පූර්ණ අනුබද්ධ සමාගමක් වන Fuji Cement Company (Lanka) Limited සමග ඒකාබද්ධ කිරීමට නියමිතය.
මිලියන 50 කට අධික ජනගහනයක් සිටින ගිනිකොන දිග ආසියාතික රටක් වන මියන්මාරයේ බැංකු සේවා ආරම්භ කිරීමට කොමර්ෂල් බැංකුවට එරට මහ බැංකුවේ අවසරය හිමිවේ. මේ අනුව, ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් මියන්මාරයේ බැංකු සේවා ආරම්භ කිරීමට සූදානම් වන පළමු අවස්ථාව වන්නේ මෙයයි. කොමර්ෂල් බැංකුව විසින් මේ වනවිට බංග්ලාදේශයේ බැංකු සේවා ආරම්භ කර තිබෙන එහි ශාඛා 18 ක්…
මේ වනවිට රට තුළ පවතින අඩු පොලී අනුපාතය දිගු කාලීනව පවතිනු ඇති බවත් එය වැඩිවීමේ සාධක නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග සඳහන් කළේ පොලී අනුපාතය තවදුරටත් අඩුකිරීමේ හැකියාවක් තිබෙන බවයි. වර්තමානයේ උද්ධමනය ඉතාමත් පහළම අගයක් දක්වා අඩුවී තිබීම ඇතුළු ආර්ථික කරුණු පොලී අනුපාතය…
ආනයනික ලොකු ලූනූ කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 35ක බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇතිබව වෙළඳ අමාත්‍යංශය පවසයි. ඒ අනූව, ලොකු ලූනූ කිලෝවක් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ බද්දට අමතරව තවත් රුපියල් 15ක ආනයන බද්දක් එකතු වේ. පසුගියදා දඹුල්ලේ ලොකු ලූනූ ගොවීන් සිය අස්වනු විකුණාගත නොහැකිව විරෝධතා දැක්වූ අතර එහිදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා මැදිහත්…
වාණිජ බෝගයක් ලෙස උතුරු-නැගෙනහිර රබර් වගාකළ හැකියැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතිද මේ වනවිට ආරම්භ කර තිබේ. අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම වගාවන් ඉතාමත් සාර්ථක බවයි. මේ පිළිබඳව අචාර්ය ගාමිණී කරුණාරත්න මහතා සමග අද දෙරණ 24×7…
Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරගය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරගකරුවන් 317ක් අතුරින් අවසන් තරගකරුවන් 09 දෙනා අතරට තේරී පත්වීමට විමුක්ති ලියනගේ සහ ෂමීර වීරංසිහ යන තරුණයින් දෙදෙනාගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු…
Video Story